• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාරත් ලංකා නිවාස ව්‍යාපෘතියේ හතර වන අදියර ඇරඹේ! PHOTOS I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
භාරත් ලංකා නිවාස ව්‍යාපෘතියේ හතර වන අදියර ඇරඹේ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (Sri Lanka Latest News)

කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අදාළ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවන අවස්ථාවේ ඉන්දියානු රජය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ මම ඉන්දියානු රජයට නැවත ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන් කඳුකරයේ දමිළ ජනතාවට විශාල අඩුපාඩුවක් වූයේ තමන්ගේ නමට ඉඩමක් සහ නිවසක් නොමැතිවීමයි.

ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් සියල්ල අද තහවුරු වී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ලබාදිය යුතුව තිබෙනවා. එම ක්‍රියාවලිය තමයි අද රජය මේ ආරම්භ කර තිබෙන්නේ. එම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට වතු සමාගම් සමඟ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අදාළ නිවාස වැඩසටහන් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරනවා.

ඒ වගේම වතුකරයේ අධ්‍යාපනය දියුණු කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වතුකරයේ අධ්‍යාපනය අනෙකුත් පළාත්වල අධ්‍යාපනය සමඟ සංසන්දනය කරනවිට අඩු මට්ටමක පවතිනවා. එබැවින් මේ සියලු පාසල්වල එක සමාන අධ්‍යාපන තත්ත්වයක් ඇති කළ යුතුයි.
ඒ වගේම කඳුකරයේ සියලු ජනතාව වතුකරයට ඇතුළු වෙන්නේ නැහැ. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, වෘත්තීය පුහුණුව ලබා ගැනීම විශේෂයෙන් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම වැනි පහසුකම් මෙම තරුණ තරුණියන් වෙනුවෙන් ද සලසාදිය යුතුයි.

වතුකරයේ සේවකයන් ලෙස කටයුතු කරනවාද, නැත්නම් වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට එම ජනතාව ගෙන එනවාද යන්න පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා.

මෙහි සිටින සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් පක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ ප්‍රශ්නවලට එකින් එක විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සමඟම කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ගමනට අප සූදානම් විය යුතුයි.

රට පත්ව තිබු අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා.
පසුගිය ආර්ථික අර්බුදයෙන් අපට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ ඉන්දියාවෙන් ලබාදුන් මුදල් නිසා බවද සිහිපත් කළ යුතුයි. ඒ මුදල් ටික නොලැබුණා නම් අපට ඉදිරියට යාමට අපහසු වෙනවා.

ඒ වගේම ඉන්දියාව සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අප දැන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඉන්දියාවේ ආර්ථිකය සීග්‍රයෙන් දියුණුවන අවස්ථාවක්. එවැනි අවස්ථාවක අප රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරමින් මෝදි අගමැතිතුමා හමු වූ අවස්ථාවේ දී අප ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.මෙම වැඩසටහන ආරම්භ කිරීමට සහය දුන් ඉන්දීය රජයට නැවත මාගේ ස්තුතිය පළ කර සිටිනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා

මෙම ව්‍යාපෘතිය හුදෙක් නිවාස 1300ක ව්‍යාපෘතියක් පමණක් නොවෙයි. අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු අපට ලබාදෙන බවට පොරොන්දු වූ නිවාස 10,000 යෝජනා ක්‍රමයේ ආරම්භයද වෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකරන මෙම කැපවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට මාගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

මීට වසර 200කට පෙර උඩරට දෙමළ ජනතාව තමිල්නාඩුව හැර ගිය බවත්, දික්ඔය රෝහල, මෙන්ම මීට පෙර නිවාස 4,000ක ව්‍යාපාතිය මෙන්ම නව නිවාස 10,000 ව්‍යාපෘතිය, ශිෂ්‍යත්ව, ස්මාර්ට් පන්තිකාමර 63 සහ විවිධ ව්‍යාපෘති ඇතුළත්ව අද වන විට ශ්‍රී ලංකා රජය වතුකරයේ දෙමළ ජනතාව වෙත නවීන පහසුකම් ලබා දෙමින් සිටින බවත් තමිල්නාඩුවේ මහාබලිපුරම්හී ඔහු සිදු කළ කතාවෙන් පිළිබිඹු වුණා.

ඒ වගේම කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් රුපියල් බිලියන 3 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලබාදුන්නා. ඉන්දීය රජය සහ ජනතාව විසින් ලබාදුන් ආධාර සහ සහයෝගය වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැදගත්ම ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය රජයේ මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ගැඹුරු සහ ස්ථිර කැපවීම මෙමඟින් අවධාරණය කෙරෙනවා.

මෙම නිවාස ව්‍යාපෘතිය පළාත් හයක වතු 250කට වැඩි ප්‍රමාණයක අඩු වරප්‍රසාද ලත් ජන කොටස් සඳහා සෙත සලසනවා.

මෙම නිවාස 10,000 ව්‍යාපෘතිය, මීට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අමතරව සිදු කෙරෙන ව්‍යාපෘතියක් බව කිවයුතුයි. එම නිවාස 4000න් වැඩි ප්‍රමාණයක කටයුතු දැනටමත් අවසන් කර ඇති බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

මෙම ව්‍යාපෘතියේ එක් ඒකකයක් සඳහා වන අපගේ පිරිවැය තුන් ගුණයකින් වැඩි කිරීමට එකඟ වීමෙන්, වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව මෙම ව්‍යාපෘතිය සඳහා වන අපගේ දැඩි කැපවීම පිළිබිඹු කෙරෙනවා. මේ හේතුවෙන් ඉන්දීය රජයට සැලකිය යුතු ඉහළ වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

නිවාස ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ වතු කම්කරුවන්ට ඔවුන්ගේම වාසස්ථානයක් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීමයි. ඔවුන්ගේ යහපැවැත්ම සඳහා එයින් සිදුවන බලපෑම ඉතා පැහැදිලියි. මෙම ව්‍යාපෘතිය මඟින් මීට පෙර තිබූ ලයින් කාමර වෙනුවට නිදන කාමර දෙකක් සහිත තමන්ගේම නිවසක ජීවත්වීමේ ඔවුන්ගේ සිහිනය සැබෑ වෙනවා.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් ප්‍රමුඛ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

ඉම්තියාස් මාර්තු 05 වැනිදා ආනන්දෙදි ‘මගේ කතාව’ කියනවා! I Sri Lanka Latest News

Next Post

නළු නිළි කෝලම ඉවරයි… රණවිරු කෝලමක් එපා I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.