• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මාමාගේ වෙනස සහ බෑනාගේ වෙනස! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 1, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

1982 ජේ.ආර්.ගේ දේශපාලන ජීවිතයේ පීක් එක නොහොත් උච්චම අවස්ථාවය. 1982 ජනාධිපතිවරණය ජේ.ආර්. දින්නේ ලංකාවේ ජනප්‍රියතම නායකයා ලෙසය. ඔහු කොයි තරම් ජනප්‍රිය වී සිටියාද කියනවා නම් ජේ.ආර්.ගේ රුව සහිත පින්තූරයක සිගරැට්ටුවකින් ජේ.ආර්.ගේ නහය පිච්චුවා කියා මිනිහෙක්ව තවත් පිරිසක් පොලිසි අරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කොට තිබිණි. ඒ තරම් ආදරයක් මිනිස්සුන්ට ජේ.ආර්. ගැන තිබිණි. ජේ.ආර්. ජනාධිපතිවරණය දිනා මහ ඡන්දයකට යන්න බයවුණේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුම හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව 1983 මහ ඡන්දය තිබ්බොත් යූ.ඇන්.පී.යට හිමි හයෙන් පහක බලය නැතිවී විපක්ෂය වූ ශ්‍රීලනිපයට විශාල ආසන ගණනක් ලැබෙයි කියාය. ඒ වෙලාවේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයට විපක්ෂ නායකකමවත් හිමිවී තිබුණේ නැත. ජේ.ආර්. ජයගන්නා විට ශ්‍රීලනිපය දෙකට තුනට කැඩී තිබිණි. ශ්‍රීලනිපයේ බලය අල්ලාගෙන සිටියේ විජය – චන්ද්‍රිකා සහ කොමියුනිස්ට් පක්ෂයය. ඊට එරෙහිව පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය සහ පුත් අනුර බණ්ඩාරනායකත් දකුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලත් ජේ.ආර්.ට දිනන්න යටින් උදව් කළහ. ජේ.ආර්. දින්නාට පසු පවත්වන මහ ඡන්දයකදී විජය සහ චන්ද්‍රිකා පක්ෂයේ බලය අල්ලාගෙන තමන්ගේ හිතවතුන්ට අපේක්ෂකකම් දී ඔවුන් පාර්ලිමේන්තුවට යවා විපක්ෂ නායක ධුරයත් ඩැහැගනු ඇතැයි මැතිනිය, අනුර සහ රාජපක්ෂ පවුල බය විය. අනුර හොඳටම බය වුණේ තමාට මන්ත්‍රීකමත් නැතිවෙයි කියාය. තමාට පක්ෂ නායකත්වය නැතිවේ යැයි මැතිනිය බය වූවාය. Sri Lanka Latest News

විජය-චන්ද්‍රිකා කොමියුනිස්ට් පක්ෂ කල්ලියේ නැක්සලයිට්කාරයන් පාර්ලිමේන්තුවට රිංගා රට ලේ විලක් කරයි කියා ජේ.ආර්. සහ යූ.ඇන්.පී.ය කතාවක් ගෙතුවේ මැතිනිය සහ අනුරගේ ආශීර්වාදය මැදය. මහ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වන්න ජේ.ආර්. සහ මැතිනිය – අනුර කල්ලියේ රහස් එකඟතාවක් තිබිණි. ජේ.ආර්. කිව්වේ ජනමත විචාරණය පවත්වන්නේ පාර්ලිමේන්තුවත් ශ්‍රීලනිපයත් නැක්සලයිට්කාරයන්ගෙන් බේරාගන්න කියාය. ඒකට කිව්වේ ලාම්පු – කළගෙඩි සෙල්ලම කියාය. ශ්‍රීලනිපයේ හිටපු නියෝජ්‍ය නායක සහ ශ්‍රීලනිප – සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය අගමැති මෛත්‍රීපාල සේනානායකත් ජනමත විචාරණයට පක්ෂව ජේ.ආර්.ගේ වේදිකාවට නැග්ගේය. රාජපක්ෂ පවුලත් ප්‍රසිද්ධියේ ජනමත විචාරණයට පක්ෂ විය. ඒ විදියට ශ්‍රීලනිප හයිය නොලැබෙන්න ජේ.ආර්.ට තවදුරටත් ජනමත විචාරණයක් පවත්වන්න ලැබෙන්නේ නැත. ඒ වගේම ජේ.ආර්. 1982 ජනාධිපතිවරණය දිනලා ඒ ජයග්‍රහණය පෙන්නා ජනමත විචාරණයකට ගියේ මට ඡන්දය දුන්නා වගේ මට වැඩකරන්න මේ පාර්ලිමේන්තුව දෙන්න කියාය. අනෙක ජනමත විචාරණයේදී ආසන පරාජය වූ සෑම මන්ත්‍රීවරයකුටම අතුරු මැතිවරණයකට මුහුණ දී ජයගෙන එන්න යැයි ජේ.ආර්. නියෝග කළේය. ජනමත විචාරණයේදී මැතිනිය තවදුරටත් බණ්ඩාරනායකලා පරාජය නොවන අත්තනගල්ල පරාජය වූයේ ඇයට ජනමත විචාරණය පරද්දන්න ලොකු ඕනෑකමක් නොතිබුණු නිසාය.

