• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගුත්තිල සහ මූසිල! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 16, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

2000 මහ මැතිවරණ පරාජයෙන් පසු එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල්ට එරෙහිව ආ කැරැල්ල රනිල්ගේ නායකත්වයට එරෙහිව ආ ලොකුම කැරැල්ලය. කැරැල්ලට නායකත්වය දුන්නේ නියෝජ්‍ය නායක කරු ජසයූරිය සහ උපනායක ගාමිණී අතුකෝරලය. ගාමිණී සහ කරු රනිල්ට එරෙහිව කැරැල්ල ගහන්න ලොකුම හේතුව වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න ගේම් නොගහ රනිල් නෝර්වේ ඇතුළු රට රටවල සවාරි යෑමය.Sri Lanka Latest News

යූ.ඇන්.පී.ය ඇතුළේ නායකයා, නියෝජ්‍ය නායකයා සහ උපනායකයා කාකොටා ගන්නා විට චන්ද්‍රිකාගේ ආණ්ඩුව පුපුරුවන වෙඩි නූල පත්තු කළේ මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් නොහොත් ජී.එල්. පීරිස්ය.

මේ වෙනකොට රනිල් හිටියේ ජී.එල්. එක්ක තරහින්ය. හේතුව 1994ට පෙර යූ.ඇන්.පී.ය සමග සිටි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජී.එල්. 1994 ශ්‍රීලනිප අගමැති අපේක්ෂිකා චන්ද්‍රිකා ළඟට රැගෙන ආ නිසාය. 1994 ජනාධිපති විජේතුංගට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් නිදහස් සහ සාධාරණ ඡන්දයක් පවත්වන ලෙස බලපෑම් කරන විට රනිල්ගේ ඇස් උඩ ගියේය. එපමණක් නොව ඡන්දය දිනා මහින්දගේ ආරක්ෂාව තහවුරු කළේත් එවක මෙරට ඇමෙරිකානු තානාපතිනී තෙරිෂිටාය. ජී.එල්. චන්ද්‍රිකා එක්ක එකතු වන විට ශ්‍රීලනිපය ප්‍රතිපත්ති හැදුවේ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියට සමීප වාමවාදී මහාචාර්යවරුය. හැබැයි ඡන්දය හැමදාම පරාද විය.

‘අපිට විදේශ රටවල ව්‍යාපාරික පන්තියේ සහාය අවශ්‍යයි. අදට ගැළපෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි හදමු…’

ජී.එල්. යෝජනා කළේය. චන්ද්‍රිකා ‘හා’ කීවාය. ජී.එල්. ප්‍රතිපත්ති ප්‍රකාශය හදන බව දැන රනිල් ඒ වන විටත් යූ.ඇන්.පී.ය සමග එක්ව සිටි අනුරගේ ශ්‍රීලනිප මිත්‍රයන් පාවිච්චි කොට ජී.එල්. හදපු ප්‍රතිපත්ති ප්‍රකාශය ඉස්සුවේය. උස්සලා එය යූ.ඇන්.පී. ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කළේය. ඒත් චන්ද්‍රිකා දින්නාය. රනිල් විපක්ෂ නායක විය. චන්ද්‍රිකා දින්නාට පසු ජී.එල්. වාර්ගික ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් කළ පැකේජයට සහාය දෙන ලෙස රනිල්ට ඇමෙරිකාවෙන් බි්‍රතාන්‍යයෙන් කැනඩාවෙන් බලපෑම් ආවේය. ඉන්දියාවද ලොකු බලපෑමක් එල්ල කළේය. රනිල් අන්ත අසරණ විය. ජී.එල්. චන්ද්‍රිකා සමග පැකේජයට සහාය ලබාගන්න ප්‍රබල යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් පිරිසක් කඩාගත්හ. දේශපාලන විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ ජී.එල්.ගේ ගේම් වට්ටවන්න රනිල් ගහපු හැම ගේමක්ම වැරැදුණි. රනිල් වැඩිපුරම ජී.එල්. එක්ක තරහ වුණේ ඒකය. ජී.එල්. මුදල් රාජ්‍ය ඇමැති ලෙස වොෂින්ටන් ගොස් අයි.එම්.එෆ්. සහන ලබාගැනීම, ලෝකෙ වටේ ගොස් ආධාර එකතු කරගැනීමද රනිල් රිස්සුවේ නැත. යූ.ඇන්.පී.යට පමණක් කරන්න පුළුවන් කියලා යූ.ඇන්.පී.ය රටට පෙන්වන හැම දේම ජී.එල්. චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප ආණ්ඩුවේ සිට කරලා පෙන්නුවේය.

