• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දාලත් සැකකරුගේ ෆොටෝ නෑ… මියගිය පවුලේ එකම ෆොටෝ එකයි දැම්මේමළසිරුරුවල එක ෆොටෝ එකක් දැම්මේ නෑ… ලංකාවේ මොහෙම වුණානම් අපේ මාධ්‍යයි යූටිටුබ් කාරයොයි කොහොම හැසිරෙයිද? Sri Lanka Latest News

March 16, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

මරපු කෙනාගේ හත්මුතු පරම්පරාවේම ෆොටෝ දාලා ප්‍රකාශ අරන් නාට්ටියත් ගහලා

ඇතුවත් බැරි නැතුවත් බැරි බොහෝ දේ අතර මාධ්‍ය කලාව සුවිශේෂ වේ. රඟපෑම ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව සිනමාවට ටෙලි කලාවට එන නළු නිළියන්ව සුපිරි තරු කරන්නේ මාධ්‍යවලින්ය. ඒ වගේම ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි කරමින් කමකට නැති ඕපාදූප පතුරන්නේද මාධ්‍ය විසින්මය.

ඒ කියන මාධ්‍යයන් ඇතැම් විට පතුරවන ඒ ඕපාදූප අතින් දමා හැඩ කළ ඒවා වන්නට පුළුවන් වුවද කියවන අයට එහි වගක් නැත්තේය. අන්න එතැනදී මාධ්‍ය විසින්ම ඇති පදමට වර්ණනා කර ඉහළ අහසේ තාරකාවක් කළ අර සුපිරි නිළිය හෝ නළුවාට උල්කාපාතයක් කොට මහ පොළොවට ඇද දමන්නටද ඔවුන්ට පුළුවන. Sri Lanka Latest News

සිනමා හෝ නාට්‍ය කලාවට විතරක් නොව දේශපාලනයේදීද ඒක එහෙමය. එයට හොඳම නිදසුන ගෝඨාභය රාජපක්ෂය. ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය කැම්පේන් එකක් කරගත්ත ගෝඨාභයව ජනාධිපති කරවීමට විද්‍යුත් මාධ්‍ය සේම බොහෝ මුද්‍රිත මාධ්‍යයන්ද එදා කළ මෙහෙවර සුළුපටු නැත. එය මෙහෙවරකට වඩා ගොට්ට ඇල්ලීමක් හෝ කඩේ යෑමක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.

එලෙසම ‘ගෝඨා ගෝ හෝම්’ කියා ගෝඨාභයට දේශපාලනය මෙන්ම ජනාධිපති ධුරයද හැරදමා යන තැනට ගේම් එක දුන්නේද එකී මාධ්‍යයන්මය. සිනමාවට දේශපාලනයට සේම දූෂණයක් මිනීමැරුමක් වැනි සිදුවීමකදීද අපේ ඊනියා මාධ්‍ය කටයුතු කරන්නේ එහෙමය. මොකක් හෝ සංකීර්ණ සංසිද්ධියකදී ඔවුන් අපරාධකරු ලෙස හඳුන්වා දෙන අය, නම්කරන අය පසු කලෙක ඔවුන් විසින්ම නිදොස් කොට නිදහස් කරයි. එහිදී වෙනත්ම කෙනකු අලුතෙන්ම මිනීමරුවා හෝ දූෂකයා කරවයි. පසු කලෙක නඩුව අසා හමාර වෙන විට නියම වැරැදිකරු විදියට ඔවුන් හඳුන්වා දෙන්නේ වෙනත්ම පුද්ගලයෙකි.

අරගලයේදී හාදවූ තරුණ යුවල සහ ඔවුන් කෝච්චි පෙට්ටියක තබා ගිය බබා මතකද?

අපේ මාධ්‍යයන් එහිදී හැසිරුණේ මේ තරුණ ජෝඩුව ලෝකයේ ඉන්න ලොකුම අපරාධකරුවන් දෙදෙනා ලෙස හුවාදක්වමිනි. කැමරා අටෝගෙන, මයික් අරගෙන ගම් නියම්ගම් සිසාරා ඔවුන් තරුණ ජෝඩුව පසුපස පැන්නුවේය. ඔවුන් දෙපළගේ මවුපියන් සහ නෑදෑ හිතවතුන්වද ඕපාදූපවලට ඈඳා ගත්හ. රටේ දහසකුත් එකක් දරුණු ප්‍රශ්න තිබියදී ඒවා තඹ සතේකට මායිම් නොකර ඔවුහු කෝච්චි පෙට්ටියේ දමාගිය බබා සහ බබාගේ අම්මා තාත්තා වූ අරගලකරුවන් ගැනත් ඔවුන්ගේ හත්මුතු පරම්පරාව ගැනත් කුණු රසැති කමකට නැති වල්පල් මාධ්‍ය පුරා පැතිරවූහ.