මේ, ජේ.ආර්. ජනමත විචාරණය තිබ්බ හැටිය. ජේ.ආර්.ගේ බෑණා වූ රනිල් අද ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය දික්කරන්න ජනමත විචාරණයක් තියන්න මුට්ටි දමා බලන්නේ පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගන්න බැරිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපති වෙලාය. ජේ.ආර්. ජනමත විචාරණයකට ගියේ ඡන්ද දිනලා ලංකාවේ ජනප්‍රියතම නායකයා ලෙස විපක්ෂයේත් සහාය හොරාට අරගෙනය.

අද රනිල් ජනමත විචාරණ ගැන කතා කරන්නේ පක්ෂයට එක ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් තියාගෙනය.

රනිල් හැම විටම උත්සාහ ගන්නේ තමන් ජේආර්. බව පෙන්වන්නටය. ජේ.ආර්. ඡන්දවලට බයවුණු නායකයෙක් නොවේ. ඔහු ඡන්ද පිට ඡන්ද තියපු නායකයෙකි. 1983 මහ මැතිවරණයකට ගියා නම් ඔහුගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය ආසන බහුතරය ලැබෙන බව ඔහු දැන සිටියේය. ජනාධිපතිවරණයේදී 52.91%ක් ගත් ඔහුට තුනෙන් දෙකක බලයක් වුවද ගත හැකි බව ඔහු දැන සිටියේය. ඒත් එය ලැබේ යැයි ඔහුට සහතිකයක් නොවීය. ඔහු ජනමත විචාරණයකට ගියේ ඒ අවදානම ගන්න බයේය.

රනිල් තමා ජේ.ආර්. වගේ යැයි පෙන්වන්න හැදුවට අද රනිල් ඉන්නේ ඩී.බී. විජේතුංගවත් හිටපු තැන නොවේ. ඩී.බී. ජනාධිපති වුණේ 1989 මහ ඡන්දයට තරග කොට නුවරින් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුවය. අනෙක ඔහු ජනාධිපති වූයේ ඔහුත් සමග 1989 මහ මැතිවරණයට එකම පක්ෂයකින් මුහුණ දී ආසන 125ක් ගත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්ය. රනිල් ජනාධිපති වෙලා ඉන්නේ අනුන්ගේ පක්ෂයක අනුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්ය.

රනිල්ට ජේ.ආර්. තියා ඩී.බී. වෙන්නවත් බැහැ යැයි කියන්නේ ඒ නිසාය. ඒත් රනිල්වත් රනිල්ගේ යූ.ඇන්.පී.යවත් එහෙම හිතන්නේ නැත. ඔවුන් හිතන්නේ 1977 මහ ඡන්දය දිනා ජේ.ආර්. ජනාධිපති වූවා සේ රනිල් ජනාධිපති වී යූ.ඇන්.පී. ආණ්ඩුවක් කරනවාය කියාය. රනිල්ට වරදින තැන් දෙක තමන් ජේ.ආර්. යැයි හිතාගෙන වැඩකිරීම සහ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් යූ.ඇන්.පී. පක්ෂ ව්‍යවස්ථාවත් දෙකම එකක් යැයි හිතාගෙන වැඩකිරීමය.

රනිල් හිතන්නේ කලින් කලට යූ.ඇන්.පී. ව්‍යවස්ථාව සංශෝධනය කොට පක්ෂ නායකත්වය ආරක්ෂා කරගත්තා සේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙට්ටු දමා ගොස් ජනාධිපතිකම සදහටම ආරක්ෂා කරගන්න පුළුවන් කියාය.

