ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.










