සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 189 වැනි පියවර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පදවිය පරාක්‍රමපුර මහා විද්‍යාලයට පසුගිය මැයි මස 16 වැනි දින ගිය අවස්ථාවේ දී එම පාසලේ සිටි දක්ෂ දැරියකගේ දස්කම් දැක ගැනීමට හැකි විය.Sri Lanka Latest News
මෙම පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී. ජී. සයුමි අනුරේෂා දියණිය විසින් සමස්ත ලංකා රොබෝ තාක්ෂණ සහ නව නිපැයුම් තරගයෙන් 6-11 වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි වී ඇති අතර ඇය විසින් එම තරගයට ඉදිරිපත් කරන ලද රිමෝට් මල්ටිමෙෂර්මන්ට් ඩිවයිස් නම් නව නිපැයුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම උපකරණය හරහා පහසුවෙන් ළගා විය නොහැකි ඕනෑම ස්ථානයක දුර, උස මැනීමේ හැකියාව පවතී.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගේ මේ කුසලතාව සහ දක්ෂතාව අගයනු වස් රුපියල් 25000ක මුදලක් ද පරිත්‍යාග කළේය.









