කච්චතිවූ දූපත ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති එරට කොංග්‍රස් පක්ෂයට කළ චෝදනාවලින් අනතුරු භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු නායක අන්නාමලෙයි මහතා විසින් දූපත ලංකාවට පැවරීමට අදාළ සියලු ලිපිලේඛන ලබා ගෙන ඇති බවකි.Sri Lanka Latest News
ඒ ලිපිලේඛන හරහා ඉන්දිරා ගාන්ධි විසින් 1974දී තනි මතයට අනුව දූපත ලංකාවට පවරා දී ඇති බව අනාවරණය වී ඇති බවකි.
ඒ අනුව ඉදිරියේදී කච්චතිවූ දූපත සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් ගැනීමට මෝදි රජය සූදානම් වීමේ යම් අනතුරක් ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කර සිටිති.










