• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර කාන්තා සමුලුවේදී හිරුණිකා හරිනිට ගැහුවා! පස්සේ විජිත හිරුණිකාට උත්තර දුන්නා! මෙන්න හිරුණිකා ආපහු ජවිපෙට උත්තර දීලා! හරිනි ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරද්දි ජවිපෙ කාන්තාවෝ අත්පුඩි ගහනවා! ඒක අපි කිව්වා නම් මිනිස්සු අපිට බනීවි! දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද මේ කතා අහගෙන ඉන්න! ඉස්සර හිටියේ පොහොට්ටු බයියෝ..! දැන් ඉන්නේ මාලිමා බයියෝ…! VIDEO I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන්නේ වර්තමාන කතානායකවරයා නිසා බවත් ලංකාවේ බිහිවුණ කතානායකවරුන්ගෙන් දූෂිත , පක්ෂග්‍රාහී , ව්‍යවස්ථා උල්ලංඝනය කරන කතානායකවරයා වන්නේත් වර්තමාන කතානායකවරයා බවත් සමගි ජනබලවේග රජයක් තුළ අනිවාර්යෙන් කතානායකවරයාගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද පැවැසුවාය.

‘‘පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් දුන්නා 2023 ඔක්තොම්බර් 19 දිනට පෙර තිබුණ ආකාරයට විදුලි බිල සංශෝධනය කරලා ජනතාවට සහනයක් ලබාදෙන්න කියලා. ඒ වගේම විදුලිබිලෙන් සියයට 20 ක් අඩුකරන ලෙසද පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් ලබාදීලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාශය ගෙන්වා පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදුන් නියෝගය අනුව ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු ආංශික කාරක සභාව එම ආයතනවලට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදී තිබෙන නියෝගය විදුලිබල අමාත්‍යාංශය අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක නොකළොත් පාර්ලිමේන්තුවට
එරෙහිව යාමක්.

ඒ වගේම කියන්න ඕනි පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන්නේ වර්තමාන කතානායකවරයා නිසයි. ලංකාවේ බිහිවුණ කතානායකවරුන්ගෙන් දූෂිත , පක්ෂග්‍රාහී , ව්‍යවස්ථා උල්ලංඝනය කරන කතානායකවරයෙක් තමයි වර්තමාන කතානායකවරයා. කතානායකවරයා සිදුකරන ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට විරුද්ධව සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තිබෙනවා. වර්තමාන කතානායකවරයාට එම නිලයේ කටයුතු කිරිමට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. කතානායකවරයාට විරුද්ධව සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව හරහා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාට සිදුවුණ දේම සිද්ධවෙන්න පුලුවන්. සමගි ජනබලවේග රජයක් තුළ කතානායකවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. රාජපක්ෂවරු බලයේ සිටින කාලයේ රාජපක්ෂවරුන්ගේ සහෝදරයෙකුත් කතානායකවරයා ලෙස කටයුතු කළ. නමුත් ඔහු පක්ෂග්‍රාහීව , ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් කටයුතු කළේ නෑ. කතානායකවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන මැති ඇමැතිවරුන්ට ගමට එන්න ඉඩ තියන්න එපා. විපක්ෂයට ජනතාව වෙනුවෙන් හඩ නගන්න පුලුවන් වන්නේ පාර්ලිමේන්තුවේදී පමණයි. නමුත් එම අවස්ථාවත් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ නෑ.

පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ගෙන් 4 ක් පක්ෂවත් දෙදෙනෙක් විපක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා. තවත් දෙදෙනෙක් ඡන්දය ලබාදෙන්න පැමිණිලා නෑ. එවැනි තත්ත්යක් තුළ පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන්ව පත් කිරීම සඳහා ඡන්දය ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායකට කිසිදු අවස්ථාවක් නෑ. ව්‍යවස්ථාදායක සභාවේදීත් කතානායකවරයා තමන්ගේ බලතල අත්තනෝමතික ලෙස භාවිතා කරලා තිබෙනවා. ඔහු කතානායකධුරයේ නෙවෙයි කටයුතු කරන්නේ. ඔහු රාජපක්ෂලාගේ තොල්කයා ලෙස තමයි කටයුතු කරන්නේ. සමගි ජනබලවේග රජයක් තුළ අනිවාර්යෙන් කතානායකවරයාව අධිකරණය ඉදිරියට ගේන්න කටයුතු කරනවා. කතානායකවරයාගේ සැදැසමය ගත කරන්න තිබෙන කාලය ඔහුට උසාවි වල ගතකිරිමට සිදුවෙන තත්ත්වයක් තමයි ඇතිවන්නේ. ‘‘

හරිනි අමරසූරිය ජනාධිපති අපෙක්ෂකත්වයට සුදුසුයි

‘‘ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට හොද දේශපාලන ගමනක් තිබෙනවා. ජාතික ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය යුත්තේ හරිනි අමරසූරිය. අනුර කුමාර දිසානායකට භයානක , කිලුටු අතීතයක් තිබෙනවා. හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපෙක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගතකරන යෝජනාව ජනබලවේගයේ ප්‍රතිපත්වලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා. ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිමට නම් හරිනි අමරසුරියට පුලුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්මක් තිබෙනවානම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න
හරිනි අමරසුරියට පුලුවන්. ගණිකා වෘත්තිය නීතිගතකරන බව සමගි ජනබලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපිට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉදගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවටල අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළත් තිබෙන දැක්මක් තිබෙන තැනැක් කාන්තාවන් තෝරාගත යුතුයි.

තුවක්කු සංස්කෘතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා

‘‘ලංකාවේ දවස් දෙකකට සැරයක්වත් වෙඩි තැබිමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා. යුක්තියේ මෙහෙයුම නමින් පොලිස්පති සහ පොලිසිය භාර ඇමැති සිදුකරගෙන යන සන්දර්ශනයෙන් ප්‍රතිඵල තිබෙනවානම් ලංකාවේ තැන තැන වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්න බෑ. තුවක්කු සංස්කෘතියක් බරපතල ලෙස රට තුළ ක්‍රියාත්මක වෙනවා.
කුඩු කාරයෝ ඉන්නේ ටිරාන් අලස්ගේ සාක්කුවේ. ටිරාන් අලස් පොලිස් ඇමැතිගේ හොදම යාලුවා තමයි රේනෝ ද සිල්වා , රේනෝද සිල්වාගේ මල්ලි දුමින්ද සිල්වා එතකොට දුමින්ද සිල්වා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දඩුවම් ලබන අයෙක්. ඔහුත් එක්ක මරණ දඩුවම හිමිවුණ කෙනෙක් තමයි දෙමටගොඩ චමින්ද. දෙමටගොඩ චමින්දගේ අයියා කුඩු රුවන්. කුඩු රුවන් ගැන මම තොරුතරු හෙළි කිරිම හමුවේ කුඩු රුවන්ගේ පුතා බිරිද අත්අඩංගුවට ගත්තා. කොටි සංවිධානයට මුදල් දුන්න පුද්ගලයා තමයි නීතිය හා සාමය භාර ඇමැති. මානව හිමිකම් කඩ පුද්ගලයෙක් තමයි රටේ පොලිස්පති වෙලා තිබෙන්නේ. ‘‘

SendShareShare
Previous Post

කතානායක ගත් තීන්දුව ගැන අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න පුළුවන්! අධිකරණ ඇමැතිගෙන් ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය උසාවිය මගහැරියේ අසනීපය ගැන බොරු කියලා! නීතිපති අධිකරණයට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.