ආණ්ඩුව ගෙන එන බව කියන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව බුදුසරණයි බෝර්ඩ් එකක් ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. (Sri Lanka Latest News)
එවැනි යෝජනාවක ඉලක්කය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධුරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් යලිත් වතාවක් ජනාධිපති පුටුවට පැමිණීම බව ඔහු කියනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙයල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බව පවසන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එවැනි යෝජනා එන හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්‍ෂ මහත්මයා කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බව ඔහු කියනවා.
ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව ඇතුළු සෑම තැනම ඉන්නා බව කී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඩීල්කාරයො එකමුතු වී අනෙක සෑම තැනකම හැදෙන එකමුතුකම් බිඳ දමමින් බෙදීම් ඇති කරන බවද පවසා සිටියේය.
A5 News Sri Lanka