වැඩි කලක් ගියේ නැත. චන්ද්‍රිකා අනෙක් හැමෝම සමගම වගේ ජී.එල්. එක්කත් ප්‍රශ්න හදාගත්තාය. ජී.එල්. කලකිරුණි. චන්ද්‍රිකා ජී.එල්.ට පල නොකියා පලා බෙදුවාය. රනිල් හිටියේ යූ.ඇන්.පී.යේ කැරැලි මැද අනාථ වෙලාය. ජී.එල්. ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. සහ මහින්ද රාජපක්ෂ සමග හොරෙන් හොරෙන් සාකච්ඡා කොට චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් නිර්මාණය කළේය. ඔවුහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට යන්න තීරණය කළහ. රනිල් සහ ජී.එල්. අතර සාකච්ඡා ආරම්භ විය. මහින්ද ආණ්ඩුවෙන් එළියට එන්න බැහැ කීවේය. හැබැයි ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහි කැරැල්ලට හයිය දුන්නේය. 2001 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව හතර ගාතේ ඇදවැටුණි.

විපක්ෂ නායකකමෙන් සහ පක්ෂ නායකකමෙන් වීසි වෙන්න ගිය රනිල් අගමැති විය. ජී.එල්. රනිල්ගේ සාම ප්‍රයත්නයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රධානියා විය. සාම සාකච්ඡා මැද රනිල් කරුණාව කඩද්දී ජී.එල්. බාලසිංහම්ව කැඩුවේය. ඔස්ලෝහි මහ රෑ නිදිවරා ජී.එල්. බාලසිංහම්ව ෆෙඩරල් විසඳුමකට එකඟ කරගත්තේය. මේ සාකච්ඡාවලට කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් සහභාගි නොවීය. එල්.ටී.ටී.ඊ. සාම නියෝජිත පිරිසේ කිසිවෙක් ජී.එල්. සහ බාලසිංහම් එකඟතාව දැන සිටියේ නැත. ෆෙඩරල් විසඳුමකට එල්.ටී.ටී.ඊ,ය එකඟ යැයි ජී.එල්. සහ බාලසිංහම් එනවුන්ස් කරද්දී තමිල් සෙල්වම්ලා ඔස්ලෝ හෝටලයේ සිට ප්‍රභාකරන්ට කතාකොට බාලසිංහම් උගුලකට හසුවෙලා යැයි කීහ. එතැන් සිට ප්‍රභාකරන් බාලසිංහම් දිහා බැලුවේ සැකයෙනි. ප්‍රභාකරන් සාම සාකච්ඡා කඩාකප්පල් කොට බාලසිංහම්ව ලන්ඩනයට පිටත් කර යැව්වේය.

ජී.එල්. කියන්නේ පොතේ ගුරෙක් නොව තමා වගේම ගේම්කාරයෙක් යැයි රනිල්ට තේරෙන්න ඇත්තේ එදාය. ජී.එල්. රනිල්ගේ ගුරුවරයා වුවත් ජී.එල්.ගෙන් ගේම් ඉගෙන ගන්න රනිල් කැමැති වුණේ නැත. 2002 රනිල් අගමැති වූ පසු චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නතර කරන්න චන්ද්‍රිකාට එරෙහිව සහ අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝග දෙකක් ගේන්නත්, ඒ සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරු එකතු කරගන්නත් ජී,එල්., එස්.බී. සමග එක්වී ගේම් එකක් ගැහුවේය. රනිල් එයට අකැමැති විය. රනිල් එක්ක ගමනක් යන්න අමාරු බව ජී.එල්.ලාට තේරුණේ එදාය.
රනිල් දේශපාලනය වෙනස් කරන්න ගේම් ගහන ගේම්කාරයෙක් නොවේ. ඔහු යන දේශපාලනයට යන්න දීලා යන ගමන් ගේම් ගහයි. ජී.එල්. දේශපාලනය වෙනස් කරලා ගේම් ගහන ගේම්කාරයෙකි.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූ පසු ශ්‍රීලනිප මන්ත්‍රීවරු හැමෝම ජනාධිපති මෛත්‍රීපාලට බයවිය. මෛත්‍රීපාල ජනාධිපති වූ දින සිට මෛත්‍රීපාලට ගැහුව දෙතුන් දෙනා අතරින් ජී.එල්. එක්කෙනෙකි. රාජපක්ෂ පවුල ජී.එල්.ව පොදුජන පෙරමුණේ සභාපති කළේ මෛත්‍රීපාලට බය කරලා හෝ වරදාන දීලා ගන්න බැරි එකම මිනිහා ජී.එල්. බව දැනගෙනය. මහින්ද ජී.එල්.ගෙන් හොඳට වැඩගත්තේය ගෝඨාභය රත්තරන් මොළයක් ආණ්ඩුවේ තියාගෙන ඔහුව නොතකා රනිල්ගේ මොළෙන් වැඩ ගන්න හිතුවේය. රනිල්ව ජනාධිපති කරන්න මුළු පවුලම එකට එකතු වෙද්දී ජී.එල්. ඩලස්ව ජනාධිපති අපේක්ෂක කරලා එයට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සහාය අරන් රාජපක්ෂලාටත් රනිල්ටත් හොඳ පාඩමක් ඉගැන්නුවේය. ජී.එල්.ගේ මොළේට රනිල් ගහන්න යන ගේම තේරුණත්, රාජපක්ෂ පවුලට එය තේරුණේ නැත.

