ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව ඇතුළේ බරපතළ දේශපාලන පෙරළියක් සිදුවීමේ ලකුණු මේ වන විට පහළ වී තිබේ.Sri Lanka Latest News
දැනට ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කොට තිබීම මේ සඳහා හේතුවී ඇති බව දැනගන්නට ඇත.
දැනට ඇමෙරිකාවේ රැඳී සිටින පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර, ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ලංකාවට පැමිණීමට තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව, අප්‍රේල් මාසයේදී පොහොට්ටුව නිල වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමටත් පොහොට්ටුව තීන්දු කර ඇති බව පැවැසේ.










