• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට එකතු වූ ගමන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක වැඩ පටන් ගනී! රට බේරාගන්න උරදුන් රණවිරුවොත් එක්ක සමගි උත්තමාචාර වේදිකාවට ගොඩවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 21, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජය ජනතාව ඉලක්ක කර ගෙන සෘජු බදු, වක්‍ර බදු ගැසීම ගසන බවත් මේ නිසා ආදායම වැඩි වී බඩු මිල වැඩි වී ජනතාවගේ පීඩනය වැඩි වී ඇති මොහොතක මත්පැන් සමාගම් කිසිදින හරිහැටි බදු ගෙවා නොමැති බවත් මත්පැන් සමාගම් මේ මොහොත වන විට කෝටි 700ක බදු පැහැර හැර ඇති බවත් මේ සහනය පොදු ජනතාවට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මත්පැන් සමාගම්වලට බදු සහන ලබා දී ඇති මොහොතක ජනතාව ඉලක්ක කර විශාල බදු ප්‍රමාණයක් යොමු කිරීම නිසා බරපතල සමාජ අසාධාරණයක් සිදුව ඇති බවත් මෙයට හේතුව වන්නේ මත්පැන් සමාගම්වල මුදල් බවත් ජනතාව ඇන්දවීමට දින කිහිපයකට එම සමාගම්වල බලපත්‍ර අහෝසි කළත් නැවතත් සුළු මුදලක් බදු ලෙස ගෙවූ පසු එම බලපත්‍ර ලබා දෙන බවත් මෙසේ මත්පැන් සමාගම් මෙතෙක් කල් ගත කළ දේශපාලන මධුසමය අවසන් කර මේ රටේ මහජන සේවයට අවශ්‍ය රාජ්‍ය ආදායම මෙම සමාගම්වලින් නිවැරදිව අය කර ගන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (20) කලුතර පානදුර අලෙවියා මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 194 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

බාල බෙහෙත් නිසා මිලියන 6000ක් රටට අහිමි වෙලා

එසේම විවිධ විගණන වාර්තා අනුව මෙරට අදටත් ඖෂධ ක්ෂේත්‍රයේ, ශල්‍ය හා රසායනාගාර ක්ෂේත්‍රවල බාල බෙහෙත්, අසමත් බෙහෙත්, ගුණාත්මක නොවන බෙහෙත් හා වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදුසු නොවන බෙහෙත් සඳහා මිලියන 6000ක් එනම් ලක්ෂ 60000ක මුදලක් වැය කර ඇති බවත් මෙරට ජනතාවගෙන් මුදල් සූරා කා මෙරට වෙළෙඳපොළට අනීතිකව බෙහෙත් නිකුත් කළ සමාගම්වලට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගෙන වන්දි ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඇයි අපිට වැසි ජලය නිවැරදිව කළමනාකරණය කරන්න බැරි?

දින ගණනාවක් පුරා ධාරානිපාත වර්ෂව ලැබෙන බවත් මේ වටිනා ජල සම්පත නිකරුණේ මුහුදට ලබා යන බවත් වර්ෂා සමයේ ගංවතුරත් වර්ෂව නොමැති කාලයේ නියඟය නිසා ජනතාව පීඩාවට පත්වන බවත් මේ වටිනා ජල සම්පත ආරක්ෂා කර ගැනීමට රට තුළ රදවා ගෙන වියළි කලාපයට ලබා දීමට ක්‍රමයක් ඇත්නම් එය ඵලදායී බවත් ඒ සඳහා ජාතික සැලසුමක් අවශ්‍ය බවත් මේ අවිධිමත් ක්‍රමයෙන් බැහැර විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කිසිදු භේදයකින් තොරව ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

තමා පාර්ලිමේන්තුවේ පිටත සහ ඇතුළත ගාසා තීරයේ සිදුවන විනාශය ගැන ප්‍රකාශයක් කළ බවත් මේ රටවල් දෙකම සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් විය යුතු බවට විශ්වාස කරන බවත් ඊශ්‍රායලයේ බෙංජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ රජය අන්තවාදීන් සමග එකතු වී මුළු පලස්තීන රටම පොලොවට සමතලා කරන රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් තමා එය තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා කියන්න තියෙන දේ මූණටම කියන බවත් මේ ගැන එළිපිට කතා කරන විට මේ මහා සංහාරය නතර විය හැකි බවත් ජාත්‍යන්තර නීතිය අනුව රජයක්, රටක් පිහිටුවන්න ඇති කොන්දේසිවලින් එකක් වන මිනිසුන් විනාශ කිරීමට මොවුන් සූදානම් බවත් එම නිසා මේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම බලපෑම සිදු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සක්වල ගැන කයිය නායකයාගේ ප්‍රකාශය තමාට ආඩම්බරයක්

සක්වල හුස්ම කියන්නේ තියෙන අයගෙන් අරගෙන නැති අයට දෙන වැඩසටහනක් යැයි කයිය නායකයෙක් පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් තමා එම ප්‍රකාශයට අතිශය සතුටු වන බවත් මන්දයත් ඒ ප්‍රකාශය තුළින් තමා සම්බන්ධ ලොකු සහතිකයක් ජනතාවට ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බෙදන්නේ පරිගණක, සුහුරු පුවරු, ශබ්දකෝෂ සහ පාසල් සංවර්ධන සමිතියට මුදල් ආදිය බවත් මේ බෙදිල්ලේ වැරැද්දක් නොමැති බවත් තමා මත්කුඩු, මත්පැන්, දුම්වැටි ආදිය බෙදන්නේ නොමැති බවත් එවැනි දේවල් තමා ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එයාලට ධනපතියන්ගෙන් අරන් සැප ජීවිත ගත කරන්න හොදයි. අපි බෙදන එක වැරදියි

තමා ධානපතියන්ගෙන් දේවල් අරගෙන පාසල්වලට බෙදීම නරක දෙයක් කියන අය මිනිසුන්ගෙන් මුදල්, ඇඳුම් පැළඳුම් ගෙන සැපවත් ජීවිතයක් ගත කිරීම හොඳ වී ඇති බවත් මේ කයිය නායකයන්ට යට ඇඳුමේ සිට කලිසමේ සිට සෑම දෙයක්ම අනුන්ගෙන් ගැනීම හොඳ වී සජිත් ප්‍රේමදාස ධානපතියන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වල සම්පත් හිඟතාවට විසඳුම් ලබා දීම වරසක් වී ඇත්තේ කෙසේද කියා ප්‍රශ්න සහගත බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමාට බස් මැන්, බෙදන මෑන් කියා පහර ගහන මේ අයගේ දුවා දරුවන් යන්නේ පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් සහ විශ්වවිද්‍යාවලට බවත් එසේ තම දුවා දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දී රටේ 41 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සූදනම් වන විට ඊට එරෙහි වන බවත් කයිය නායකයන්ගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන විට 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට උරුම වී ඇත්තේ සිංහල සහ දමිළ අධ්‍යාපනය පමණක් බවත් මේ කුහකකම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 194ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2149ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ISIS එකට සම්බන්ධ ලංකාවේ 4 දෙනෙක් අහමදාබාද් ‌ගුවන්තොටුපොළේදී කොටුවෙයි! IPL ටීම් 3කුත් ඒ වෙද්දී ගුවන්තොටුපොළට එන්න ‌තිබිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මුන්දලම යටවෙලා මිනිස්සු ගෙවල්වල හිරවෙයි! එළියට එන්න බැරිව හිටපු එක පවුලේ තුන්දෙනෙක් නේවි එකෙන් බේරගත්තේ ‌මෙහෙමයි! I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.