• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඩුමුක අමුල් අමුල්… හැමෝම කතා කරන මොකක්ද මේ අමුල්? I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මිල්කෝ සමාගම අමුල් සමාගමට විකුණා දමන මජර සැලැස්ම වෙනුවෙන් පිඹුරුපත් සැකසෙයි’(Sri Lanka Latest News)

මේ දිනවල විද්‍යුත් වගේම මුද්‍රිත මාධ්‍ය අතරද සෝෂල් මීඩියාවලද වැඩිපුරම ආන්දෝලනයකට ලක්ව තිබෙන හොට් නිවුස් එක ඒකය. ඒ කරුණු කාරණා ඇත්තද? මිල්කෝ සමාගම අමුල් එකට විකුණන්නද වික්‍රමසිංහලගේ ආණ්ඩුව දත කන්නේ ඇත්තටම?

ඒක තවම හරියටම පැහැදිලි නැහැ.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ මිල්කෝ සමාගම අතර එකඟතාවක් ඇතිකරන වැඩපිළිවෙළක් දියත් වෙන්න සූදානම්ව තියෙනවා. අමුල් සමාගම ඒ සඳහා මූලිකව කටයුතු කිරීමටත් ඒ වෙනුවෙන් දළ වශයෙන් මිලියන 15,000ක ආයෝජනයක් කරන බවත් සඳහන් කර තිබෙනවා.

‘තවම මේ කිසිවක් අමුල් සමාගමට දෙන එකඟතාවක් නැහැ. දෙනවා නම් රජයේ තක්සේරුව මතයි එය සිදුවන්නේ….’

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර හෝගාන වේගයට ඇවිළී යන ඉහත ආරංචිය වෙනුවෙන් තමාට කියන්න ඕනෑ දේ කිව්වේ එහෙමයි.

නමුත් හයිලන්ඩ් සහ මිල්කෝ යන නාමයන් වෙනස් කරන බවටත් ඉන්දියාවෙන් කිරි ගෙන්වන බවටත් කතාවක් ඉතා විශ්වසනීය ආරංචි මාර්ග කිහිප වතාවක් සඳහන් කොට තිබුණා. මහින්ද අමරවීර ඒ කතාව ගැනත් කිව්වේ ඒ සියල්ල ගෙතූ කතා කියලයි.

මෙහි ඇත්ත නැත්ත කුමක්ද? මහින්ද අමරවීර කියන ආකාරයට මේ ආරංචි හැම එකම කටකතා නම් ගෙතූ කතා නම් අමුල් යන නාමය මේ තරමට පත්තු වුණේ කොහොමද?

ඒක සිදුවුණේ මෙහෙමයි. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තියෙන අන්දමට මිල්කෝ සමාගම 2021 අවුරුද්දේ කිසිදු ලාභයක් ලබා නැතිව පෙන්වා තිබෙන පාඩුව මිලියන 265කි. 2022 දී එය මිලියන 391 දක්වා ඉහළ ගිහින් තියෙන අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2023 මුල් මාස කිහිපය තුළ මිලියන 65ක ලාභයක් ලබා ඇති අතර, 2022 වර්ෂයේ එය මිලියන 133ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මිල්කෝ සමාගම සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මහින්ද අමරවීර කියන ආකාරයට එකඟතාවකට එන්නට සැලසුම් තනන්නට සූදානම් වන්නේ ඒ ලාභ පාඩු පලහිලව් නිසාද?

මිල්කෝ සමාගම විසින් නිෂ්පාදිත කිරිපිටි මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් කිලෝ ගණන්වලින් අපතේ ගියා. ඒවා ගැන ඒවාට වගකිව යුතු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක් නොකළ අතර, එලෙස සිදුවූයේ ඇයි? එයට හේතු මොනවාද යන්න ගැන කිසිදුම විනය පරීක්ෂණයක් පවත්වා නැහැ. තව බොහෝ වංචනික දේ මෙහි සිදුවෙන බව දැනුණද වගකිව යුත්තන් දෑත් බැඳගෙන සිටීම මවිතයට කාරණයක්.

