• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරේ හිටපු දූෂිතයෙකුට ජනාධිපති සමාවක් දෙයි ජනතාව පාරට බහී ජනාධිපතිට ගෙදර යන්න වෙයි I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුරෝපයේ ධනවත් සහ දියුණු රාජ්‍යයක් වන හංගේරියාවේ ශීත සමය ගෙවෙමින් තිබිණි. පසුගිය දෙසැම්බරයේ තිබුණු උච්චතම ශීත සමය දැන් මඳකට පහව ගොස් ඇත්තේය. හරියටම දිනය පසුගිය 2024 පෙබරවාරි 09 වැනිදා විය. එනම් අද දිනට සතියකට පෙරදීය. වේලාව සවස් යාමයේ 7 කණිසමට ආසන්නව තිබිණි.(Sri Lanka Latest News)

බොහෝ ජනීජනයා තම එදිනෙදා කටයුතු නිමාකර නිවෙස් වෙත පැමිණ හෝ පැමිණෙමින් හෝ තිබිණි. සවස් යාමය පසුකරත්ම නිවෙස් තුළ බොහෝ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මකව තිබිණි. සවස 7ට විකාශය වීමට නියමිත හංගේරියානු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයටද කාලය එළඹෙමින් තිබිණි. එම ප්‍රවෘත්ති විකාශයට පෙර සවස් යාමයේ සිටම රූපවාහිනිය මගින් විශේෂ පුවතක් ප්‍රකාශ කරමින් සිටියේය. එම පුවත මෙසේ දිගහැරෙමින් තිබිණි.

‘මේ හංගේරියානු ජාතික රූපවාහිනියයි. අද රාත්‍රි අපගේ පස්වරු 7 ප්‍රවෘත්ති විකාශයට පසුව හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇත. මෙම ප්‍රවෘත්තිය සඳහා ඔබගේ අවධානය යොමුකරනු ඇතැයි විශ්වාස කරමු.’ යැයි රූපවාහිනී නිවේදිකාවක් කියා සිටියාය.

හදිසියේම ඇතිවූ මෙම තත්ත්වය කුමක්ද? හංගේරියාවේ ජනාධිපති ධුරය දරන්නේ කාන්තාවක් විසිනි. 09 වැනි සිකුරාදා සවස් යාමයේ සිට හදිසියේම ප්‍රකාශිත වූ මෙම පුවත නිසා ජනතාව කුතුහලයකට පත්විය. කාලය තත්පරයෙන් තත්පරය සහ විනාඩියෙන් විනාඩිය ගෙවී ගියේය. රූපවාහිනී තිරය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබුණේය. රූපවාහිනී තිරයේ වම් පැත්තේ හංගේරියාවේ පිටත පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 16 යැයිද සඳහන්ව තිබිණි.

රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කළේය. දෙස් විදෙස් පුවත් සමග එය ගලා ගියේය. පෙර පැවැසූ පරිදි පුවත් විකාශයෙන් පසුව එළඹෙන විශේෂ අවස්ථාවද උදාවිය. නිවේදිකාව වදන් මුමුනන්නට වූවාය. දැන් ජනාධිපතිනියගේ විශේෂ ප්‍රකාශය විකාශය කරනවා යැයි ඇය පැවැසුවාය. තවත් තත්පර කිහිපයක් ගතවත්ම ගංගේරියාවේ ජනාධිපති කැටලීන් නොවැක් (Katalin Novák) මහත්මිය රූපවාහිනී තිරයේ දිස්විය. ඇය යම් හැඟීම්බර මුහුණුවරකින් යුතුව යමක් කියන්නට වූවාය. ඇය දැනට 46 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. එරට ප්‍රථම ජනාධිපතිනියයි.

‘මගේ ගංගේරියානු ජනතාව මම බොහෝ භක්තියෙන් සහ ආදරයෙන් ආමන්ත්‍රණය කරමි. ඔබ සැමට මතක ඇති පසුගිය 2023 වසරේ අප්‍රේල් මාසයේදී අතිඋතුම් ෆ්රැන්සිස් පාවුළු පාප්වහන්සේ අපගේ රටට පැමිණියා. මෙම ගමන සැමරීම සඳහා මම විශේෂිත සිරකරුවන් 25 දෙනකුට ජනාධිපති සමාව ලබාදුන්නා. මෙම පිරිස අතරේ එක් පුද්ගලයකු සිටියා. ඔහු මේ රටේ විශාල රාජ්‍ය ළමා නිවාසයක් භාරව සිටි අධ්‍යක්ෂවරයෙක්. ඔහුට එරෙහිව ළමා ලිංගික අපචාර චෝදනාවන් ගණනාවක්ම තිබුණා. පසුව ඔහු ගැන එකල අදාළ අංශ පරීක්ෂණ කළා. මොහු ඒ අවස්ථාවේදී ලිංගික අපයෝජනයට ලක්වූ ළමයින්ගේ පාර්ශ්ව වෙත බලකර තිබුණා. ඔහුට එරෙහිව ඇති චෝදනාවක් ඉල්ලා අස්කර ගන්නා ලෙසත්. එහෙත් එවැන්නක් සිදුවුණේ නැහැ.

