උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තාවකාලිකව ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, පුත්තලම උඩප්පුව ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. (Sri Lanka Latest News)
මෙම පහරදීමත් සමඟ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීමටද පියවර ගෙන තිබූ බවයි කියන්නේ.
පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී 05 වෙනිදා රාත්‍රි 9.30ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි. පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබුණා.
උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඔහු පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමින්. පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු හලාවත මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
සිද්ධියෙන් පසු තමාටද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද එදිනම රාත්‍රියේ උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. ඔහු රෝහලේදීම අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පියවර ගෙන තිබුණා.
ඔහුත් සමඟ මෝටර් රථයේ සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තියෙනවා.
පොලීසිය පවසා ඇත්තේ, ප්‍රදේශවාසීන්ට පහරදෙන අවස්ථාවේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීමට රුධිර සාම්පල් ලබාගෙන ඇති බවයි.
A5 News Sri Lanka