• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් සිද්ධියේ ලොකු හෙළිදරව්වක් වෙන්නයි යන්නේ! අත්අඩංගුවට ගත් අතිරේක ලේකම් සමන් රත්නායක පාපොච්ඡාරණයක් කරන්න සූදානම් වෙයි! විනිසුරුවරිය සඳුදා දිනය දෙයි! සෙසු අය‌ගෙන් වෙන් කොට මහර බන්ධනාගාරයේ රඳවන්නත් නියෝග කරයි! Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. 

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අද පෙරවරු 11ට.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කළාය.

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”

එමෙන්ම, “ස්වාමිනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, සති 03ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022.09.26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳ මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොහු කියනවා අදාළ කැබිනට් පත්‍රිකාව සැදීම සිදුකළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කියලා”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසීය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

පසුව මහෙස්ත්‍රාත්වරිය යළි ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතනය සහ නිලධාරින් සම්බන්ධවීමට පෙර ප්‍රශ්නගත සැපයුම්කරු ඒ සඳහා සුදානම් කර ඇත්තේ කවරෙකු විසින්ද යන්නය.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පිළිතුරු දුනි.

“ස්වාමිනි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු පමණක් සැපයුම්කරු දැන සිටින්නට ඇති. දැනට විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂයක සිට එක් තැනැත්තෙක් තමයි මෙම නිලධාරින්ව සහ සැපයුම්කරුව සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ.”

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිට සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම්වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළේය.

ඊට මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවේය.

“ඔබට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදුකරන්න පුළුවන්. ඔබ සිදුකරන එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔබට එරෙහිව භාවිතාවෙන්නත් පුළුවන්. එමෙන්ම එම ප්‍රකාශය මත ඔබ තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ ඔබව මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදුවෙනවා. එබැවින් හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්න” 

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරනවා. එය ලබන සඳුදා මා ඉදිරියේ ලබාදිය හැකියි. එතෙක් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්ව මෙම සැකකරු රඳවා තබන ලෙස මා නියෝග කරනවා.”

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුනි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රථමයෙන් සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කළ අතර පසුව මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

SendShareShare
Previous Post

පොලිසියේ පෙරළියක් කරන්න දේශබන්දු ලෑස්ති වෙයි! Sri Lanka Latest News

Next Post

රටේම දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර-බස් ‌පරිත්‍යාග කරමින් රට වටේ යන විපක්ෂනායක සජිත් විවේකයෙන් ඉන්න මොහොතක දියණියගේ හුරතල් බලන වීඩියෝවක් පළමු වරට එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.