මෙම අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයේ නඩු ගොනුකෙරුණු අතර, ශ්‍රේෂ්ඨෘධිකරණය විසින් ඔහුට වසර 08ක සිර දඬුවමක් 2018දී නියම කර තිබුණා. මෙවැනි වටපිටාවකදී තමයි 2023දී මම ඔහුට ජනාධිපති සමාව ලබාදී සිර දඬුවමින් නිදහස් කරන්නේ. පසුව මෙරට විවිධ පාර්ශ්ව විසින් මගේ ක්‍රියාවට එරෙහිව දැඩි විරෝධයක් පළ කළා. පසුගිය දිනවලත් එම විරෝධයන් ඇතිවී තිබුණා. මම අද මෙහිදී මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරනවා. මම අද ඔබට කියා සිටිනවා මා විසින් එම චූදිත අධ්‍යක්ෂවරයාට නිදහස ලබාදීම මා සිදුකළ විශාල වරදක් බව. මේ නිසා මම ඔබට අවධාරණයෙන් කියා සිටිනවා අද මේ කියන මොහොතේ සිට මම මෙරට ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව.

මම මේ සිදුකළ වරදට මුළුමහත් ජනතාවගෙන්ම සමාව අයැද සිටිනවා. මෙම සිදුවීම තුළින් අපයෝජනයට ලක්වූ ළමයින්ගේ පාර්ශ්වවලින්ද මම සමාව ඉල්ලා සිටිනවා. මම ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටියා යැයි ඔවුන් විටෙක සිතන්නට ඇති. මම ඒ ගැන සත්‍ය ලෙසම කනගාටුවට පත්වෙනවා. මම මෙම තත්ත්වයන් යටතේ අද සිට මෙරට ජනාධිපති ධුරයෙන් ඉවත් වෙනවා. ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි…’ කුමක්ද මේ අරුම පුදුම කතාන්දරය? මුළුමහත් ලෝකයම ආන්දෝලනයට පත්කළ මෙම වගතුග අපට ඇසෙන්නට වූයේ පසුගියදාය. තවද ලොව බොහෝ ජනතාව මහත් විමතියට පත්වූ සිදුවීමක් මෙහි අන්තර්ගත විය. එනම් ලොව යම් ජනාධිපතිවරයකු තමන්ගේ විධායක බලතල භාවිත කරමින් යම් සිරකරුවකුට නිදහස ලබාදීමෙන් පසුව එම සිදුවීමට සමාව අයැදිමින් ජනාධිපති ධුරයෙන් ඉවත්වීම මෙතෙක් ලොව කිසිදු රටකින් අසන්නට නොලැබුණු සිදුවීමකි.

එහෙත් එම අතිශය දුර්ලභ සිදුවීම මෙහිදී සිදුව ඇත. මෙම සිදුවීමට තවත් විශාල බලපෑමක් ඇතිවූයේ පසුගිය කාලයක් පුරා හංගේරියානු ජනතා පාර්ශ්ව විසින් සිදුකරනු ලැබූ දැඩි උද්ඝෝෂණයන්ය. එනම් ළමා අපචාර සිදුකළ සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයකුට අධිකරණය විසින් ලබාදුන් වසර 08ක දීර්ඝ සිර දඬුවම ගෙවී යෑමට තවත් වසර 03ක් තිබියදීත් මෙසේ ජනාධිපතිවරයා විසින් නිදහස ලබාදීම අතිශයම වරදක් බව ජනතා පාර්ශ්ව තීන්දු කළේය. මෙම ළමා අපචාර දූෂිතයාට අමතරව තවත් සිරකරුවන් 24 දෙනකුටද ජනාධිපති කැටලීන් නොවැක් විසින් ජනාධිපති සමාව ලබාදී තිබුණත් එම කිසිවකුට එරෙහිව ජනතාව තම විරෝධය පළකළේ නැත.

මෙම සිදුවීමේදී ජනාධිපති කැටලීන් නොවැක්ට අමතරව පසුගිය වසරේදී එම සිද්ධිය සිදුවන විටදී අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජූඩිත් වර්ගා (Judit Varga) නමැති අමාත්‍යවරියද ඉල්ලා අස්වී ඇත. ඇය විසින් ජනාධිපතිවරයා ලබාදුන් නිදහස අනුමත කරමින් එම ලිපියට අස්සන් තබා ඇත. එහෙයින් ඇයද ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත. ඇය දැනට අධිකරණ අමාත්‍ය ධුරයේ නොමැති අතර, මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනි. අපේ රටේ නම් ජනාධිපතිවරු අපරාධකරුවන්ට සමාව ලබාදී ඔවුන් තව තවත් යහතින් සිටිති. ඊට හොඳම උදාහරණය කලකට ඉහතදී ඝාතන චෝදනාවකට වැරැදිකරු වූ ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනකුට ජනාධිපති සමාව ලබාදීමය.

ඉන් එකක් වන්නේ රෝයල් පාර්ක් රූමතිය මරාදැමීමේ සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදීමය. අනෙක් සිද්ධිය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමය. නමුත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම ජනාධිපති සමාව අත්හිටුවා යළිත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පසුගිය දා නියම කළේය. ඒ අනුව දුමින්ද සිල්වා යළිත් අත්අඩංගුවට පත්විය. නමුත් ජූඩ් ජයමහ නම් අද සිටින්නේ කොයි ලෝකයේදැයි කවුරුවත් දන්නේ නැත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Next Post

ඕඩර් කරපු කෑම එක ගෙදරට ගේන්න පරක්කු වුණා කියා කුවේට්වල රස්සාව කරපු ලාංකිකයෙකුට වෙඩි ‌තියලා! ‌මැහුම් 40ක් දා රෝහලේ! රාජාංගණයේ පවුලක් අනාථයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න...

Read more
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.