කොරෝනා වසංගතය මැද මහමැතිවරණයක් පැවැත්වූ පළමු රට ලෙස වාර්තා පොතට එක්වූ දකුණු කොරියාවේ පාලක පක්ෂය ඉන් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව ඇත.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ. ඉන් මහතාගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ එරට පාර්ලිමේන්තුවේ ආසන 300න් ආසන 163ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කොට තිබේ.
එමෙන්ම මූන් ජේ. ඉන් මහතාට සහාය පළකරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ‘Platform Party’ ආසන 17ක් ලබා ගැනීමත් සමග සමස්ත ආසන සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති මධ්‍යයේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමද විශේෂ කරුණකි.










