• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කච්චතිව් මංගල්ලෙට ඇත්තටම මොකද වුණේ? I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

මව්රට රිංගලා හොයා ගත්ත ඇත්ත මෙන්න…

කච්චතිව් දූපත පිළිබඳ කතාබහ යළි ඇතිවන්නේ පහුගිය දිනෙක පැවැති කච්චතිව් දූපතේ පල්ලියේ මංගල්‍යය හේතුවෙනි. ඒ අනුව කච්චතිව් ඉතිහාසයේ ඈතම තැනක සිට මේ ලිපිය ආරම්භ කළ යුතු යැයි ලියුම්කරු විශ්වාස කරයි. වර්ෂ 1800දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කරගනිමින් 1950දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කරන ලද කෘතියක කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වලා තියෙනවා.(Sri Lanka Latest News)

ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයකු වූ සර් ජේම්ස් එමර්සන් 1860දී සිලෝන් නමින් එළිදක්වන ලද පොතකත් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිතිව තියෙන සිතියමක් තියෙනවා. මේ විදියටම 1921දී කච්චතිව් දූපත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් කියන කණ්ඩායම් දෙක සහභාගි වූ බවත් කියැවෙනවා. එතැනදී ඉන්දීය නියෝජිතයන් සඳහන් කරලා තියෙනවලු කච්චතිව් දූපත බි්‍රතාන්‍ය පාලන කාලේ ඉඳලා රාමන්ට් පාලකයෙක් යටතේ පාලනය වූ බව. හැබැයි ශ්‍රී ලංකා නියෝජිතයන් කියලා තියෙන්නේ කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබුණු බව.

කොහොම වුණත් 1974දී කච්චතිව්වල තිබුණු ගැටලුව නිරාකරණය කරගන්න සමත් වෙනවා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙන්. 1974 ජුනි මාසේ 26 වැනිදා සුවිශේෂ ගිවිසුමක් අස්සන් කරලා කච්චතිව් දූපතේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට ලැබෙනවා. ඉන් පස්සේ කච්චතිව් අයිති ශ්‍රී ලංකාවට. ඉන්දියාව ආසන්නයේම තියෙන දූපතක් විදියට කච්චතිව් ඉන්දියාවට හිමි යැයි ඉන්දියාව නිතර තර්ක කළත් විශාල ඉන්දියාවට මේ පුංචි ශ්‍රී ලංකාවට අයිති වෙලා තියෙන චූටි දූපත් කෑල්ල ඕනෙ නෑ කියලා සාමාන්‍යයෙන් අපටත් හිතෙනවා. ආනලතිව්, පොංගුඩුතිව්, ඩෙල්ෆ්ට් කියන දූපත් අතර තමයි කච්චතිව් තියෙන්නේ. හැබැයි යාපනේ ඉඳලා ගත්තම යාපනේට ඉතා දුරින් පිහිටි දූපතත් කච්චතිව් යැයි අපට විශ්වාස කරන්න පුළුවන්.

ලංකාව වටේ දූපත් ගොඩක් තියෙනවා. අපි ඒක දන්නවා. බත්තලංගුණ්ඩුව, පල්ලියවත්ත, වෙල්ලේ මේ දූපත් හතරින් එකක්. කයිට්ස් වගේ දූපත් ඉතා කිට්ටුවෙන් පිහිටා තිබෙනවා ශ්‍රී ලංකාවට. නමුත් පුංගුඩුතිව්, ආනලතිව් වගේ දූපත් ඩෙල්ෆ්ට් වගේ දූපත් යම් සැලකිය යුතු දුරකින් තමයි පිහිටා තියෙන්නේ. කොහොම වුණත් මේ දූපත ගැන හොයලා බලද්දී අපට දැනගන්න ලැබෙන දේ තමයි දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ඉඳලා කච්චතිව් දූපතට තියෙන්නේ කිලෝමීටර් 24යි. යාපනේ ඉඳලා කච්චතිව් දූපත දක්වා කිලෝමීටර් 63ක් තියෙනවා. ඒ අනුව එය වැඩිපුරම ළඟ ලංකාවට වඩා ඉන්දියාවට.

