• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් හිතෙන හිතෙන දේ කළා! කතානායක රූකඩයක් වගේ නැටෙව්වා! කෙහෙළියගේ විශ්වාසභංගය දිනෙව්වා! රටම විරුද්ධ වූ ඔන්ලයින් පනත සම්මත කළා! පාර්ලිමේන්තුවම හෑල්ලු කරලා පොලිස්පති පත් කළා! විනිවිද පෙනෙන පාලනයක් නෑ! තියෙන්නේ සරදියල් පාලනයක්! ඡන්දෙට මාස 2ක් තියා දැන් ආණ්ඩුව සජිත් කරන කරන දේවල් කරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ක්‍රියාත්මක වන්නේ විනිවිද පාලනයක් නොව සරදියල් පාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

රටට ගැලපෙන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ වැඩපිළිවෙල බව ආණ්ඩුව මේ වනවිට පිළිගෙන තිබෙන බවත් වර්තමාන රජය අද ක්‍රියාත්මක කරන්නේ විපක්ෂ නායකතුමාගේ වැඩපිළිවෙළ බවත් රටේ ජනතාව අනුමත කරන්නේද එම වැඩපිළිවෙළ බවත් වීරක්කොඩි මහතා හෙතෙමෙ පැවැසීය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙසේද සඳහන් කළේය.

‘‘ආණ්ඩුව ලෝකයට පෙන්වන්න උත්සහ කරන්නේ වෙනත් චිත්‍රයක්. නමුත් රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ වෙනස්ම ක්‍රියාවලියක්. මේ බව රටේ ජනතාවට හොදින් තේරුම් අරගෙන තිබෙන්නේ. නමුත් රටේ පාලකයන් හිතනවා ජනතාවට ඒවා තේරුම් ගැනීමට මොළයක් නෑ කියලා. ඒ වගේම ලෝකයේ පිළිගන්න නිර්ණායක වලට අනුකූලව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහිමකට පත් කරන්න පුලුවන් ආකාරයට රට පාලනය වෙනවා කියලා පෙන්වන්නත් ආණ්ඩුව උත්සහ කරනවා. මේ අතර ආර්ථිකය ගොඩනගන්න ඉලක්ක කරා ගමන් කරන බවක් ද රටට පෙන්වීමට ආණ්ඩුව දැඩි උත්සාහයක් ගන්නවා. නමුත් රටේ දකින්න තිබෙන්නේ සරදියල් ක්‍රමයේ රාජ්‍ය පාලනයක්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය නම් ඒ දෙය හිතුමතේ සිදුකරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාව රූකඩයක් ලෙස නටවන ආකාරයක් දක්නට ලැබෙනවා. මුළු රටම විරුද්ධ වෙද්දි ,පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හෘද සාක්ෂියට අනුව විරුද්ධ විය යුතුයි කියලා තීන්දු කරද්දි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒ විශ්වාසභංගය ජයග්‍රහනය කරන්න සිද්ධ වුණා.
පාර්ලිමේන්තුවේ බහුතරයක් අකමැති වුවත් ඔන්ලයින් පනත සම්මත කර ගැනීමට සිදුවුණා. පොලිස්පතිවරයාගේ පත්කිරීම මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්කරපු කටයුත්තක් වුණා.

එමෙන්ම 2024 ට අයවැයෙන් වෙන්වුණ ඇස්තමේන්තු වලින් ක්‍රියාත්මක කළ යුතු කටයුතු 2024 දෙසැම්බර් 31 වැනිදා වනතුරු
ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි පිළිගත් ක්‍රමය. නමුත් ජුලි මාසය වන විට සියලු සංවර්ධන කටයුතු අවසන් කළ යුතුයි කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජුලි මාසය වනවිට ජනාධිපතිවරයාගේ බලය නැති වෙනවා. ඡන්දය පැවැත්වීමට තිබෙන බලය මැතිවරණ කොමිසමට පැවරෙනවිට ජනාධිපතිවරයාට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොහැකි වෙනවා. ඒ නිසා මෙවැනි තීරණයක් ආණ්ඩුව අරගෙන තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ගෝලයෝ ගම්වලට ගිහිල්ලා ගම්වල අවුරුදු උත්සව වලට ලක්ෂ ගණනක් මුදල් බෙදනවා.

අද වනවිට රටේ තිබෙන්නේ විනිවිද පාලනයක් නෙවෙයි සරදියල් පාලනයක්. වාර්තමාන පාලනයෙන් රට ගොඩගැනීමට රටේ විශාල වෙනසක් ඇති විය යුතුයි. ඒ බව රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ඒ සඳහා ගැලපෙන වැඩපිළිවෙළ , ප්‍රතිපත්ති අද සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරලා තිබෙන බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා යෝජනා කරලා තිබෙන වැඩපිළීවෙල පිළිගෙන තිබෙන බවත් රජයේ වැඩපිළිවෙළින් තේරුම් ගන්න පුලුවන්.

