රටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන්ගෙන් සහ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතා සදහන් කරයි.
එසේ ලියන පොත් 10,000ක් සාහිත්‍යය මාසය එළඹෙන නොවැම්බර් මාසයේ එකවර එළිදැක්වීමට කටයුතු කරන බවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම ඉන් හොදම පොත් 100 තෝරාගෙන රාජ්‍ය සම්මාන ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
මෙය ගිනස් ලෝක වාර්තාවක් වනු ඇති බවද හෙතෙමෙ පෙන්වා දුන්නේය.










