• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුප්පත් දරුවන්ට කන්න දෙන්න ගමකට කුස්සියක් අරින වැඩෙත් ධම්මික පෙරේරා පටන් ගනී! අකුරණදී වැඩේ පටන් ගත්තේ මෙහෙමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගෙන කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කළ දෙවැනි ආදර්ශ ගම්මානය පසුගියදා එළිදැක්කේය.Sri Lanka Latest News

ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවතුගොඩ, කොනකලගල ශ්‍රී විජිත මහා විහාරය කේන්ද්‍ර කරගනිමිනි.

ධම්මික පෙරේරා මහතා විසින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක පාදක කරගනිමින් සකස් කර ඇති පොහොසත් ගමක් – පොහොසත් රටක් සංකල්පය අනුව ගම පොහොසත් කිරීම සඳහා වන පියවර 18ක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ.

ප්‍රජා මුළුතැන්ගෙය

පෝෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ප්‍රජා මුළුතැන්ගෙය ගමේ පිහිටුවන අතර ගමේ සිටින එදිනෙදා ආහාර වේල සපයාගත නොහැකි මට්ටමේ ඉතාම දුප්පත් පවුල් සඳහා මෙයින් ආහාර සැපයීම සිදුකෙරේ.

ඩීපී එඩියුකේෂන් පෙර පාසල

ගුණාත්මක අධ්‍යාපනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව පිහිටුවා ඇති මෙම ඩීපී එඩියුකේෂන් පෙරපාසල තුළින් ගමේ කුඩා දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ පෙරපාසල් අධ්‍යාපනයක් ලබාදීම සිදුකෙරේ. දියුණු රටවල පෙරපාසල්වල ඇති ආකාරයෙන්ම මේස පුටු, සෙල්ලම් බඩු සහ ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමරයක් මෙම පෙරපාසලට ලබාදී තිබේ.

ඩීපී එඩියුකේෂන් ස්මාර්ට් පන්ති කාමර

ගුණාත්මක අධ්‍යාපනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ස්මාර්ට් පන්ති කාමර ලබාදීම සිදුකෙරෙන අතර ආසියාවේ අංක එකේ ඩිජිටල් පාසල් අධ්‍යාපන වැඩසටහන වන ඩීපී එඩියුකේෂන් හි පාඩම් මාලාවන් එම ස්මාර්ට් පන්ති කාමරවලින් ගමේ දරුවන්ට උගන්වනු ලැබේ. මේ ඔස්සේ කොළඹ ඉහළ පෙළේ පාසල්වල දරුවන් ලබන අධ්‍යාපනය හා සමානම අධ්‍යාපනයක් ගමේ දරුවන්ටත් ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇත.

ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

හැකියාවන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර මේ ඔස්සේ ගමේ තරුණ තරුණියන්ට දේශීය හා විදේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින විවිධ රැකියා සඳහා අවශ්‍ය න්‍යායික පුහුණුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා ලබාදීම සිදුකෙරේ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්

තාක්ෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන ක්‍රියාත්මක වන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහිකිරීම මෙහි ඉලක්කය වී තිබේ. ඉහළ වැටුපක් ලබාගත හැකි තොරතුරු තාක්ෂණ රැකියා සඳහා අවශ්‍ය පරිගණක භාෂා අධ්‍යාපනය මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල හා එක්ව ගමේ දරුවන්ට ලබාදීම මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවෙන් සිදුකෙරේ.

ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස්

ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සුදුසුකම් සම්පූර්ණ කළ ගමේ තරුණ තරුණියන්ට ගමේම සිටිමින් තොරතුරු තාක්ෂණ රැකියාවල නිරත වීම සඳහා අවශ්‍ය පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත කාර්යාලයක් ලබාදීම මෙයින් සිදුකෙරේ. ඔවුන්ට ගමේම සිටිමින් විදෙස් සමාගම්වලට සේවා සැපයිය හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමට දායක වෙමින් ඉහළ වැටුපක් ද ලබාගැනීමට හැකියාව ලැබේ.

එසේම නවෝත්පාදනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය මත තොරතුරු තාක්ෂණය හැදෑරූ ගමේ තරුණ තරුණියන්ට පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ද ලබාදෙනු ලැබේ.

ඩීපී එඩියුකේෂන් භාෂා පාසල

ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ තවත් පියවරක් ලෙස ඩීපී එඩියුකේෂන් භාෂා පාසල පිහිටුවන අතර විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි, ජපන්, කොරියන් සහ ඉතාලි භාෂා ඉගැන්වීම මෙයින් සිදුකෙරේ. ජාත්‍යන්තර මට්ටමේ භාෂා ප්‍රවීණතා විභාගවලට පෙනී සිටිය හැකි මට්ටමෙන් යුත් මෙම අධ්‍යාපනය ලබාදෙන්නේ ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමර ඔස්සේ ය.

ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පාසල

ක්‍රීඩාවෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පාසල ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී ගමේ පාසල් සහ ක්‍රීඩා සමාජවල සිටින වොලිබෝල්, ක්‍රිකට්, මීටර් 100, මීටර් 200, මීටර් 400, උස පැනීම සහ දුර පැනීම යන ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයින්ට අවශ්‍ය න්‍යායික දැනුම රටේ හොඳම පුහුණුකරුවන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා ලබාදෙනු ලැබේ.

වඳ වීගෙන යන ශාක ගමේ පොදු ස්ථානවල වගාකිරීම

තිරසර පරිසරයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව වඳ වීගෙන යන ශාක අතරින් ප්‍රදේශයට ආවේණික ශාක ගමේ පොදු ස්ථානවල වගාකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ඇති වඳවී යාමේ තර්ජනයට ලක්වූ ශාක වර්ග 1496න් පැළ මිලියන 10ක් දිවයින පුරා සිටුවීම මෙහි ඉලක්කය වී තිබේ.

එක ගමකට එක බෝගයක් – ස්ථිර බෝග

අස්වැන්නෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව එක ගමකට එක බෝගයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ගමේ සියලුම පවුල්වලට තමන්ගේ ගෙවතුවල වගා කළ හැකි, දීර්ඝ කාලීනව අස්වනු ලැබෙන එක් බෝගයකින් පැළ සිටුවීමට ලබාදීම මෙහිදී සිදුකෙරේ. ගමේ සියලුම දෙනා එකම බෝගයක් වගා කරන නිසා මේවායේ අස්වනු විකිණීම පහසු වන අතර අස්වනු මිලදී ගන්නා අයටත් තමන්ට අවශ්‍ය තොග එකම තැනකින් ලබාගැනීමට හැකිවේ.

එක ගමකට එක බෝගයක් – අතිරේක බෝග

පෙර සඳහන් කළ ස්ථිර බෝග වගාවෙන් ආදායමක් ලබාගැනීම සඳහා යම් කාලයක් ගතවන හෙයින් ඒ දක්වා ගම්වාසීන්ට අමතර ආදායමක් ඉපයීම සඳහා තම ගෙවතුවල වගා කළ හැකි අතිරේක බෝග හඳුන්වාදීම සිදුකෙරේ. මේවා ද මුළු ගමේම පවුල් එකම බෝගයක් වගා කරන නිසා අස්වනු විකුණා ගැනීම පහසු වන අතර අස්වනු මිලදී ගන්නා අයටත් තමන්ට අවශ්‍ය තොග එකම තැනකින් ලබාගැනීමට හැකිවේ.

නිදහස් වයිෆයි කලාපය – Free wifi

තාක්ෂණයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම නිදහස් වයිෆයි කලාප පිහිටුවනු ලබන අතර වැඩිදුර අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට, රැකියාවක් සොයාගැනීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම සොයන තරුණ තරුණියන්ට, රාජ්‍ය ආයතනවලින් අන්තර්ජාලය ඔස්සේ ලබාගත යුතු සේවාවන් ලබාගැනීමට අවශ්‍ය අයට මෙම ස්ථානයට පැමිණ නොමිලේ අන්තර්ජාලය භාවිතා කළ හැකිය.

තරුණ නායකත්ව සමාජය

හැකියාවන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම තරුණ නායකත්ව සමාජය පිහිටුවන අතර ඔවුන්ට තමන්ගේ හැකියාවන් අනුව වඩාත් ඉහළ වැටුප් ලැබෙන රැකියාවන් කරා යාමට අවශ්‍ය මඟ පෙන්වීම මෙයින් සිදුකරනු ලැබේ.

එමෙන්ම ව්‍යාපාරයන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය මත ගමේ තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා දැනුම ලබාදීමත් සිදුකෙරේ.

සෞඛ්‍ය අධ්‍යාපන පාසල

සෞඛ්‍යයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම සෞඛ්‍ය අධ්‍යාපන පාසල පිහිටුවන අතර විවාහයේ සිට නීරෝගීමත් දරුවකු බිහිකිරීම දක්වා අවශ්‍ය වන සෞඛ්‍යමය දැනුම ලබාදීමත් තම දරුවා නීරෝගීමත් සහ බුද්ධිමත් දරුවකු වශයෙන් වයස අවුරුදු 5 දක්වා රැකබලා ගතයුතු ආකාරය පිළිබඳ දැනුම ලබාදීමත් මෙයින් සිදුකෙරේ. මෙය ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් පන්ති කාමර හරහා සිදුකෙරෙන වැඩසටහනකි.

ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපනය

සාරධර්මයන්ගෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ගමේ පිරිවෙනේ ස්වාමීන් වහන්සේලාට බුද්ධ ධර්මය, සංස්කෘත, පාලි භාෂා ඇතුළු පිරිවෙන් අධ්‍යාපනය ස්මාර්ට් පන්ති කාමර ඔස්සේ ලබාදීම මෙහිදී සිදුකෙරේ.

සූර්ය කෝෂ බලශක්ති පද්ධතිය

බලශක්තියෙන් පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව මෙම සූර්ය කෝෂ විදුලිබල පද්ධති ස්ථාපිත කරන අතර ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවට සහ සියලුම ස්මාර්ට් පන්ති කාමරවලට විදුලිය ලබාදෙන්නේ මෙම සූර්ය කෝෂ මගිනි. මෙයින් නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරමින් ලබාදෙන බැවින් විදුලිය විසන්ධි වීමක් සිදුවන්නේ ද නැත.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩ

ගෙවතු වගාව
අස්වැන්නෙන් පොහොසත් රටක් බිහිකිරීමේ සංකල්පය අනුව පෙර කී පරිදි ආදායම් ලබාගැනීම සඳහා ස්ථිර බෝග සහ අතිරේක වගා කරන අතරේම ගම්වැසියන්ට තම නිවසේ පරිභෝජනය සඳහා පමණක් අවශ්‍ය එළවලු වර්ග, පළා වර්ග ආදිය ගෙවතු වගාවන් වශයෙන් වගාකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන්ව ඊට යොමුකරනු ලැබේ.

එක ගමකට එක නිෂ්පාදනයක්
ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහිකිරීමේ අරමුණින් යුතුව එක ගමකට එක නිෂ්පාදනයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී ගමේ කාන්තාවන්ට සහ තරුණියන්ට තම නිවෙස්වලම සිටිමින් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම හා මූලික පහසුකම් ලබාදීම සිදුකෙරේ. උදාහරණ – විසිතුරු මසුන්, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, ඇඳුම් මැසීම, හඳුන්කූරු නිෂ්පාදනය, බිම්මල් වගාව. ගමේ සියල්ලන්ම එකම භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා මෙහිදී ද තම නිෂ්පාදන විකුණා ගැනීම ඔවුන්ට පහසු වන අතර නිෂ්පාදන මිලදී ගන්නා අයට ද එකම ස්ථානයකින් තමන්ට අවශ්‍ය තොග මිලදී ගැනීමට හැකිවේ.

මෙහි පළමුවැනි ආදර්ශ ගම්මානය බිබිල වෑගම ප්‍රදේශයේදී විවෘත කෙරිණි. ඒ, වෑගම පළාත් පාලන මැතිවරණ කොට්ඨාසය ඇතුළත් කරගනිමිනි. දිවයින පුරා මෙවැනි පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4235ක් පවතින අතර ඒවා යටතේ පවතින ගම්මාන එකතු කරමින් පොකුරු ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම “පොහොසත් ගමක් – පොහොසත් රටක්” සමස්ත ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබේ.

වෑගම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ මේ වනවිට පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් 1000 ක් සිටින අතර තරුණ තරුණියන් 21 දෙනෙක් රැකියා සුදුසුකම් දක්වා පාඨමාලාව සම්පූර්ණ කර ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් රැකියා මධ්‍යස්ථානයෙහි මෘදුකාංග ඉංජිනේරුවරුන් වශයෙන් රැකියා පුහුණුව ලබමින් සිටිති.

ගම පොහොසත් කිරීම සම්බන්ධයෙන් මෙවැනි සංයුක්ත වැඩසටහනක් මේ ආකාරයෙන් ප්‍රායෝගිකව එළිදැක්වෙන්නේ ලෝකයේ පළමු අවස්ථාවට ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ව්‍යාපෘතිය හරහා දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන දිවයින පුරා ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර දැනට විවෘත කර, පවත්වාගෙන යනු ලබන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා සංඛ්‍යාව 131 කි.

SendShareShare
Previous Post

දමිතා විරෝධී පොහොට්ටු – JVP – UNP පොදු සන්ධානය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

රනිල් හිතෙන හිතෙන දේ කළා! කතානායක රූකඩයක් වගේ නැටෙව්වා! කෙහෙළියගේ විශ්වාසභංගය දිනෙව්වා! රටම විරුද්ධ වූ ඔන්ලයින් පනත සම්මත කළා! පාර්ලිමේන්තුවම හෑල්ලු කරලා පොලිස්පති පත් කළා! විනිවිද පෙනෙන පාලනයක් නෑ! තියෙන්නේ සරදියල් පාලනයක්! ඡන්දෙට මාස 2ක් තියා දැන් ආණ්ඩුව සජිත් කරන කරන දේවල් කරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.