ඉදිරි සති කිහිපය ඇතුළත පොහොට්ටුවේ ප්‍රධාන චරිතයක් වන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් 40ක පමණ පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.Sri Lanka Latest News
ආණ්ඩුවේ ප්‍රධානීන් සහ පොහොට්ටුව අතර දැනට මතුව ඇති උග්‍ර දේශපාලන මතගැටුම් හේතුකොට ගෙන පොහොට්ටුව මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පක්ෂය විසින් ගනු ලබන මෙම තීන්දුවට එරෙහිව කටයුතු කරන සියලු පොහොට්ටු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමටත්, ඒ කිසිවකුටත් ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදීමටත් පක්ෂ ප්‍රධානීන් දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මෙසේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත යුතු බවට මුල් කාලයේ සාකච්ඡා පවත්වද්දී මන්ත්‍රීවරුන් 20ක පමණ පිරිසක් සිටි බවත්, මේ වන විට එම ප්‍රමාණය 40 දක්වා ඉහළ ගොස් ඇති බවත් දැනගන්නට ඇත.










