• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ගිහින් 2024 පෙළපොත්-නිල ඇඳුම් රෙදි බෙදාදෙයි! PHOTOS I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ගිහින් 2024 පෙළපොත්-නිල ඇඳුම් රෙදි බෙදාදෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අද (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

මෙම පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ වැඩසටහනට සමගාමීව දිවයිනේ පාසල් 10,126ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීම සිදු කෙරේ.

සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් කිහිප දෙනෙකුට නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් බෙදාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඈන් ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය .

මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඒ අවට පිහිටා තිබෙනවා. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා.
2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14කට වඩා වැඩි මුදලක් වැය කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතුයි. ලෝකයට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය ලොවට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි. එමඟින් ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කළ හැකියි. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට එමඟින් හැකියාව තිබෙනවා. විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද අපේක්ෂා කරනවා.
අප කිසිවෙක් 2022 මේ රට පැවති තත්ත්වයට නැවත යාමට කැමති නැහැ. ගෑස් පෝලිම් නැති, ඉන්ධන පෝලිම් නැති, ආහාර පෝලිම් නැති සමාජයක් තමයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ. එවැනි අඳුරු යුගයකට නැවත රට පත්නොවී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
මෙම ජාතික වැඩසටහනට සමගාමීව පළාත් 09 තුළ සියලු පාසල්වලට නිල ඇඳුම් රෙදි සහ පාසල්පෙළ පොත් ලබාදීම අද දින සිදු කරනවා. 2022 වසරේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය නිසා පාසල් නිල ඇඳුම් රෙදි හා පාසල් පෙළ පොත් ලබාදීම නියමිත දිනට සිදු කිරීමට නොහැකි වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් වහාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අංශ හතරක්, එකම අමාත්‍යාංශයක් යටතට ගෙන මානව සම්පත කළමනාකරණය කරමින් දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට අදාළ පහසුකම් සම්පාදනය කළා.
අද ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි 80%ක් පරිත්‍යාග කළේ චීන රජයයි. ඉතිරි 20%ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබුවා.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය අනුව ලැබුණු කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම එදා සිදුකළා. අද වන විට නියමිත දිනට පෙළ පොත් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. රජයේ මුද්‍රණාලය මුද්‍රිණ කටයුතුවලින් පසුගිය වසරේදී ලාභයක් ඉපයීමටද සමත් වී තිබෙනවා. සියලුම පාසල් සිසු දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 19ක් වැය කර තිබෙනවා.
ඒ වගේම කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වී තිබෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග 2025 වසර වන විට නියමිත දින වකවානුවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විශාල දායකත්වයක් සපයනවා. ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් එතුමා කැපවී සිටිනවා. මේ සියලු වැඩපිළිවෙළ සමඟ ලොව දිනන දරු පරපුරක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන , බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉසෙඩ්. තාජුඩීන් යන මහත්වරුන් ද, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-02-14

SendShareShare
Previous Post

අනුර ගියා! මෛත්‍රී ගියා! ඔන්න දැන් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ දූත පිරිසක් ඉන්දියාවට ගිහින්! I Sri Lanka Latest News

Next Post

සා/පෙළට උසස් පෙළට දින නියම වෙයි! Sri Lanka Latest News

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.