• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ අපනයන ක්ෂේත්‍රය නංවන්න මහජන බැංකුවෙන් යෝධ පියවරක්! අපනයන සංවර්ධන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරයි! I Sri Lanka Latest News

May 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම අද (මැයි 14) දින සිදුවිය. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී  ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මහජන බැංකුව මෙම හවුල්කාරීත්වය යටතේ දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළෙඳ මූල්‍ය විකල්ප ලබා දෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සංවර්ධනය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික අරමුණු සමඟ පෙළගැසෙමින් ගෝලීය අපනයන වෙළෙඳපොළට ඒකාබද්ධ කිරීම අරමුණු කරයි. මහජන බැංකුව දැනටමත් දිවයින පුරා පිහිටි ශාඛා 747කින් සමන්විත පුළුල් ජාලයක් උපයෝගී කරගනිමින් උපාය මාර්ගිකව ශාඛා 7ක් හරහා අපනයන අංශයට විශේෂිත අපනයන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

මෙම සහයෝගීතාව මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය සඳහා අධ්‍යාපනික මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමගින් අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා සහ අපනයන අවස්ථාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ගෝලීය වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීම මගින් සිය විශේෂඥතාව ලබාදෙමින් දායකත්වය ලබාදෙනු ඇත.

අවබෝධතා ගිවිසුම් උත්සවයේදී සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් ලෙස රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වමින් රටේ අපනයන ආදායම වර්ධනය කිරීමට මහජන බැංකුව දැඩි ලෙස කැපවී සිටින බවයි. අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය මගින් පෙනී යන්නේ මහජන බැංකුව අපනයන වර්ධනය සඳහා දරන උත්සාහයට තවත් උදාහරණයක් බව එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදි.

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පැවසුවේ “රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අපනයන මූලික ආයෝජන ප්‍රවේශයක් අනුගමනය කිරීම වැදගත් වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ විශාලතම පාරිභෝගික පදනමක් තිබෙන මහජන බැංකුව සමඟ ඇති සහයෝගීතාවයෙන් අපනයන හැකියාවන් විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට මෙම උත්සාහය මගින් විශාල ශක්තියක් ලැබෙන බවයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සේපාලිකා ජයවර්ධන මහත්මිය, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ  ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ව්‍යවසාය බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතා ඇතුළු මහජන බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සහභාගී විය.

තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා මහජන බැංකුවේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කැපවීම මෙම අබබෝධතා ගිවිසුම මගින් අවධාරණය කරයි.

SendShareShare
Previous Post

ගිහියන්ට විතරක් නෙමෙයි පැවිදි පක්ෂයටත් මේ ආර්ථික අර්බූදය දරුණුවටම බලපාලා! හැම අවුරුද්දෙම හිමිවරු 2000ක් ගන්න තීන්දුව! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 2ට නීති 75ක් සම්මත කළා! හොරු අල්ලන්න අලුත් නීති ගෙනාවා! තෙල්දෙණිය අලුත් උසාවි සංකීර්ණය විවෘත කරමින් රනිල් කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.