‘මව්බිම අනතුරේ’ යන සටන් පාඨය යටතේ ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා කොළඹ සිට මහනුවර දළදා මාලිගාව දක්වා රථ පෙළපාළියක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව සිය පියා ගෙනගිය සටන ඉදිරියට ගෙන යෑම මෙම රථ පෙළපාළියේ අරමුණ වී ඇති බව වාර්තා වේ.
එය අද දින කොළඹින් ආරම්භ වූ අතර ඊට එක්වූ උවිදු විජේවීර මහතා සදහන් කර සිටියේ මේ වනවිට ඉන්දීය ව්‍යාප්තවාදය හමුවේ ඇතැම් පක්ෂ නිහඩව සිටින බවකි.
එමෙන්ම පසුගිය සතියේදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව උවිඳු විජේවීර විසින් කොළඹදී සම්මන්ත්‍රණයක්ද පැවැත්වූ අතර, එය නම්කොට තිබුණේ ‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා – අවසන් සැතපුම’ යන නමිනි.