කච්චතිව් දූපතේ භූමි ප්‍රමාණය අක්කර 280ක් විතර කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කච්චතිව් දූපත ධීවර කටයුතු සඳහා යන අය නතර වෙලා හිටපු තැනක් විදියටත් ඉස්සර තිබිලා තියෙනවා. නමුත් කච්චතිව් දූපත ආසන්නයේදී ඉන්දියානු ජාතිකයන්ව අත්අඩංගුවට ගැනීමක් පහුගිය කාලේ දිගින් දිගටම සිදුවුණා. ඊට එරෙහිව දකුණු ඉන්දීය ධීවරයෝ විරෝධතා මාලාවක් පැවැත්වූවා ඉන්දියාවේදී. එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන් අවසානයේදී කිව්වා 2024 කච්චතිව් දේව මංගල්‍යයට තමන් සහභාගි වෙන්නේ නෑ, අත්අඩංගුවේ ඉන්න ඉන්දීය ධීවරයන් නිදහස් කළේ නැත්නම් කියලා. අන්න ඒ කාරණාව සනාථ කරමින් තමයි ඔවුන් මේ වතාවේදී සහභාගි නොවෙන්නේ කච්චතිව් මංගල්‍යයට.

නමුත් මීට කලින් අවුරුදුවල සාමාන්‍යයෙන් ඉන්දියානුවන් 3000කට ආසන්න පිරිසක් මේ දේව මංගල්‍යයට සහභාගි වෙලා තියෙනවා. 5000ක පමණ ශ්‍රී ලාංකිකයොත් ඒ සඳහා සහභාගි වෙලා තියෙනවා. මගී ප්‍රවාහනය සඳහා විශේෂ බෝට්ටු සේවා දියත් කරන්න පටන් ගන්නවා ඒ කාලේදී. ඒ කාලය එකම මංගල්‍යයක් බවට පත්වන බවත් දැකගන්නට පුළුවන්. ඉතා දැඩි හිරු රශ්මියක් පතිත වන ස්ථානයක් වුණත්, බොහෝ බැතිමතුන්, බොහෝ පිරිස් මේ ස්ථානයට ඇවිල්ලා ඒ අත්දැකීම විඳලා යනවා. ඒකට හේතුව තමයි කච්චතිව් දූපතට සාමාන්‍ය පුරවැසියන්ට යන්න එන්න පුළුවන්කම තියෙන්නේ මේ කාලයට විතරයි. කච්චතිව් දූපතට යන්න නම් විශේෂ අවසරයක් අවශ්‍යයි. ඒ වගේම ඒ ගමනට බෝට්ටු සේවය ක්‍රියාත්මක වෙන්නේ මංගල්‍ය කාලයේදී විතරයි.

1982 සිට 2010 වසර දක්වා කච්චතිව් දූපතේ මංගල්‍යය සරුසාරව සිදුවුණේ නැහැ. බැතිමතුන්ට ඊට සහභාගි වෙන්න බැරිවුණා. ඒකට හේතුව යුද්ධය. නමුත් 2010 වසරෙන් පසුව යාපනය දිසාව භාර රදගුරු සභාව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නාවික හමුදාවේ මැදිහත් වීමෙන් කච්චතිව් මංගල්‍යය වාර්ෂිකව විචිත්‍රවත්ව පවත්වලා තියෙනවා. මේ වතාවේ කච්චතිව් මංගල්‍යය සඳහා ඉන්දියානුවන් සහභාගි වුණේ නෑ. ඔවුන් සහභාගි නොවීම ඉතා තීරණාත්මකයි.

මීට කලිනුත් මේ විදියේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. 2008 වසරේ දකුණු ඉන්දීය නියෝජිතයන් පිරිසක් 1974 ගිවිසුම අහෝසි කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩුවක් ගොනුකරලා තියෙනවා ඉන්දියාවේදී. ඒක ඉන්දියාවේ ධීවරයන්ගේ වුවමනාවට අනුව සිදුවුණු දෙයක් බවත් කියැවෙනවා. ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එරෙහිව වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිතවාදී කණ්ඩායමක් ගෙන ගිය විරෝධතාවකදී ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම ඉන්දිරා ගාන්ධි කරපු බරපතළ වැරැද්දක් කියලා.

