• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එයාර්පෝට් එකේ ගේම ඉල්ලපු එයා ඇත්තටම කවුද? නම ගම සේරම එළියට එයි! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මැයි මාසේ පළමු වැනිදා ශ්‍රී ලංකා ගුවන් තොටුපළේදී එක්තරා සිදුවීමක් වෙනවා. කොහේ හෝ රටක ඉඳලා ලංකාවට ආපු පුද්ගලයෙක් ගුවන් තොටුපළේදී එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන් කෑකෝගහනවා. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඔහු කෑගහනවා. මේ වීඩියෝව අපි දැක්කා. ඒක බැලුවම අපිට තේරුණා ඔහු කියන කාරණාව මොකක්ද කියන එක. ඔහු කියන්නේ ඔහු ගුවන් තොටුපළට ආවට පස්සේ තේරුණා කියලා වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඉන්දියානුවන් අතින් වෙනවා කියලා. ඔහු ඒකට තමන්ගේ විරෝධය පළකරනවා. ඒ විරෝධය පළකරද්දී ඔහු ඉංග්‍රීසි සහ සිංහලෙන් කෑගසමින් එහෙට මෙහෙට ඇවිදිනවා. (Sri Lanka Latest News)

කවුරු හරි කෙනෙක් ඒක වීඩියෝ කරලා අපි දකිනවා සමාජ මාධ්‍යවලට මුදාහැරලා තියෙනවා. මේ සිද්ධියත් එක්ක බොහෝ කාරණා එළිපහළියේ කියැවෙනවා. සමහරු කියනවා ඔහු නිසා ටුවරිසම්වලට හානියක් වෙනවා කියලා. තවත් අය කියලා තිබුණා ඔහු එලෙස හැසිරුණේ යම් පිරිසකගේ මෙහෙයවීමෙන් කියලා. මේවා අපි දන්නනේ නෑ. මේවායේ තියෙන සැඟවුණු කතා අපි දන්නේ නෑ. නමුත් අපි හිතුවා මේ සිදුවීම සම්බන්ධයෙන් අලගිය තැන් මුලගිය තැන් හොයන්න. ඇත්තටම මේක ඇතුළේ ඉන්නේ කවුද? ඔහු මොනවා කරන කෙනෙක්ද? ඔහු කොහේ ගිහිල්ලද ආවේ? ඔහු ආවේ තායිලන්තයේ ඉඳන් කියලා ඔහුම එක තැනක කියනවා. කටුනායක පොලිසියට ඔහු ආපු වෙලාවේ කියනවා ඔහු ආවේ තායිලන්තයේ ඉඳන් කියලා. තායිලන්තයට ගියේ ඔහුගේ ව්‍යාපාරික කටයුත්තකට කියලත් ඔහු සඳහන් කරනවා. ඒ නිසා ඔහු ආවේ කොහේ ඉඳන්ද කියන එක නම් අපිට පැහැදිලියි. ඔහු කවුද කියන එකත් අපිට ඒ වීඩියෝවෙන්ම පැහැදිලි වෙනවා. ඔහුගේ නම සඳරු කුමාරසිංහ. සඳරු කුමාරසිංහ තමන්ව හඳුන්වා දෙනවා තමන් නීතිවේදියෙක් සහ එක්තරා වෘත්තිකයෙක් විදියට.