යූ.ඇන්.පී. නායකයා වෙන්න මහජන ඡන්දයක් අවශ්‍ය නැත. තමාට හිතවත් පිරිසක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දමා ගත්තාම මැරෙන තෙක් යූ.ඇන්.පී. නායකත්වයේ ඉන්න පුළුවන. ඔවුන් තමන්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන නායකයා රැකගන්න අත් දෙකම ඔසවයි.

ජනාධිපතිකම එසේ නොවේ. ජනාධිපතිකම ගන්න ලංකාවේ වලංගු ඡන්දවලින් 50%ක් ලබාගත යුතුය. ඒ 50% යූ.ඇන්.පී.යේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් නොවේ. ඔවුන් දිනාගැනීම ලෙහෙසි පහසු නැත.

ඉතින් රනිල් හිතන්නේ ඒ වැඩේ අතහැර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සේ පාවිච්චි කොට ජනාධිපති ධුරය තව වසර දෙකකටවත් දික්කර ගන්න පුළුවන්ද කියාය. මේ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති බවත්, ජනාධිපතිගේ කාලය දික්කර ගන්න ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැති බවත් ඔහු දනී. පාර්ලිමේන්තු කාලය දික්කර ගන්න නම් ප්‍රතිපාදන ඇත. ඒ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක්ය. මේ වෙලාවේ ජනමත විචාරණයක් තිබ්බොත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු, සුළු ජාතික පක්ෂ යන සියල්ල ජනමත විචාරණයට එරෙහි වෙයි. නාමල් රාජපක්ෂගේ ප්‍රකාශයෙන් තේරෙන්නේ පොහොට්ටුවත් එරෙහි වන බවය. ඒ කියන්නේ ජනමත විචාරණයක් තියන්න කිසිම ඉඩක් නැත. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නත් බැරිය.

‘එහෙනම් ඇයි රනිල් රංගෙ ලවා මෙහෙම මුට්ටි දම්මන්නේ…?’

රනිල් ජනාධිපති වූ දින සිට බලය තියාගත්තේ මෙන්න මෙහෙම නිවුස් ප්ලාන්ට් කරලාය.

‘රනිල්ට වාසි ජනාධිපතිවරණයක් නිසා හදිසි ජනාධිපතිවරණයක්….’

‘රනිල් හදිසි මහ මැතිවරණයකට යන ලකුණු..,’

‘රනිල් සමග ජන බලවේගය දෙකඩ කරයි..’

‘සුළු ජාතික පක්ෂ නායකයන් රනිල්ට එක්වෙයි…’

‘පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු 70ක් රනිල්ට…’

‘සමගි ජන බලවේගයෙන් 25ක් රනිල්ට…’

අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ වගේ බයිලා කිය කියා සිට මේ එකක්වත් නොවූ නිසා දැන් ජනාධිපතිවරණය කට ළඟට ඇවිත් බෙල්ල මුලටම හිරවෙලා තියෙන නිසා වසර දෙකක් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය දික් කරගන්න බයිලාව ගහලා මේ ඉතිරි මාස දෙක තුන බලය තියාගන්න ක්‍රමයක් ඔහු හොයනවා විය යුතුය.

හැබැයි ලක්ෂ 100ක් ඡන්ද අරන් රනිල් ජනාධිපති වෙනවා කියා ඔහුගේ පක්ෂ සභාපති කිව්ව කතාව අමතක වී ඡන්ද කල්දමලා කාලය දික්කර ගන්න කතාව ලේකම් ලව්වා කියා ගත්තාම වැඩේ නෝන්ඩි බව ඔහුටම නොතේරෙන තරමටම ඔහුට දැන් ප්ලාන්ට් කරගන්න හදන්න කතාත් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාස්කු මතක අස්සේ තාමත් මියයන අපේ රටේ නෑදෑයෝ ! Sri Lanka Latest News

Next Post

තාඹුගලගෙන් කෝටි 30ක කප්පම් ඉල්ලපු CID ලොක්කෝ දෙන්නාගේ නම්ගම් එළියට එයි! මෙන්න තාඹුගලගේ නීතීඥවරු නම් දෙක හෙළිදරව් කරපු හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

විවිධ ගස් වර්ග වගාකිරීම සඳහා ආයෝජනය කරන ලෙස යම් යම් සමාගම් සහ ආයතන විසින් කරනු ලබන යෝජනා සම්පූර්ණයෙන්ම නීති විරෝධී...

Read more
කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.