ලංකාවේ මාධ්‍යය බොහොමයක් බොහෝ විට එහෙමය. මොකක්දෝ කතාබහකදී අපේ අද්විතීය නිර්මාණකරු ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක කියා තිබුණේ ‘ඒ අපේ රටේ හැටි’ කියලාය. කිව්වත් වාගෙම ඒ අපේ රටේ හැටිය. ලංකාවේ හැටිය. හැබැයි කැනඩාවේ හැටි නම් ඊට හාත්පසින්ම වෙනස්ය. කැනඩාවේ මාධ්‍ය කලාව ඉතා සදාචාරාත්මකය. පරෙස්සම්සහගතය. ඒ වාගෙම ඔවුන් විනයගරුකය. හැසිරීම් සංයමයෙන් යුතුය.

ඒ සියලු ඇවතුම් පැවතුම් මොනවට සනාථ වූයේ පසුගිය සතියේ කැනඩාවේ ඔටාවා නුවර බාර්හෙවන් පෙදෙසෙහි සිදුවූ ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමත් සමගය. ඒ කනගාටුදායක සිද්ධිය ගැන තවදුරටත් අලුතෙන් විස්තර කළ යුතු නැති තරමට හැමෝම වාගේ ඒ ගැන සියලු විස්තර දන්නේය. සිඟිති දියණියක සමග තව කුඩා දරුවන් තුන්දෙනෙකුත් ඔවුන්ගේ මව සහ තවත් වැඩිහිටි මිනිසෙකුත් සාහසික ලෙස කතා කොටා මරාදැමූ ඒ ශෝකාන්තය නැවත නැවත කතා කිරීමට තරම් සුදුසු නොවන කාරණයක් නිසාත් අප කැනේඩියානු මාධ්‍යකරුවන් ගැන කතාබහ වෙත යොමු වෙමු.

සහතික වශයෙන්ම කැනේඩියානු මාධ්‍යකරුවන් අර තරම් බිහිසුණු සිදුවීමක් ගැන තොරතුරු මාධ්‍ය හරහා අනාවරණ කළ අන්දම ලංකාවේ මාධ්‍ය කලාව අනුව ගෙන බලන විට නම් අතිශයින්ම පුදුමාකාරය. විශේෂයෙන්ම කතා කරන්නට වුවමනා පළමු කාරණය වන්නේ වරදට සැකකරුව සිටින ෆෙබි්‍රයෝ සොයිසාගේ පැහැදිලි ඡායාරූපයක්වත් ඔවුන් විසින් මාධ්‍යයක පළකොට නැති එකය. ඒ වගේම අධිකරණයට තවමත් මිනීමරුවකු නොවන සැකකරුවකු පමණක්ම වන ෆෙබි්‍රයෝ මාධ්‍යයටද එලෙසම සැකකරුවකු පමණකි.

එරට විද්‍යුත් මාධ්‍යවලටත් එය එහෙමමය. ලංකාවේ අපේ විiුත් මාධ්‍යවල වාගේ, ‘මෙන්න අහිංසක දරු පවුලක් අමු අමුවේ මරාදැමූ ෆෙබි්‍රයෝගේ සුලමුල’ යනුවෙන් වූ සිරස්තල සහිත තොරතුරු කැනේඩියානු විද්‍යුත් මාධ්‍යවල පළවූයේ නැත. සියලු වැදගත්ය කියන වැඩ පසෙක තබා ෆෙබි්‍රයෝගේ පවුලේ තොරතුරු සොයන්නට නොදන්නා පැටිකිරිය මාධ්‍ය හරහා දිගහරින්නට කැනේඩියානු මාධ්‍යකරුවන් තෙල් පුච්චා ගත්තේ නැත.

අධිකරණයෙන් තීන්දු කරන්නටත් පළමුව සැකකාරයන්ව මිනීමරුවන් හෝ දූෂකයන් කරන්නට අපේ මාධ්‍ය කලාවට සරම පිටපොට ගසමින් තම තමන්ගේ පෑන මෙහෙයවූවාට එරට මාධ්‍යකරුවන්ට එහෙම මාධ්‍ය උමතුවක් තිබුණේ නැත. අපේ රටේ යූටියුබර්ස්ලාද ඔක්කොටම හපන්ය. ගමේ කෝපි කඩේට එක්රොක්ව කුණු ඕපාදූප හොයන අබිලිංලා එන්සිනාලා මෙන් ඔවුන්ද එකිනෙකා පරයමින් තම තමන්ට රිසි ආකාරයට තිර පිටපත් නිර්මාණය කොට කිසිදු වගකීමක් නැතිව ඒවා මුදාහරින්නට ඕනෑම සිදුවීමකදී සිය විනයගරුක බව උකස් කළද, කැනේඩියානු යූටියුබ් නිර්මාණකරුවන් තවමත් ෆෙටි්‍රයෝ සොයිසා ගැන කිසිදු ආකාරයේ වීඩියෝවක් මුදාහැර නැත.

ඒ හැම දේම ටිකකට පැත්තකින් තියලා අපි මෙහෙම අහන්නෙමු.