ඒ අතර කෝටි ගණනක් පාඩු ලැබුවද මිල්කෝ සමාගමේ ලොකු ලොක්කන් 2020, 2021, 2022 යන වර්ෂවල විශාල වශයෙන් තම තමන්ගේ බෝනස් මුදල් අරගෙන තියෙනවා. වංචාවන්ද ඒ සමගම සිදුවුණා. එවැනි කළමනාකරණයක් තිබෙන සමාගමක් පාඩු මිස වාසි ලබන්නේ කොහොමද? යන්තම් පිරිමසාගත හැකි ආකාරයට පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැනි ලාභ ලබන ආයතනයක් සමග එකඟතාවකට පැමිණීමෙන් හතරගාතේ දා ඇදවැටී සිටින මිල්කෝ සමාගම ගොඩගත හැකිද?

එහෙම බලනකොට මේ සංගදිය අස්සේ ඉන්දියාවේ අමුල් සමාගම මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මූලික කරගෙන නිරීක්ෂණ චාරිකාවක යෙදුණේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හරහා මෙය කුණුකොල්ලෙට අත්පත් කරගැනීමටද?

‘මිල්කෝ සමාගම සමග පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අතර එකඟතාවක් ඇතිකරවීමට සහ ඒ වෙනුවෙන් මුදල් බිලියන ගණනක් වැයකිරීමට ඉන්දියාවේ අමුල් නියෝජිතයන් ආවාය කියන එක ආණ්ඩුව විසින් පතුරුවපු මගඩියක්. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හදන්නේ මෙය ඔවුන්ට විකුණා දැමීම හරහා පුද්ගලිකරණය කරන්නයි. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයට විරුද්ධව අප ගෙනයන අරගලය කිසිම විටෙක අතර මඟ නවත්වන්නේ නැහැ.’

අමුල් විරෝධය ගොඩනගන අරගලයෙහි නායකයා වන නාමල් කරුණාරත්න මාධ්‍යයට පවසන ඔහුගේ කතාව එයයි. ජාතික ජන බලවේගය අමුල් විරෝධී අරගලය සමග සිටිනවා. නායක අනුර කුමාර දිසානායක සමග විජිත හේරත්ද අමුල් විරෝධයට ඉතා ක්‍රියාකාරීව සම්බන්ධව සිටිති.

ඒක එහෙම නම් අනුර කුමාර සහ විජිත හේරත් අමුල් බලන්න ඉන්දියාවට ගියේ ඇයි?

ජාතික ජන බලවේගය අමුල් බලන්න ගිය ගමන ගැන අමුල් පාලනාධිකාරිය සමග සාකච්ඡාවලට සහභාගි වීම ගැන රට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇතිව තිබුණා තමයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශත් ඒ ගැන උපහාසයෙන් කතාකරලා තිබුණා.

‘අනුර කුමාර දිසානායකලා අමුල්ට එරෙහිව මෙහෙ සටන් කරනවා. ලංකාවේ ඉඩම් විකුණනවාය කියලා ඊට විරුද්ධව අස්සනුත් එකතු කරනවා. එහෙම තියෙද්දී අමුල් එක බලන්න ගිහින් පාලනාධිකාරියත් එක්ක වටමේස කතාත් පවත්වලා. මොනවද මේවට කියන්න ඕනෙ? ‘අනුර ඩුමුක අමුල් අමුල්’ තමයි ඉතිං…’

විමල් ප්‍රසිද්ධියේම එහෙම චෝදනා කළා.

‘අනුර කුමාර සහෝදරයා අමුල් බලන්න ගිය එක සහ පාලනාධිකාරිය සමග කතාබහ කිරීම වෙනම දෙයක්. නමුත් ඔවුන් අප සමග කරන එයට විරුද්ධව කරන අරගලයට එය බාධාවක් නෙවෙයි’

ඒ, අමුල්ට විරුද්ධව ගොඩනැගෙන අරගලයෙහි නියමුවා නාමල් කරුණාරත්න අනුර කුමාරලා අමුල් බලන්න ගිය එක ගැන දරපු මතයයි.