ඇත්තටම සඳරු කුමාරසිංහ නීතිවේදියෙක්ද? ඇත්තටම ඔහු වෘත්තිකයෙක්ද? ඔහු නීතිවේදියෙක් වෙන්නේ කොහොමද? ඔහු මොන විශ්වවිද්‍යාලයේද ඉගෙනගෙන තියෙන්නේ? මේ දේවල් ඇතුළේ අපිට එක්තරා කාරණයක් පැහැදිලි කරගත හැකියි. ඒ කියන්නේ සඳරු මේ වෙලාවේ මේ විදියට ආවේගශීලී වෙන්නේ හැබෑවටද, නැද්ද කියලා. මොකද අපිට මෙච්චර කාලෙකට මේ නැටුම් දැකලා දැකලා නාට්‍ය බලලා බලලා හැම නළුවෙක්ම හැම නිළියක්ම එක වගේ පේන්න පටන් අරගෙන තියෙන වෙලාවක අපිට සඳරු කුමාරසිංහ ගැනත් සැකයක් ඇතිවෙනවා. ඒ වගේම ඔහු ගැන විතරක් නෙවෙයි අපිට හැමෝම ගැන දැන් සැකයි. ඒකට ඔහු අමනාප විය යුතු නැහැ. මොකද ඔහුත් අයිති වෙන්නේ අපේ කුලකයටම නම් ඔහු දන්නවා මේ රටේ අපිට දැන් හරි හුරුයි එක එක නාට්‍ය දැකලා. ඒ නිසා සඳරු ගැනත් අපිට අවිශ්වාසයි. සඳරු ගැන හොයද්දී අපට දැනගන්න ලැබුණු සඳරු ශ්‍රී ලංකා නීති විද්‍යාලය හරහා නීතිඥවරයෙක් බවට පත්වෙච්ච කෙනෙක් කියලා. ඔහු බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයෙන් තමයි එල්.එල්.බී. උපාධිය ලබාගන්නේ 2017 අවුරුද්දේ. 2017 අවුරුද්දේ එල්.එල්.බී. උපාධිය ලබාගන්නා ඔහු නීතිවේදියකු ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී තමයි නීතිඥවරයකු බවට පත්වෙන්නේ. ඒ වගේම මාස්ටර් ඔෆ් ලෝ කියන උපාධිය ඔහු නැවතත් නව බකින්හැම්ෂයර් කියන විශ්විද්‍යාලයෙන් ලබාගත් බව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු විශ්වවිද්‍යාල උපාධි සහිත ගෞරවනීය පුරවැසියෙක් බව අපිට මේක බලද්දී තේරෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ නීතිඥවරු විදියට දිවුරුම් දුන් පලියටම අපිට මිනිස්සු විශ්වාස කරන්න බෑ. මොකද ලංකාවේ නීතිඥවරු විදියට දිවුරුම් දුන්නු, නීතිඥවරු විදියට පත්වුණු සමහර දේශපාලකයෝ ඉන්නවා නොපනත්කම් සීමාවකින් තොරව සිද්ධ කරන. ඒ නිසා අපිට නීතිඥවරයෙක් වූ පමණින් ඔහු වීරයෙක් වෙන්නේ නෑ. තවදුරටත් අපි හොයා බලද්දී දැනගන්න ලැබුණා ඔහු 2015දී එන්.එස්.බී.එම්. ග්‍රීන් යුනිවර්සිටි එකේදී ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් උසස් ඩිප්ලෝමාවක් සමත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඔහු ව්‍යාපාරිකයෙක් විදියටත් සුදුසුකම් සහිත කෙනෙක්. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් බවත් අපට දැනගන්න ලැබුණා. ඒ වගේම ඔහුට භාෂා කිහිපයක් හසුරුවන්න පුළුවන් බවත් සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා.

මේකේ වැදගත්ම කොටස තමයි ඔහු කටුනායක ගුවන් තොටුපළේදී මෙහෙම හිතුවක්කාරී ලෙස හැසිරෙන්නේ ඔහුට ගුවන් තොටුපළ නුහුරු නුපුරුදු තැනක් නොවීම. ඔහු මේ ගැන කිසිම තැනක කියලා තියෙනවා අපි දැකලා නැති වුණාට අපිට ඔහු ගැන හොයද්දී දැනගන්න ලැබුණු කාරණාව තමයි 2014 ඔක්තෝබර් 03 වැනිදා ඉඳලා 2015 දෙසැම්බර් 31 වැනිදා දක්වා ඔහු ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ යම් රාජකාරියක නියැළුණු කෙනෙක් බව. ඔහු එහි මානව සම්පත් කළමනාකරණ අංශයේ ඉන්ටර්න්ෂිප් එකක් කරලා තියෙන බවත් කියැවෙනවා. ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඔහු රැකියාව කළාද, නැත්නම් වෙනත් ස්ථානයක රැකියාව කළාද කියන්න අපි දන්නේ නෑ. නමුත් අපිට පැහැදිලි වෙන කාරණාව තමයි ඔහු ශ්‍රී ලංකා ඉයාර්ලයින්හි 2014 ඔක්තෝබර් 03 වැනිදා සිට 2015 දෙසැම්බර් 31 වැනිදා දක්වා අවුරුද්දකට වැඩි කාලයක් සේවය කළ අයෙක් බව. ඒ නිසා ඔහුට යම් බලයක් සහ වුවමනාවකුත්, ඒ වගේම යම් වගකීමකුත් තියෙනවා ගුවන් තොටුපළ සම්බන්ධයෙන් දේවල් කතා කරන්න.

ඇත්තටම අපිට පැහැදිලි වෙනවා ඔහුට යම් වේදනාවක් දැනෙන්න ඇති කියලා මේ ගුවන් තොටුපළට ආවට පස්සේ. මොකද මේක ඇතුළේ මේ රාජකාරි ටික කරන්න ලංකාවේ එවුන් නැද්ද කියන හැඟීම සඳරු කුමාරසිංහට විතරක් නෙවෙයි පණ තියෙන ඕනෙම එකෙකුට හිතෙනවා එතැනට ආවට පස්සේ. ඒ නිසා අපි මේ සඳරු කුමාරසිංහට කඩේ යනවාවත්, සඳරු කුමාරසිංහ හොඳ මිනිහෙක් කියන්න හදනවාවත් නෙවෙයි. නමුත් මේ වෙලාවේදී සඳරු කුමාරසිංහ වෙනුවෙන් නෙවෙයි අපි පෙනී සිටින්නේ. අපි පෙනී සිටින්නේ ඒ මොහොතේ කතා කරපු මනුස්සයා වෙනුවෙන්. ඔහු සඳරු කුමාරසිංහ වුණත්, වෙන කෙනෙක් වුණත් අපිට කමක් නෑ. මොකද ඔහු කතාකරපු කාරණාවයි වැදගත්. ඔහු ඒ කතාකරන මොහොත වෙනකොට වීසා ප්‍රෙසෙස් එක ජෑම් වෙලා, නාලා, කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඉවරයි. ඒ වීඩියෝවල අපිට පේනවා විශාල පිරිසක් පොරකමින් ඉන්නවා.