මේ ගැටලුවට නිතර මැදිහත් වෙන්නේ තමිල්නාඩුව. තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ජේ ශංකර්ගෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. රාමේෂ්වරම් විශාකපට්නම් ධීවර සංගමයේ සභාපති ජේසුරාජ් ඉන්දු-ලංකා ධීවර ගැටලුව හා කච්චතිව් මංගල්‍යය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉතා ප්‍රබල කතාබහක් කරලා තිබුණා. ඔවුන් කියනවා ඔවුන්ගේ ධීවරයන් තිස් දෙනෙක් විතර ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව. ලංකා රජය අපේ ධීවර බෝට්ටු නිදහස් කරන්නේ නෑ, ඒ නිසා අපේ ධීවරයෝ සහ බෝට්ටු නිදහස් කරනවා නම් විතරයි අපි දේව මංගල්‍යයට සහභාගි වෙන්නේ කියලා.

කච්චතිව් කියන්නේ රාමේෂ්වරමට ඉතා ආසන්න දූපතක්. ඒ ආශ්‍රිත මුහුදේ මාළු ඇල්ලුවත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අපේ අය අල්ලගෙන යනවා. ශ්‍රී ලංකාවේ මුහුදේ මාළු ඇල්ලුවා කියලා. අපට ආසන්න දූපතක සිට මාළු අල්ලන්න බැරි නම් ඒක මොන තරම් අසාරධාරණද? මේ 2024 අවුරුද්දේ බෝට්ටු 100කින් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගි වෙන්න දකුණු ඉන්දීය ධීවරයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකා රජය අත්අඩංගුවට ගත්ත අපේ ධීවරයන් නිදහස් කරන්නේ නැත්නම් අපි එන්නේ නෑ කියලා ඔවුන් කියලා තිබුණා.

යාපනේ ධීවර සංගම් ඇතුළු බොහෝ කණ්ඩායම් එකතු වෙලා මේ කාරණාව සඳහා මැදිහත් වෙද්දී මුහුදේ ඇතිවන ගැටුම් ගැන ගැටලු ගැන අපි නිතරම අහලා තියෙනවා. ශ්‍රී ලංකාව කිව්වා දකුණු ඉන්දීය ධීවරයෝ ආවේ නෑ කියලා අපි මංගල්‍යය නවත්වන්නේ නෑ කියලා. ඒ වගේම එයාලා ලොකු ට්‍රෝලර් යාත්‍රාවලින් ඇවිල්ලා අපේ මුහුදේ මාළු අල්ලනවා. සමහර විට ඉන්දීය ධීවරයෝ එකතු වෙලා මුහුද මැදදී ලංකාවේ ධීවරයන්ට ගහනවා. ඒ වගේ අවස්ථා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන බවත් ශ්‍රී ලංකාවේ පැත්තෙන් කියැවෙනවා.

ඒ නිසා කවුද හරි, කවුද වැරැදි කියන එක ගැන අපට උත්තර දෙන්න බෑ. නමුත් කච්චතිව් මංගල්‍යයට ඉන්දියානුවන් සහභාගි නොවීම කියන එක ඇතුළේ තියෙන වැදගත්ම දේ තමයි කච්චතිව් මංගල්‍යය ඇත්තටම ඉන්දියානුවන් වර්ජනය කළාද කියන එක. දැනගන්න තියෙන විදියට කච්චතිව් මංගල්‍යය ඉන්දියානුවන් විසින් වර්ජනය කළේ නෑ. ඇත්තටම සිද්ධ වුණේ කච්චතිව් මංගල්‍යය ධීවරයන් විසින් වර්ජනය කිරීම.

