• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු මතක අස්සේ තාමත් මියයන අපේ රටේ නෑදෑයෝ ! Sri Lanka Latest News

June 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 අවුරුද්දේ. තාමත් පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද, ඒක වුණේ කොහොමද කියලා හිතාගන්න බැරුව අපි අන්දභූත ජාතක කතාවේ වගේ පිස්සු නටනවා. ඇත්ත වශයෙන්ම මේක හොයාගන්න අවශ්‍ය නම් හොයාගෙන මේ වෙනකොට අවුරුදු ගානක් වුණාට, තාමත් කිසිම ක්‍රමවේදයක් යටතේ මේ ගැන නිසි පරීක්ෂණයක් සිදුවෙලා නෑ කියලයි ලියුම්කරුට හිතෙන්නේ. වැරැදිකරුවන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, සැකකරුවන් සොයමින් වෙහෙසෙන මේ පාස්කු ප්‍රහාර කතන්දරේ අලුත් මතක් කිරීමක් පහුගිය සතියේ ඔබට කියන්න සිදුවුණා. 2019 අප්‍රේල් 21 වැනිදා සිට 2024 අප්‍රේල් 21 දක්වා පිරුණු අවුරුදු පහේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය පිළිබඳ විවිධාකාරයේ ප්‍රවෘත්ති විවිධාකාරයේ කතන්දර මතුවෙමින් තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධාකාරයේ නාට්‍ය රඟදක්වමින් තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව කොමිෂන් පත්කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෑහෙන පරීක්ෂණ තිබුණා. නමුත් පාස්කු ප්‍රහාරය කාට කාටත් අමතක වෙලා තියෙන වෙලාවකයි අපිට මේ වෙලාවේ මේ මතක් කිරීම ආයෙත් ලැබෙන්නේ. (Sri Lanka Latest News)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය තවමත් නිමාවෙලා නෑ කිව්වම ඔබට සමහර විට පුදුම හිතෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ගණන 359ක් බවයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැරැණි ගණන් හිලව් අනුව අපට දැනගන්න ලැබුණේ. දිවයින පුරා ස්ථාන 8ක සිදුවුණු බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් 38 දෙනෙක් ඇතුළුව 359 දෙනෙක් මියගියා. 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවයි දැනගන්න ලැබුණේ. ඉන් 375 දෙනෙක් වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියා. සමහර අය විවිධාකාරයෙන් ප්‍රතිකාර ලබලා පිටවෙලා ගියත් සමහර අය ප්‍රතිකාර ලබමින්ම ජීවත් වෙන්න සිදුවුණා. එහෙම හිටපු කෙනෙක්ගේ කතාව තමයි තිළිණි හර්ෂණීගේ කතාව. තිළිණි හර්ෂණී කියලා කියන්නේ තිදරු මවක්. ඈ ඇගේ සුන්දර ජීවිතය 2019 අප්‍රේල් 21 වැනිදා නිමා කළා. ඈ දරුවොත් එක්ක ඉතා සතුටින් ජීවත් වුණු සුරූපී කාන්තාවක්. ඈ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු දේව මෙහෙය සඳහා සහභාගි වෙනවා. එහෙම සහභාගි වෙන ඇයට පළමුවෙන්ම අහිමි වෙන්නේ ඇගේ එක පුතෙක්. ඇගේ පුත්‍රයා එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂට පත්වුණා. එහෙම ජීවිතක්ෂයට පත්වුණු දරුවාගේ අම්මා වෙච්ච තිළිණි හර්ෂණීට මාරාන්තික තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් වසර 5ක් තිස්සේ ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරන්න සිදුවෙනවා. එහෙම දුක්ඛිත ජීවිතයක් ගතකරපු ඈ මේ වෙනකොට ජීවිතයෙන් සමුගෙන ගිහින්. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 29 වැනිදා හවස 3.30ට කටුවාපිටියේදී සිද්ධ කෙරුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය ගණන 359 වෙනුවට 360 දක්වා ඉහළ යනවා.

තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන්නවත්, පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන්නවත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරැදිකරුවන් අත්අඩංගුවට ගන්නවත් පරක්කු වෙන එක ගැන අපි ප්‍රශ්න කරලා වැඩක් නෑ කියලා දැන් අපිට තේරෙනවා. මෙම ප්‍රහාරයට අදාළව මාධ්‍යවේදීන් විදියට ඉතා දුෂ්කර මෙහෙයක් සිදුකරපු පත්තරකාරයෝ අපි. අපි පාස්කු දින ප්‍රහාරයෙන් දින කිහිපයක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේවල් හොයලා බලන්න කාත්තන්කුඩියට පවා පිටත්වෙලා ගියා. කටුවාපිටිය පල්ලියේ වගේම කොච්චිකඩේත් සිදුවෙච්ච බරපතළ අනතුරු බරපතළ ඛේදවාචක අපි ඇහින් දැක්කා. මෘත ශරීර ගණින මිනිස්සුන්ව අපි දැක්කා. මෘත ශරීර අස්සේ තමන්ගේ ආදරණීයයන් හොයන මිනිස්සු අපි දැක්කා. ආගම අදහන්න, දෙවියෝ වඳින්න ගිය අහිංසක මිනිස්සු ටික පරිස්සම් කරගන්න බැරිවෙච්ච වේදනාව අපිට තිබුණා. නමුත් අපි දන්නවා ඒ වේදනාව අපේ මහ උන්ට නැති වග. අපි දන්නවා මහ උන්ට ඒ ගැන රිදෙන්නේ නැති බව. අපි දන්නවා මහ උන් ඒ ගැන කලබල නොවන බව. පරීක්ෂණ කරන එක ගැන තවමත් තියෙන්නේ ඉතා විකාරරූපී චිත්‍රයක් අපේ හිත් ඇතුළේ. පිළිවෙළට පරීක්ෂණ කරලා අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්න ඕනෙ තරම් දක්ෂතා අපේ පොලිස් නිලධාරීන් ගාව තියෙන බව අපි දන්නවා.

මුත් අපිට නොතේරෙන්නේ ඇයි තවමත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කරලා, නිසි වැරැදිකරුවන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ කියන එක. මේක හරියට අපි මන්තරයක් කියනවා වගේ හැමදාම කියනවා. තිළිණි හර්ෂණී මේ වෙලාවේ ඔබට මතක් කළේ ඒ කතාව. මේ වැරැදිකරුවෝ තාමත් නිදැල්ලේ ඉන්නවා. මේකට අනුබල දීපු අය තාමත් නිදැල්ලේ ඉන්නවා. මේ අපරාධය කරලා ගොඩගිය අය තාමත් නිදැල්ලේ ඉන්නවා. කවුරු හරි කෙනෙක් අගක් මුලක් මේකට සම්බන්ධයක් තියෙනවා නම් වහාම අත්අඩංගුවට අරගෙන දඬුවම් කළ යුතු බව අපි ආයෙ ආයෙත් මතක් කරන්නේ තිළිණිලා අපිට කියන්නේ ඒ කතාව හින්දා. තමන්ගේ එක දරුවෙක් අහිමි වෙලා තිළිණි කොයි තරම් වේදනාවෙන් ඉන්න ඇද්ද? ශාරීරික වේදනාව විතරක් නෙවෙයි හදවතේ වේදනාවකුත් ඒකට එකතු වුණාම ඒ මනුස්සයා වින්ද වේදනාව ගැන අපි කවි සින්දු ලියලා වැඩක් නෑ. මේ ඔබට ලියන්නේ පරාජයේ කතාවක්. මේක සෝ සුසුම් පිරුණු කතාවක්. හැබැයි මේක ඇතුළේ අපිට තියෙන්නේ තරහක්. අපිට තියෙන්නේ අපේ පාලකයෝ පිළිබඳ වෛරයක්. මේ ක්‍රමය ඇතුළේ මේ අසරණ වෙන්නේ මං වගේම මිනිහෙක්. ඔබ වගේම මිනිහෙක් කියලා අපේ රටේ මිලියන 21ට දැනුණු දවසට ඇත්තටම මේ මොහොතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරුවෝ විතරක් නෙවෙයි පියවර නොගන්නා හැම කෙනෙක්වම අපේ රටේ මිනිස්සු හොයාගෙන එයි. එදාට හැංගෙන්න තැනක් නැතිවෙයි කියන එක අපි මතක් කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රංගේලා ආශු මාරසිංහලා ඡන්ද කල්දාන්න කියන හේතුව එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාමාගේ වෙනස සහ බෑනාගේ වෙනස! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.