• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ සන්ධානයට එක්වූ මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර ‘ඉරා කළුවර’ එළිදක්වයි! මහවැලි ගංගාවටත්-අම්බුළුවාවටත් වෙච්ච විනාශය ගැන කතාකරයි! ”බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ?” පළමු පොත බාල ඖෂධ නිසා අන්ධ වූ රෝගීන්ටත් මියන්මාරයේ සිරවුණු ලාංකික තරුණයන්ගේ මව්පියන්ටත් පිළිගන්වයි! VIDEO I Sri Lanka Latest News

April 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් රචිත ”ඉරා කළුවර” ග්‍රන්ථය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, නීතිඥ ඩිලාන් පෙරේරා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ව්‍යවසායකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් වෘත්තීයවේදීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි පරිශ්‍රයේදී අති සාර්ථකව සිදුකෙරිණි.Sri Lanka Latest News

ග්‍රන්ථය එළිදැක්වීමේදී වසන්ත යාපාබණ්ඩාරයන් පළමුවෙන් ග්‍රන්ථය පිළිගැන්වීම සිදුකරනු ලැබුවේ බාල ඖෂධ හේතුවෙන් අන්ධභාවයට පත්වූ රෝගීන්ටත්, මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ට හසුව සිටින පවුල්වල දෙමව්පියන්ටත්ය. පසුව ග්‍රන්ථයේ සඳහන් විවිධ ක්ෂේත්‍රයන් වෙලාගෙන ඇති දූෂණයේ අන්ධකාරයට එරෙහිව නගන හඬට ශක්තියක් වන මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන චමිල් රූපසිංහ, හේරත් බණ්ඩාර, කමල් සුරවීර සහ අනුර ආනන්ද යන මාධ්‍යවේදී මහත්වරුන්ට ග්‍රන්ථය පිළිගැන්වීය.

මෙහිදී ග්‍රන්ථය පිළිබඳව අදහස් දැක්වූ කර්තෘ වසන්ත යාපාබණ්ඩාරයන් මෙම ග්‍රන්ථය තුලින් මහවැලි ගංගාව නුදුරේදී සිඳී යෑමේ අවධානමත්, අම්බුළුවාව හන්තාන රක්ෂිත ආක්‍රමණය කිරීමේ මතු අර්බුදයට වගකිව යුතු පාර්ලිමේන්තුවත්, පරිපාලකයිනුත් ප්‍රශ්න කිරීම ඔහු එහිදී සිදු කළේය. ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කළේ ”බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ” ගීතය හැකිනම් හන්තානට, අම්බුළුවාට ඇවිත් ගයන්නැයි අභියෝග කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේ වසන්ත යාපාබණ්ඩාර මහතා ඔහු සමීපව හඳුනාගත් දිනයේ සිට මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් නොපැකිලිව එඩිතරව ඉදිරිපත් වුන මහජන නියෝජිතයෙක් හැටියට හැඳින්විය හැකි බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ එ මහතා මෙසේ පැවසීය.

“රටේ බංකොලොත්භාවය පිළිබඳව අංශුමාත්‍රයකවත් කැක්කුමක් නැතිව ඉවක් බවක් නැති දූෂිත පාලනයකින් පොදු ජනයා සතු මූල්‍ය සම්පත මහදවල් මංකොල්ල කන ගජ මිතුරු ධනවාදය තුළින් මේ රටේ ජාතික දේපල, ජාතික සම්පත හිතූ හිතූ ආකාරයට තම තමන්ගේ අතකොළුවන්ට තුට්ටු දෙකට වෙන්දේසි කරන යුගයක වසන්ත යාපාබණ්ඩාර මැතිතුමා මේ තිබෙන්නා වූ අන්ධකාරය ඉවතලන්න සුපිරිසිදු නිර්මල රාජ්‍ය පාලනයක ආලෝකය රටේ පුරවැසියන්ට ලබාදෙන්නට දරන උත්සාහය අපි ප්‍රශංසාවට ලක්කරනවා. කාවින්ද ජයවර්ධන මැතිතුමාත්, වසන්ත යාපාබණ්ඩාර මැතිතුමාත් තරුණ මන්ත්‍රීවරුන් හැටියට වි⁣ශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වුණු අන්ත දූෂිත අක්‍රමිකතාවලින් පිරිච්ච ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කරමින් හිතූ හිතූ ආකාරයට පෞද්ගලික සුභසිද්ධිය උදෙසා රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවපු ඒ දූෂිත ක්‍රියාදාමයට විරුද්ධව මේ තරුණ මන්ත්‍රීවරුන් දෙපළ නැගී හිටපු ආකාරයත් ඒ අය ඉෂ්ඨසිද්ධ කරපු සෑම ජනතාවාදී ක්‍රියාදාමයක්ම අපි ප්‍රශංසා කළ යුතුයි.”

තවද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා මුඛ්‍ය දේශනය පවත්වමින් අවධාරණය කළේ “ඉරා කළුවර” ග්‍රන්ථයෙන් ඛේදවාචක දොලොසක් කෙරෙහි සමස්ථ සමාජයේ ඇස යොමු කර ඇති බවත්, මෙය හෙලිදරව් සාහිත්‍යයේ, තෝල්ස්තොයිලාගෙන් පසු අපූරු අත්හදාබැලීමක් බවයි.

SendShareShare
Previous Post

ආබාධිත රණවිරුවන්ගේ අයිතීන් කප්පාදු කරලා! නොමිලේ දුන් ඉඩමෙනුත් මුදල් ගන්න හදනවා! සිවිල් ආරක්ෂක බළකායේ 34000ක් ගෙදර යවන්න ලෑස්තියි! දැන් රණවිරුවන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි! නුවරින් පටන් අරන් කෑගල්ල කළුතර හම්බන්තොටට අරන් ගිය රණවිරු රැල්ලත් අරන් සජිත් මාතලේටත් එයි! රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන හැටිත් කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ කාලේ ගෙනා බාල බෙහෙතේ හැටි එළියට එයි! ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන්ට දෙන ‘රිටොක්සිමැබ්’ රෝගීන්ට දෙනවා තියා මිනිස් සිරුරුට ළංකරන්නවත් සුදුසු නෑ! විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.