‘අපි ගියේ සුහද සාකච්ඡා සඳහා වටමේසවල ඉඳගන්න නෙවෙයි. ජාතික ජන බලවේගයේ නායකයා සහ අමුල් නියෝජිතයන් අතර කතාව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.’

ඒ, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අමුල් බලන්නට ගිය කතන්දරය ගැන විජිත හේරත් කළ පැහැදිලි කිරීමයි.

ඇත්තටම කියනවා නම් මේ අමුල් යනු කුමක්ද? අමුල් කියන්නේ ඉන්දියාවේ කිරි ගොවීන්ගෙන් සෑදුණු ජාත්‍යන්තරය දක්වා සාර්ථක ගමනක් ගිය සංවිධානයක් නම් තම අසල්වැසි රටේ කිරි ගොවීන්ට හානි වන යමක් කරන්නට ඔවුන් පිඹුරුපත් සකසන්නේ ඇයි?

‘සහතික වශයෙන්ම අමුල් සමාගම ඉන්දියාවේ කිරි ගොවීන්ගේ එකමුතුවෙන් හැදුණු සංවිධානයක්. එම සංවිධානය අද විශාල දියුණුවක් කරා යමින් මුළු ලෝකයටම ආදර්ශයක් වී අවසානයි. ඔවුන්ගෙන් ඉගෙනගත හැකි දියුණුව සඳහා ගතහැකි පරමාදර්ශ තැන් බොහොමයි. ශ්‍රී ලංකාව වැනි රටකට කිරි ගොවීන්ගේ සහයෝගිතාව සහ එකමුතුකම මත ඔවුන් ගිය ඒ ජයග්‍රාහී ගමන, ඒ අත්දැකීම් හොඳ පාඩමක්. අපි ඒ කණ්ඩායම් හැඟීමට ගරු කරනවා. එය වෙනම එකක්. නමුත් අමුල් එක්ක මිල්කෝ එක තුට්ටුවට දෙකට විකුණලා දාන්න අපි රනිල් වික්‍රමසිංහ රජයට තබා වෙන කිසිම රජයකට ඉඩ දෙන්නේ නැහැ. අපේ අරගලය නොසැලෙන අරගලයක්…’

අමුල්ට විරුද්ධ අරගලයේ නියමුවා වූ නාමල්ගේ හඬ ඉතා තියුණු විය.

අමුල් සහ මිල්කෝ අතර අරගලයට කුමක් විය හැකිද? රනිල් වික්‍රමසිංහ රජය සමග එක්ව අමුල් සමාගම තම යටි අරමුණු සහ අභිමථාර්ථයන් ඉටුකර ගනීවිද? අරගලයට මැදිව සිටින අමුල්ට විරෝධී උද්ඝෝෂකයන්ගේ අරගලය සාර්ථක වේවිද? අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය අමුල් අරගලය කෙරෙහි දක්වන සහයෝගය නිසා මිල්කෝ කුණු කොල්ලය විකිණීම කඩාකප්පල් වී යාවිද? ඉන්දියානු සංචාරයේදී අමුල් බලන්නට ඔවුන් ගිය ගමන නාමල් කරුණාරත්නලාගේ අරගලයට වෙස්වළාගත් ආශීර්වාදයක් වේවිද? මේ සියල්ල හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරය කුමක් වේවිද?

සියල්ල අවිනිශ්චිතය. ඊළඟ මොහොත කොහොමත් අවිනිශ්චිතය.

බොහෝ විට ලංකාවේ ඡන්දදායකයන් කළේ ආණ්ඩුව මොනවා කරයිද කියා ඔහේ බලා ඉන්නා එකය. බොහෝ නායකයන් ජෝගි නැටුවේද රටවැසියා ඒ විදියට හිතන නිසාය.
අමුල් අරගලයේදීත් එය එලෙසම වෙයිද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හඳුන්නෙත්ති බීලා ගිහින් හයිවේ එකේදී හප්ප ගත්තාද? I Sri Lanka Latest News

Next Post

මිහිදු හිමි වැඩි බිම ඉපදුන නිවත්තකචේතිය පිං බිම I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.