පෙරේදා (10) රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. (Sri Lanka Latest News)
අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලට ද හානි සිදුවී තිබේ.
මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) එම රෝහලට සිදු වූ හානිය සොයා බැලීම සඳහා එහි ගියේය.
අකුණු පහර නිසා හදිසි ප්‍රතිකාර ඒකකයට සිදු වූ හානිය රුපියල් මිලියන 50ක් පමණ ෙව් යැයි මේ වනවිට ගණන් බලා තිබේ.
අකුණු පහර වදින අවස්ථාවේ එම ඒකකයේ රෝගීන් තිදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ට හානියක් සිදුවී නැත. නමුත් ඇති වූ ගින්න නිසා එම රෝගීන් එළියට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු වූ බව එම කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා සමග පැවසීය.
dinamina









