ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේම මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.Sri Lanka Latest News
ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මෙලෙස ගොඩබස්වා ඇති බවය.
සියලු මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ ඇති බවත් තාක්ෂණික කණ්ඩායමක් යානය පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.
ගුවන් යානය නැවත පිටත්වනතුරු මගීන්ට අවශ්‍ය හෝටල් නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.










