රජය ලබා දුන් ණය ගෙවීමේ සහන කාලය වානිජ බැංකු වාසියට හරවාගෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය මර උගුලකට හසුකරලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයිSri Lanka Latest News
කොවිඩ් සමයේ ව්‍යාපාරවලට ණය මුදල් ගෙවීමට සහනයක් ලබා දුන්නත් වානිජ බැංකු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළ මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දෙන බවත් වානිජ බැංකු විසින් ණය නොගෙවූ කාලයට අදාළ මුදල් අලුත් කොටසක් ලෙස ණයක් බවට පරිවර්තනය කිරීම නිසා ව්‍යාපාරිකයන් දැඩි ලෙස අසරණ වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ක්‍රමය යටතේ පළමු ණය වාරිකය සහ පොලී මුදල ණය මුදල බවට පත් වීමත් ණය නොගෙවපු කාලයේ ණය මුදල් හා පොලිය ද ණය මුදලක් බවට පත් වීම නිසා මෙම ව්‍යාපාර ආයතන පරාටේ නීතිය යටතේ වෙන්දේසි වන බවත් පුවත්පත් පිටු පිරෙන්නේ මෙවැනි වෙන්දේසි පුවත් පළ වන බවත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් මෙන්ම රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන මේ පුද්ගලයන් සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ බවත් මේ පිරිස තවදුරටත් අන්දවන්නේ නැතිව පරාටේ නීතිය තාවකාලිකව නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය උගුලකට හසුවී ඇති බවත් වෙන්නප්පුව මෙන්ම මුළු රටේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසීමිත පීඩනයකින් අසහනයකින් සිටින බවත් මොවුන්ගේ කර්මාන්ත විනාශ වන නිසා කඩිනම් විසදුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










