අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් බේරාගනු ලැබූහ.Sri Lanka Latest News
හදිසි ජල ගැලීම් තත්ත්වය හමුවේ නිවසෙන් පිටතට යාමට නොහැකිව සිරවී සිටි එකම පවුලේ මව, පුතා සහ දියණිය නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා බේරාගනු ලැබූහ.
අධික වර්ෂාවත් සමග පෙරියකඩවල වැවේ ජලය පිටාර ගැලීම නිසා ඇළ මාර්ග උතුරාගොස් ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාවේ තම්බපණ්ණි නාවික නෞකා ආයතනයේ නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකර එම පිරිස බේරාගත්හ.
මුන්දලම ප්‍රදේශයේ නිවසක සිරවී සිටින එකම පවුලේ පිරිසක් මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව විශේෂ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගිවූහ.