විපක්ෂ නායකතුමා කාන්තාවන්ට , පාසල් දැරියන්ට නොමිලේ සනිපාරක්ෂක තුවා ලබාදිය යුතු බව ප්‍රකාශ කළ අවස්ථාවේ විපක්ෂ නායකතුමාට විහිළු කළා. අද වනවිට ආණ්ඩුව ඡන්දය ඉලක්ක කරගෙන ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. පාසල් මන්දපෝෂණය තුරන් කරන්න දරුවන්ට දහවල් ආහාර දිය යුතුයි කියලා විපක්ෂ නායකතුමා කිව්වා. අද වනවිට ආණ්ඩුව ඡන්දය ඉලක්ක කරගෙන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබෙනවා.
නව තාක්ෂණය පාසල් දරුවන්ට ලබාදිය යුතුයි කියලා විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා. ඒ වගේම පාසල් වලට සුහුර පන්ති කාමර ලබාදීම එතුමා ආරම්භ කළා. අද වනවිට ආණ්ඩුව ඡන්දය ඉලක්ක කරගෙන ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ වැඩපිළිවෙළ තමයි රටට ගැලපෙන්නේ කියලා ආණ්ඩුව අද පිළිගෙන තිබෙනවා. වර්තමාන රජය අද ක්‍රියාත්මක කරන්නේ විපක්ෂ නායකගේ වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළ තමයි ජනතාවත් තේරුම් ගන්නේ කියලා ආණ්ඩුව දන්නවා. ‘‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවෙලා තිබෙන ඉරණම පිළිබඳව කණගාටුයි

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාවත් මම අත්හැරියා. ඒ සියල්ල සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවෙලා තිබෙන ඉරණම පිළිබඳව මට කණගාටුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නැට්ටේ එල්ලවිට පාක්ෂිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට ගැළපෙනම තැන වන්නේ සමගි ජන බලවේගය. ඒ වගේම බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් සමගි ජනබලවේගය සමඟ වේගයෙන් එකතු වෙනවා. ඔවුන්ට ඉන්න පුලුවන් පහසුම තැන වන්නේ සමගි ජනබලවේගය පමණයි.‘‘

ජනතාවට අවශ්‍ය රටේ තිබෙන ගැටලු විසඳිමට හැකි කණ්ඩායමක් සහ නායකයෙක්

‘‘ජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ රටේ තිබෙන ගැටලු විසඳිමට හැකි කණ්ඩායමක් සහ නායකයෙක්. ඒ කණ්ඩායම සහ නායකත්වය තිබෙන්නේ සමගි ජන බලවේගයේ. සමගි ජනබලවේගය මැතිවරණය ඉලක්ක කරලා කිසිදු ප්‍රතිපත්තියක් හදලා නෑ. මැතිවරණයට පෙර තමයි සමගි ජනබලවේගයේ ප්‍රතිපතිති නිර්මාණය කළේ. රටේ ජනතාවට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව විවෘතව කතාකරන්න සමගි ජනබලවේගය සූදානම්. ඒ වගේම රටේ ජනතාව සමගි ජනබලවේගයට බලය ලබාදීමට සුදානමින් සිටින්නේ.‘‘

ආණ්ඩුව විනිවිද පෙනෙන ආකාරයට අන්තර්ජාතික සබඳතා තහවුරු කළ යුතුයි

‘‘ඉරානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ දිගු කාලින සම්බන්ධයක්. නමුත් රටේ විදේශ ප්‍රතිපත්තිය රටේ අනාගතයට හානි නොවන ආකාරයට හසුරුවන්න ඕන. මිත්‍රයාව තරහ කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මිත්‍රයා වුණ පමණින් මිත්‍රයාගේ පදයට නටන්න බැදි සිටිය යුතු නෑ. මිත්‍රයාට වඩා වටින්නේ රටේ ජනතාව. මිත්‍රයාට සලකන අතරේ රටේ ජනතාව ගැන අනිවාර්යෙන් සිතිය යුතුයි. ලෝකයේ සෑම රටක් සමඟම මිත්‍රත්වයෙන් ගණුදෙනු කිරිම රජයේ වගකීමක්. ඒ වගකීම පැහැර හැරිම රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවක්. ආණ්ඩුව මේ මොහොතේ විනිවිද පෙනෙන ආකාරයට අන්තර්ජාතික සබඳතා තහවුරු කළ යුතුයි.‘‘

SendShareShare
Previous Post

දුප්පත් දරුවන්ට කන්න දෙන්න ගමකට කුස්සියක් අරින වැඩෙත් ධම්මික පෙරේරා පටන් ගනී! අකුරණදී වැඩේ පටන් ගත්තේ මෙහෙමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කව්ද හොරා… කව්ද හොරා… මහින්ද හොරා… මහින්ද හොරා…! මහබැංකු හොරා…! රනිල් මහින්දලාට කියපුවයි මහින්දලා රනිල්ට කියපුවයි ඔන්න ආයෙත් මතක් කරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.