• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් කතා අස්සේ බාල ‘ජීවනී’ පැකට් ලක්ෂ 12ක් ගත්ත කතාවකුත් පත්තු වෙයි! අරන් තියෙන්නේ GMP සහතිකය නැතිව! වියදම මිලියන 60ක්! වෘත්තීය සමිතිවලින් බරපතළ චෝදනා! I Sri Lanka Latest News

April 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති රජයට අයත් රත්මලානේ පිහිටි කර්මාන්තශාලාවක නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ පානයක් වන ජීවනි පැකට් ලක්ෂ දොළහක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන ඇති බවට වෘත්තිය සමිති චෝදනා කරයි.Sri Lanka Latest News

මෙම ජීවනි පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් ජාතික ඖෂධ නියාමන අධිකාරියට 2023 /12/29 දින ලිපියක් යොමුකර ඇත.

ඉන්පසු ඊට පිළිතුරු ලියා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කර ඇත්තේ දේශීය ඖෂධ සඳහා (WOR) සහතිකයක් ලබා නොදෙන බවයි.

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධානත්වයෙන් 2023 /12/21 පැවැති රැස්වීමකදී ගනු ලැබූ තීරණයකට අනුව ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික නොමැති වුවත් මෙම ජිවනි පැකට් තොගය ලබා ගැනීමට හැකියාවක් ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අතිරේක ලේකම්වරයාට දැනුම්දී ඇත.

ඒ අනුව ජීවනි පැකට් දොළාස් ලක්ෂයක් ලබාදී ඇති අතර එහි මුදල රුපියල් මිලියන හැටකි.

ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති කර්මාන්තශාලාවක නිපදවු මෙම ජීවනි තොගය මිලදී ගැනීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම ඖෂධ කර්මාන්තශාලාව ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති බවයි.

එහෙත් ජීවනි ඖෂධයක් ලෙස ලියාපදිංචි කර නොමැති බව ඔහු කීවේය.

මෙම කර්මාන්තශාලාවට තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස අවස්ථා ගණනාවකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතිකය (GMP) ලබාගැනීමට කටයුතු කරන ලෙස එම කර්මාන්තශාලාව තමන්ට ද දැනුම් දී ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ හියුමන් ඉමියුනොගොබියුලින් එන්නත ද ලබාගෙන ඇත්තේ ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොගත් සිදුවේ පිහිටි කර්මාන්තශාලාවකින් බවයි.

ජීවනි පැකට් ලක්ෂ දොළහද ලබාගෙන ඇත්තේද එවැනි කර්මාන්තශාලාවකින් බව ඔහු අවධාරණය කළේය.

මෙරට නිෂ්පාදනයන්ට ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකයක් ඉල්ලීම අසාමාන්‍ය තත්ත්වයක් බවත් ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන් පිළිඹිඹු වන්නේ මෙරට ඖෂධවල නියාමනයක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

රජයේ ආයතනයක් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කරන්නේ නම් මෙහි වගකීම ගැන ඇත්තේ ගැටලුසහගත තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ජීවනි තොගය මිලදී ගැනීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියාමනයක් සිදුකරන ආකාරයට පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ජීවනි තොගය රෝගීන්ට ලබා දී ඇති අතර GMP සහතිකය ලබාදෙන තුරු ඖෂධ නිෂ්පාදනය කිරීමට එපා යැයි කියා නියාමන අධිකාරිය දැනුම් දී නොමැති බවද ඔහු සඳහන් කළේය. ඖෂධවල ප්‍රමිතිය ගැන දැඩි අවධානය යොමුකළ යුතු බවද ඔහු කියා සිටියේය. -අරුණ

SendShareShare
Previous Post

පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයට ගිහින්! පාස්කු බෝම්බයෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසයි! වියලි ආහාර ද්‍රව්‍යයත් බෙදා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙදර ගිහිල්ලා The Frost බලන්න! Maharaja in Denims ළඟදීම ලංකාවට එනවා! ඒකත් බලන්න ලෑස්ති වෙන්න! ජනාධිපති අපේ රටේ නළුනිළියන්ට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.