ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් අසරණ වී සිටින ග්‍රාමීය ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෛළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රොෂාන් මහානාම මහතාගේ නායකත්වයෙන් යුතුව දියත් කොට තිබේ.
ඒ අනුව වෙහෙරතැන්න ප්‍රදේශයේ දිළිදු පවුල් 300කට ඊයේ (20) දිනයේ වියලි ආහාර මලු බෙදාදීමට ඒ මහතා පියවර ගෙන ඇත.
මීට අමතරව දැනට එසේ වියලි ආහාර මලු 2000කට අධික සංඛ්‍යාවක් දිළිදු ගම්මානවල බෙදා හැරීමට හෙතෙමෙ කටයුතු කොට තිබේ.
සිය සමකාලීන ක්‍රිකට් මිතුරකු වන චමින්ද වාස් ඇතුළු පෞද්ගලික හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් සහ ආරක්ෂක අංශවල සහයෝගයද ඇතිව මහානාම මහතා මෙම කටයුත්ත සිදු කර ඇත.