සමහරු චෝදනා කරනවා සඳරු නිසා ටුවරිසම් විනාශ වෙනවා, බිඳවැටෙනවා කියලා. නමුත් අපිට තේරෙන්නේ සඳරු කුමාරසිංහ නිසා සංචාරක කර්මාන්තය බිඳවැටෙනවා නෙවෙයි. ලංකාවේ සංචාරක කර්මාන්තයේ වීරයෙක් විදියට සඳරු කුමාරසිංහව සලකන්න ඕනේ. මොකද එදා දවසේදී මේ වැඩේ මෙච්චර පටලගත්තා නම් තවත් දවස් දෙක තුනක් යද්දී මේ වැල තව දිගට ඇදිලා සමහර වෙලාවට සුද්දෝ ලංකාවට එන එක පැත්තකට දාලා එයාර්පෝට් එකේදිම හැරිලා යන තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබුණා. මොකද වීසා නිකුත් කරගන්න බැරුව. ඒක බරපතළ තත්ත්වයක්.

අපි දැක්කා පහුගිය කාලේ බෙල්ජියමත් එක්ක දීග කන්න ගිහිල්ලා අපි කොච්චර ප්‍රශ්නයක් ඇතිකරගත්තද කියලා. ඔවුන් කෙළින්ම ප්ලේන් එක ඇතුළේ එනවුන්ස් කරලා කියනවා මේක බෙල්ජියමේ නීතිය, කාගෙවත් හිත රිදුණාට අපිට කරන්න දෙයක් නෑ, ශ්‍රී ලන්කන් වුණාට, මේක බෙල්ජියම් කියලා. මේවා මේ එක එක අයට දීග කන්න ගිහිල්ලා අපි දාගන්න ලෙඩ. ඒවට කවුරු හරි කෙනෙක් විරුද්ධ නොවුණාම මේවා එක එක්කෙනාගේ අවශ්‍යතාවලට තම තමන්ගේ බඩ වඩාගන්න වැඩේ භාරගන්නවා.

අපි දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල කියන මනුස්සයා කරලා තියෙන ජඩ වැඩ. ඔහුට මේ වැඩ තතියම කරන්න බෑ. ඔහු අවුරුදු ගානක් තිස්සේ මේ ජඩ වැඩ කරලා, මිනිස්සුන්ගේ සල්ලි මිල මුදල් ඔක්කොම ගසාකාලා කරලා තියෙන දේවලින් හානි වුණේ අපිට. සඳරු මේ වන විටත් රාජකාරි කරමින් ඉන්නවා ආයතන කිහිපයක. ඊස්ටන් ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයේ ඔහු රැකියාව කරලා තියෙනවා. ඊට අමතරව තවත් ආයතන කිහිපයකම ඔහු වෘත්තිකයෙක් විදියට රැකියා කරමින් ඉන්නා බව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා සඳරු කුමාරසිංහ කියන්නේ කවුද කියලා හොයලා බලනවා නම් නිකන්ම නිකන් පාරේ තොටේ යමින් ඉඳලා කෑකෝ ගහලා මිනිස්සු එක්ක රණ්ඩු වෙලා වැටෙන්න යන ජාතියේ කොල්ලෙක් නොවන බව නම් අපිට විශ්වාසයි. අපිට චරිත සහතික නිකුත් කරන්න බෑ. හැබැයි මේ වෙලාවෙදී අපිට සිද්ධ වෙනවා සඳරු වෙනුවෙන් සඳරුත් එක්ක හිටගන්න. ඒ සඳුරු කියන්නේ කවුද කියන එක නිසා නෙවෙයි. කාරණාවේ තියෙන වැදගත්කම නිසා. ඇත්තටම එදා වීසා ප්‍රොසෙස් එකට මේ විදියට ඔහු විරුද්ධ නොවුණා නම් අපි තවදුරටත් මේ වැඩේ අනාගෙන තවත් ප්‍රශ්න ඇතිකර ගනී කියලා අපිට සෑහෙන විශ්වාසයක් තිබෙනවා. ඒ නිසයි සඳරු අපි ඔබට අපේ සැලියුට් එක මේ විදියට දෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මැයි 01 වැනිදා! රටම දුක් වුණු දවස! Sri Lanka Latest News

Next Post

සජබන්ස්ලා රනිල්ට අකැමැති ඇයි? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.