• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තලතාට-රෝහිණීට සජබ මාධ්‍ය සාකච්ඡා තහනම්ද? සමාජ මාධ්‍යයේ යන කතා ඇත්තද? I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු ඉලක්ක කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වන ආකාරය නිරීක්ෂණය වේ. ඒ පිළිබඳ factcrescendo වෙබ් අඩවිය සිදුකළ විමර්ශනයක් පහත පළවේ.(Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය සටහන්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරලට මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වීම තහනම් කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබිණි. ඇතැම් වෙබ් අඩවි ඔස්සේද ඒ පිළිබඳ වාර්තා පළවී තිබුණු අයුරු දැකගන්නට ලැබිණි.

සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

රෝහිණී කවිරත්න

අප ප්‍රථමයෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ධාරා හරහාද පරීක්ෂා කළේ, සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මහත්මිය මෑතකදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමු සඳහා සහභාගි වී නොතිබුණා ද යන්නයි.

ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ රෝහිණී කවිරත්න මහත්මිය මීට සති කිහිපයකට පෙර, එනම් පෙබරවාරි 01 වැනිදා එම පක්ෂය පවත්වා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වී තිබූ බවයි. එම මාධ්‍ය හමුවේ තව ත් වීඩියෝවක් රෝහිණී කවිරත්න මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේද පළකර තිබිණි.

අප මේ පිළිබඳ ඇයගෙන්ද විමසීමක් කළ අතර එහිදී රෝහිණී කවිරත්න මහත්මිය පවසා සිටියේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන තොරතුරු අසත්‍ය බවත්, තමන්ට සජබේ මාධ්‍ය හමු වාරණය කර නොමැති බවත්, තමන් පසුගියදා පක්ෂය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකටද සහභාගි වූ බවයි.

එමෙන්ම ඇය සිය පක්ෂය නියෝජනය කරමින් මෑතකදී සිදුකර තිබූ වැඩසටහන්වලටද සහභාගි වී තිබූ බව ඇයගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනීගියේය.

Sri Lanka Latest News
සමාජ මාධ්‍ය ජාලාවල යන පෝස්ට් මෙන්න

තලතා අතුකෝරල

සමගි ජන බලවේගය මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමු සඳහා මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සහභාගි වී නොතිබූ නමුත් පක්ෂය නියෝජනය කරමින් පවත්වා තිබූ වැඩසටහන් සඳහා ඇය සහභාගි වී තිබූ බව ඇයගේ නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබිණි.

තලතා අතුකෝරළ මහත්මියගෙන්ද, අප ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එහිදී ඇය තහවුරු කළේ එම සටහන් අසත්‍ය බවත්, තමන්ට හෝ පක්ෂයේ කිසිදු අයෙක්ට කිසිදු වාරණයක් පනවා නොමැති බවයි.

සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය

සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයද ඉහත සමාජ මාධ්‍ය සටහන් ප්‍රතික්ෂේප කරමින් තහවුරු කළේ, මෙය පක්ෂයට මඩගැසීම සඳහා පදනම් විරහිතව එල්ල කරන චෝදනා පමණක් බවයි.

අවසාන නිගමනය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරල සහ රෝහිණී කවිරත්න යන මහත්මීන්ට මාස ගණනක සිට එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවලට පැමිණීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රකාශ අසත්‍යයකි. අප කළ පරීක්ෂාවේදී මන්ත්‍රීනියන් පක්ෂය විසින් මෑතකදී පැවැත් වූ මාධ්‍ය හමු මෙන්ම වැඩසටහන් සඳහාද සහභාගි වී තිබූ බව අනාවරණය වූ අතර, ඒ බව එම මන්ත්‍රීවරියන් දෙදෙනා මෙන්ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයද තහවුරු කරන ලදී.

factcrescendo වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

2024 පෙබරවාරි 02 සිට ක්‍රියාත්මකයි… යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි දරුවෙකු දූෂණය කළොත් වෘෂණ කෝෂ කපා දමනවා I Sri Lanka Latest News

Next Post

පහුගිය කාලෙම කෑවා කෑවා කෑවා… ඔන්න දැන්නම් අපේ එවුන් ක්‍රිකට් ගහනවා… ඉස්සරහ දිහා බලාගෙන ඉමු I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.