ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා මෙරටට පිටුවහල් කර තිබේ.Sri Lanka Latest News
අද (03) උදෑසන චෙන්නායි ගුවන්තොටුපලේ සිට ඔවුන් මෙරටට පිටත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රජිව් ගාන්ධි ඝාතන චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවමට ලක්වූ මුරුගන්, රොබට් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා 2022 වසරේ බන්ධනාගාරයෙන් නිදහස් වී තිබුණි.
පසුව තිරුචිහි විශේෂ කඳවුරක රඳවා සිටි ඔවුන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙලෙස ශ්‍රී ලංකාවට යොමුකර ඇති බව වාර්තා වෙයි.









