ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරයක් ඉරිදා “හදිසි ගොඩබෑමකට” ලක් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙසේ ගොඩබා ඇති අතර ගලවා ගැනීමේ ප්‍රයත්නයඅතරපවා සංකීර්ණ වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.
රාජ්‍ය ප්‍රවෘත්ති වාර්තාවලට අනුව රයිසිගේ තත්ත්වය අපැහැදිලි වූ අතර, ඔහුගේ ආරක්ෂාව පතා යාඥා කිරීම් ද විකාශය විය.
ඩ්‍රෝන යානා සහ සෝදිසි සුනඛයන් ඇතුළු අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 20ක් යොදවා ඇති නමුත් ප්‍රදේශයේ පවතින දැඩි කාලගුණය සහ අධික මීදුම ඔවුන්ට එම ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇති බව රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාර මලික් රහ්මති සහ රයිසිගේ ආරක්ෂක අංශය සමඟ ඉරානයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්ඩොල්ලාහියන් ද හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බව එහි සඳහන් වේ.









