• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම අවුරුදු 10ක් රට පාලනය කළත් රජය සතු කිසිදු දේපොළක් වික්කේ නෑ! විකුණලා තිබ්බ ඒවත් ආණ්ඩුවට ගත්තා! මම පෞද්ගලීකරණයක් ගැන කතා ‌කළේවත් නෑ! ගෝඨාගේ ඉතිරි කාලය ගෙවන්න ආපු මේ ආණ්ඩුව කඩිමුඩියේ රාජ්‍ය දේපොළ විකිණීම අනුමත කරන්න බෑ! ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර වහාම අත්හිටුවන්න! මහින්දගෙන් රනිල්ගේ ආණ්ඩුවට අවසන් දැනුම් දීම නිකුත් වෙයි! Sri Lanka Latest News 

May 12, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
මහින්දට ගෙයක් දෙන්න වියදම් කරපු ආණ්ඩුවේ සල්ලි ප්‍රමාණය.. ගෙට ගිනි තිබ්බට පස්සේ ආණ්ඩුවෙන් රනිල්ට දීපු සුපිරි වාහනේ ගණන අනුර එළියට දමයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News 

මාධ්‍ය නිවේදනය

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම

රජයට අයත් ඇතැම්  වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට  ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු  මහජනතාව අතර  නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක  වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන  වියදම් අවම  කිරීමට  සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා  ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට තිබේ. මම 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා සම්පූර්ණ වසර නවයකට වැඩි කාලයක් රට පාලනය කළ සමයේ රජය සතු කිසිදු දේපලක්  හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැත. ඒ  වෙනුවට සිදුවූයේ කලින්  ආණ්ඩු  විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් මගේ රජය විසින් නැවත රජයට  පවරා ගැනිමය. එම ආයතන  අදටත් ලාභ ලබමින් රජයේ අයිතිය යටතේ පවතී.

රාජ්‍ය දේපල හා ව්‍යාපාර  සම්බන්ධයෙන් මගේ රජයට තිබුනේ ප්‍රයෝගිකවාදී ප්‍රවේශයකි. යම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් සහ එමගින් මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙනවා නම් එය පෞද්ගලීකරණය කිරීමට කිසිදු  හේතුවක් අපි නොදුටුවෙමු. ඇතැම්  අවස්ථාවලදී, සමස්ත ආර්ථිකයේ උන්නතිය සඳහා නැතිනම් අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා රජය සතු ආයතන  විසින් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා වල  මිල පාලනය කිරිමට  රජය උපායමාර්ගික  තීරණ ගනු ලබයි. බලශක්ති ක්ෂේත්‍රය මෙයට  හොද  උදාහරණයකි. යම් නිශ්චිත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපාය  මාර්ගික  සහනාධාර නොදෙන රජයක් ලෝකයේ නැත.

මා ජනාධිපති ධූරයේ සිටි සමයේ, එවන් මිල පාලනයක් නිසා  ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබූවද, අපේ  ආර්ථික කළමනාකරණය තුලින්  වසර නවයක අඛණ්ඩ  ආර්ථික වර්ධනයක් රටේ ඇති විය. ඒ කාලයේ  අපේ  ණය ගෙවීමට හෝ  අපි පවත්වාගෙන ගිය සහනාධාර වල වියදම් පියවීමට අපට කිසිදු  අසීරුතාවයක් නොතිබුණු අතර, මා ජනාධිපතිව සිටියදී කිසිවකු රජයේ දේපළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් ගැන කතා කළේවත්  නැත. ඇතැම් සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකි බැවින්, විශේෂයෙන්ම විදේශීය පාර්ශව හවුල් වන අවස්ථා වලදී මේ සම්බන්ධයෙන් කටයුතු කල  යුත්තේ  ඉතා ප්‍රවේසමෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී යෝජනා වූ පරිදි , රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවිය යුත්තේ, උපරිම පාරිදෘශ්‍ය භාවයකින් යුක්තව, ජාතික සැලැස්මකට අනුව, ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, සේවක පක්ෂයේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ය .