රනිල් ජනාධිපති වූ පසු සමගි ජන බලවේගයේ රනිල්වාදීන් රනිල්ට කඩේ ගොස් විපක්ෂය දියාරු කරන ආකාරයත්, ඒ නිසාම ජවිපෙ ප්‍රධාන විපක්ෂය ලෙස රනිල්ට ගහලා මතුවෙන්න උත්සාහ කරන හැටිත් ජී.එල්. දුටුවේය. රනිල්වාදීන්ගේ කට කැඩිච්ච කතා හමුවේ සජිත් අමාරුවෙන් පක්ෂය එකට තියාගන්න ගහන ගේම ජී.එල්. දුටුවේය. රනිල්ට එරෙහිව විදේශ තානාපතිවරුන්ට වචනයක් හෝ කියන්න විපක්ෂ මන්ත්‍රීවරයෙක් නොවීය. ජී.එල්. තමාගේ විදේශ සබඳතා පාවිච්චි කොට රනිල්ගේ ආණ්ඩුවේ මර්දනය ගැන තානාපතිවරු දැනුවත් කළේය. මහජනතාවට මිසක් ආණ්ඩුවලට කඩේ යන්න එපා යැයි අයි.එම්.එෆ්. එකට කීවේය. සජිත් සහ ජී.එල්. එකට එකතු වූයේ ඒ ගේම ගහන්නටය.

රනිල්ට මෙය දරාගත නොහැකි විය. සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලින්න බලාගෙන සිටි රනිල්ට ජී.එල්., සජිත් එක්ක එකතු වෙලා ගහන්න යන ගේම තේරුණි. රනිල් ජාත්‍යන්තර සමුළුවලට යන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අරන් යන්නේ විපක්ෂයත් තමන් සමග සිටින බව පෙන්වන්නටය. ජී.එල්. රනිල් කරන්නේ බොරුවක් බව විදේශ තානාපතිවරු හරහා ලෝකයටම පණිවුඩය යැවීය.

රනිල්ට ජී.එල්.ව පේන්නේ තමා ලෙසය. ජී.එල්. සමගි ජන බලවේගය සමග එක්වී මොන ගේමක් ගහයි දැයි බයෙන් සිටී. කුලියාපිටියේදී ඔහු ජී.එල්.ටයි ගොඩහේවාටයි බැන්නේ ඔවුන් දෙදෙනා සමගි ජන බලවේගය සාක්කුවේ දමාගන්න තමන් දකින හීනය බොඳකරන්න සජිත් සමග පැය විසිහතරම වැඩකරන බව දැනගෙනය.

රනිල් සහ ජී.එල්. සටන ගුත්තිල – මූසිල සටනකි. ජී.එල්. රනිල්ගේ ගුරුවරයාය. ගුත්තිල – මූසිල සටනින් දින්නේ නම් ගුත්තිලය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘සිහින දිනන රටක ජවය’! ට්‍රෙන්ඩ් එකට රොක්වෙමු! වෙනස් විදිහකට… වෙනස් තාලෙකට… ‌වෙනස් ආරකට.. කොල්ලො කෙල්ලෝ සජිත් එක්ක අද කටුපොත පොල්පිටි වැවට රැස්වෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය මහකොමසාරිස් හා පොලිස් ඇමැති ටිරාන් අතර හමුවක්! PHOTOS I (Sri Lanka Latest News)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.