ඝාතනයට මැදිවූ පවුලේ කපාකොටා දමන ලද ලෙයින් තෙත්ව ගිය එකම එක බිහිසුණු පින්තූරයක්වත් අද වනතුරුවත් මෙය කියවන ඔබ ඇසින් දුටුවාද?

අනිවාර්යයෙන්ම ‘නැහැ’ කියන උත්තරය හැමෝම ළඟ තියෙන වග නිසැකය. ලංකාව වාගේ රටක වුණා නම් එය කොහොම වන්නට තිබුණාද? මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යවල වගේම සෝෂල් මීඩියාවලත් උණු කැවුම් ගානට ශෝකී පසුබිම් වාදනයක් සමග ඒ ශ්‍රී ලාංකික පවුලේ බිහිසුණු සේයාරූ අලෙවි වන්නට තිබුණා නොවේද? ඔව්. සත්තකින්ම එහෙම වෙන්නට තිබුණා. අන්න ඒ නිසා තමයි කැනේඩියානු මාධ්‍ය කලාව තුළ ඇති විනයගරුක බව ලංකාවේ මාධ්‍ය කලාවට වැඩිය බොහෝ වෙනස් වන්නේ.

බොහෝ සුවිශේෂ වන්නේ. ඔවුන් සිටින්නේ තද රතු ඉරක් ගසාගත් සීමා පැනවූ තැනකය. ඒ රතු ඉර ගහගත්තා වාගෙම සිමාව පනවා ගත්තේද ඔවුන් විසින්ම මිස කිසිදු නීති පද්ධතියකින් නොවේය. ඔන්න ආයෙමත් කියන්නට වෙනවා, ඒ තමයි ඔවුන් අපේ මාධ්‍යකරුවන්ට වඩා බොහෝ වෙනස් වූ තැන. ඉතින් අපට ඔවුන්ගෙන් උගතයුතු දේ සේම ගත හැකි ආදර්ශයන්ද බොහෝය. Sri Lanka Latest News

කියන්නට අවැසි තවත් කතාවක් වේ.

ඒ, කැනේඩියානු මාධ්‍යකරුවන් පොලිසියට වැරැදුණු තැන් පෙන්වා දුන් ගාම්භීර ස්වභාවයය. කැනේඩියානු පොලිසිය විසින් සැකකරු වූ ෆෙබි්‍රයෝ සොයිසාගේ නමද, ඒ බිහිසුණු සිදුවීම වාර්තා වූ වේලාවද, ඝාතනයට ලක්වූ අයගේ නම් ලැයිස්තුවද කිහිප වතාවක් වැරැදියට සටහන් කොට ඇති බවට මාධ්‍ය විසින් තොරතුරු අනාවරණ කර ඇත. ප්‍රධාන නිලධාරී එරික් ස්ටබ්ස් පවසා ඇත්තේ මෙවැනි සංකීර්ණ සංසිද්ධියකදී එවැනි අත්වැරැදීම් සිදුවීම මඳක් සාමාන්‍ය බවය.

නමුත් කැනේඩියානු මාධ්‍ය පවසන්නේ මෙතරම් විශාල වගකීමකදී එවැනි හේතු පාඨ පැවසීමෙන් පොලිස් සේවාව සහ පොලිසිය කෙරෙහි මහජනතාව තුළ තිබෙන විශ්වාසය සහ අවබෝධය පලුදුව යන බවකි. එලෙසම මෙවැනි භාරදූර සංකීර්ණ සිදුවීමකදී මාධ්‍යය මෙන්ම පොලිසියද ශ්‍රේෂ්ඨාධිකරණය හරහා හරියටම හරි යන සාධාරණ තීන්දුව ලැබෙන තුරුම එකී සිදුවීමට මැදිව සිටින අයගේද සැකකරුවන්ගේද හිතසුව පිණිස සිය කාර්යයන් මෙහෙයවිය යුතු බවත්, නැතිනම් එදෙස බලා සිටින සාමාන්‍ය ජනතාව අතර ඔවුන් ඉබේටම බ්ලැක් ලිස්ට් විය හැකි බවත් කැනේඩියානු මාධ්‍ය තවදුරටත් ප්‍රසිද්ධියේම පවසා සිටියහ.

ඔවුන්ගේ අදහස් එලෙස වී නම් මෙලෙස සටහන් නොකර සිටීම අපට යුතු නැත. කැනේඩියානු මාධ්‍යකරුවන්ට මෙන්න අපේ ගෞරවනීය ආචාරය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විජේවීරගේ පුතා තාත්තාගේ සටන අතට ගනී! කොළඹ සිට මහනුවරට රථ පෙළපාලියක් අරඹයි! ‘ආක්‍රමණ හමුවේ එදා සක්‍රීයව දේශපාලනය කරපු දේශපාලන පක්ෂ අද නිහඬයි’ VIDEO I Sri Lanka Latest News

Next Post

දවස් 75යි! වෙඩිතැබීම් 32යි! මරණ 21යි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.