සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළදී තරුණ කාන්තාවකගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කර තිබේ.Sri Lanka Latest News
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගොල්ලාගම, මෙගොඩ වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.
අනියම් පුරුෂයා සමග ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී තිබේ.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය සිදු කරයි.










