අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ආරම්භ කර ඇති මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේද සහාය ලබාගනිමින් හෙට (11) සිට තවත් වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. (Sri Lanka Latest News)
‘නීතිගරුක රටක්’ මැයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධාන කර තිබූ උත්සාවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ විෂයභාර අමාත්‍යවරයාගේ ද පූර්ණ සහාය ලබාගනිමින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කර නුදුරේදීම මෙරට මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීමට කටයුතු කරන බවයි.