එසේ පවසන  අතරතුරම , රාජ්‍ය අංශයේ ආයතනවල පෞද්ගලික අංශයේ සහභාගීත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති යම් නම්‍යශීලී ප්‍රවේශයක් ගත යුතු බවද අවධාරණය කිරීමට මම  කැමැත්තෙමි. පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඇති  ශබ්ද කෝෂ නිර්වචනය අනුව යමින්, යම් රාජ්‍ය ආයතනයක  හිමිකාර ව්‍යුහය තුළ හෝ පාලන ව්‍යුහය තුළ  පුද්ගලික අංශයේ ඕනෑම මැදිහත්වීමක් පුද්ගලීකරණය කිරීමක්  ලෙස නිර්වචනය කළ හැකිය. කෙසේ වෙතත්, රජය සතු ව්‍යාපාරයක්  සඳහා විදේශීය හෝ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට ගන්නා සෑම උත්සාහයකටම වෘත්තීය සමිති විරුද්ධ නොවිය යුතුය. එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් අවශ්‍ය වේ.

ප්‍රයෝජනයට නොගත් රජයේ දේපලක් නැතිනම් නිරන්තරයෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක්  තිබේ නම්, එවැන්නක් ගොඩ දැමීම සඳහා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් ලබා ගැනීම අර්ථවත් ක්‍රියාවකි. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකට  නව අංගයක් එක් කිරීමට තවත් ආයෝජනයක් අවශ්‍ය නම් සහ  එම  වියදම  දැරීමට රජයට  නොහැකි නම්, අදාළ ආයෝජනය කිරීමට හැකියාවක්   ඇති දේශීය හෝ  විදේශීය ආයෝජකයෙකුට  අදාළ ව්‍යාපාරයේ  කොටස්වලින් යම් ප්‍රමාණයක්  පවරා අවශ්‍ය ආයෝජනය  කරවා  ගැනීම සාධනීය  පියවරකි. යම් ආයෝජකයෙකු මුල සිටම නව ව්‍යාපාරයක්  ගොඩනැගීමට කැමති නම්, එම ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් යම්  කොටසක් අදාළ ආයෝජකයාට පිරිනමා  අලුත් රාජ්‍ය වත්කමක් බිහි  කිරීමත් අර්ථවත් ක්‍රියාවකි.

ඇතැම්  දේශපාලන පක්ෂ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මතවාදීමය වශයෙන් කැපවී සිටින  අතර පෞද්ගලීකරණය කළ හැකි සෑම දෙයක්ම විකුණා දැමීමට උත්සාහ කරයි. බොහෝ වෘත්තීය සමිති ද  මේ සම්බන්ධයෙන් මතවාදීමය  ප්‍රවේශයක්  ගනු  ලබන අතර, රජය සතු ව්‍යාපාර  වල  පෞද්ගලික අංශයේ සුලු මැදිහත්වීමකට වූවත් විරුද්ධ වෙති. මේ අන්ත දෙකම රටට අහිතකරය. රජයට අයත් ව්‍යාපාරයක  පෞද්ගලික හෝ විදේශීය සහභාගිත්වය ලබා  ගැනීම  එක් එක් අවස්ථාව  අනුව සලකා බැලීමටත්, එවන් හවුල්කාරීත්වයක් තුලින් රටට පොදුවේ ඇතිවන ප්‍රතිලාභය වෘත්තීය සමිති  විසින්  සලකා බැලිය යුතු බව මගේ අදහසයි. ජාතික වත්කම් සහ උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ආරක්‍ෂා කළ හැකි එකම සාර්ථක ක්‍රමය වන්නේ පුද්ගලිකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් ගන්නා රජයක් බිහි කිරීමයි. මම වසර නවයකට වැඩි කාලයක් ජනාධිපති ධූරය දැරූ  කාලයේ, ආර්ථිකය අඛණ්ඩව දියුණු වූ  අතර, පෞද්ගලීකරණය ගැන සාකච්ඡාවක් වත් නොතිබුණු  බව  මම  නැවතත් සිහිපත්  කිරීමට කැමැත්තෙමි.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස  තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශව වලට පවා අවබෝධ විය යුතුය. එපමණක්ද නොව  මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය  යුතු  බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය  ජය ගන්නා  පාර්ශවයට  ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන්  කටයුතු කළ හැක.

මහින්ද රාජපක්ෂ
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

SendShareShare
Previous Post

රනිල් ඉරාන ජනාධිපතිව හදිසියේ ගෙන්වපු රහස! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය කටමුල තියා සජිත් යළිත් ගම අල්ලන සටනට බහී! වැලිමඩ උඩපළාත සමූප ඡන්දය සජබය අත උඩින්ම දිනයි! නියෝජිතයන් 97න් 89ක්ම සජබෙ! ඒකත් ඒකමතිකව!  Sri Lanka Latest News 

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.