ඒ කියන්නේ ධීවරයන්ගේ බෝට්ටු සේවා ක්‍රියාත්මක නොවීම නිසා ඉන්දියානුවන්ට කච්චතිව්වලට එන්න බැරිව ගියා. ඇත්තටම කච්චතිව් එන්න හිටියේ ධීවරයෝ පමණක් නෙවෙයි. ධීවරයන් නොවන කතෝලික පවුල් විශාල ප්‍රමාණයක් මේ මංගල්‍යයට සහභාගි වෙන්න විවිධාකාරයෙන් උත්සාහ කළ බව ඉන්දියාව ඇතුළේ ඉන්න විශාකාපට්නම් සහ රාමේෂ්වරම් ප්‍රදේශවලට අදාළ වෙච්ච අය අපට කියලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඔවුන් එදා දවසෙත් පුළුවන් නම් යයිද කියලා හිතලා උත්සාහ කරලා මේ විශාකාපට්නම් ධීවර වරායට එහෙම ආවා කියලා. එහෙම ඇවිල්ලා ඒ අය උත්සාහ කළා මේ ධීවරයන්ව මේකට කැමැති කරගන්න. නමුත් ඔවුන් අවසාන මොහොත තෙක්ම ඇද ඇද ඉඳලා බෑ කියලා නිකන් හිටියා කියලා තමයි කියන්නේ.

ඒ නිසා මේ මොනවා කිව්වත් ඇත්තටම ධීවරයෝ බෝට්ටු සේවය වර්ජනය කළාට ඉන්දියානුවන් කච්චතිව් මංගල්‍යය වර්ජනය කළේ නෑ කියන එක තමයි ඇත්තම කතාව. මේකේ තියෙන දේශපාලනික කාරණාව වෙන්නේ එකක් තමයි ධීවර ගැටලුව. ශ්‍රී ලංකාවට තියෙන මුහුදු සීමාව ඉතා කුඩායි. ඒ වගේම ශ්‍රී ලාංකික ධීවරයෝ මාළු අල්ලන්න භාවිත කරන උපකරණ සහ බෝට්ටු ඉතා කුඩායි. නමුත් ඉන්දියානුවන් මේ සඳහා විශාල යාත්‍රා යොදාගෙන මාළු අල්ලනවා සහ ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට පහරදීම කියන එක අපට නිල නොවන වශයෙන් බොහෝ අවස්ථාවලදී දැනගන්න ලැබුණා. එහෙම අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක නොකර, ඔවුන්ට තවදුරටත් සහන සලසන්න ගියොත් ලංකාවේ ධීවරයන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිදුවෙන එක බරපතළ කාරණාවක්.

මේ වතාවේදී කච්චතිව් මංගල්‍යය තමන්ගේ පලිහ විදියට තියාගෙන ඇපේට තියාගෙන ඔවුන් උත්සාහ කළේ මේ ගැටලුවෙන් හෙමිහිට ලිස්සලා යන්න. නමුත් ඒක එහෙම වුණේ නෑ. කච්චතිව් මංගල්‍යය සාරවත්ව සිද්ධ කරන්න ලංකාවට පුළුවන් වුණා. ඒ අවස්ථාවේ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුණා. ඉන්දියානුවන් ආවේ නෑ. ඉන්දියානුවන් නොආවා කියලා මංගල්‍යයට හෝ වෙනත් පිරිසකට පාඩුවක් සිදුවුණෙත් නෑ. ඒ වගේම අපට දැනගන්න සහ දකින්න ලැබෙන කාරණය තමයි ඒගොල්ලෝ නොආපු නිසා පිරිසිදුව මේ මංගල්‍යය කරගන්න පුළුවන් වුණා සහ විශාල ජනතාවක් නොසිටි නිසාවෙන් යම් සහනයක් ගිය අයටත් ලැබුණා. විශේෂයෙන්ම පිරිසිදුකම කියන එක ගැන නම් හුඟක් හිතන්න ලැබුණා කියන එක. ඒ නිසා මතක තියාගන්න කච්චතිව් මංගල්‍යයට ඉන්දියානුවන් නොපැමිණියා නෙවෙයි, කච්චතිව් මංගල්‍යයට ධීවරයන් නොපැමිණීමයි සිද්ධ වුණේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උඩප්පුවේ කේස් එකක් දාගත්ත OICගේ වැඩ තහනම්! Sri Lanka Latest News

Next Post

හුස්ම වැඩසටහනින් ‘සජිත්-ජලනි-දියත්නා’ පවුල කාසල් ‌රෝහලට අලුත් හුස්මක් දෙයි! රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දන්තනාරායන මහත්තයා මේ අලුත් හුස්ම ගැන කතා කළේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.