• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියා යළි රජ කරවන යුගය සජබ ආණ්ඩුවක් යටතේ හදන හැටි සජිත් ගොවි ජනතාවගෙන් පිරී ගිය වන්නි හත්පත්තු ගොවි සමුළුවේදී හෙළිකරයි! ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්! ගොවිතැනට නව තාක්ෂණය! අලුත් මිල සූත්‍රයක්! ගොවි මිතුරු ඇප් එකක්! බීජ ප්‍රතිපත්තියක්! වී-හාල් මාෆියාව ඉවරයි! ගොවි විශ්‍රාම වැටුප යළිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
ගොවියා යළි රජ කරවන යුගය සජබ ආණ්ඩුවක් යටතේ හදන හැටි සජිත් ගොවි ජනතාවගෙන් පිරී ගිය වන්නි හත්පත්තු ගොවි සමුළුවේදී හෙළිකරයි! ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්! ගොවිතැනට නව තාක්ෂණය! අලුත් මිල සූත්‍රයක්! ගොවි මිතුරු ඇප් එකක්! බීජ ප්‍රතිපත්තියක්! වී-හාල් මාෆියාව ඉවරයි! ගොවි විශ්‍රාම වැටුප යළිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටේ ක්‍රියාත්මක වන රනිල් රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාව විපතට පත් වී ඇති මොහොතක සමගි ජන බලවේගය ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ඇති බවත් එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (11) ගල්ගමුව සතිපොල භූමියේදී පැවැති වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමිනි.

රටට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හදුන්වා දෙනවා

රටට නිවැරදි ඉඩම් පරිහරණ සැලසුමක් නොමැති වීම නිසා අප රටේ සංවර්ධන රටාව තිරසර වෙනවා වෙනුවට අවිධිමත්ව ක්‍රියාත්මක වන බැවින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ රට සැලැසුමක් අනුව ඉදිරියට යාමට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කර ගොවි බිම, සංවර්ධිත බිම්, ජනපද භූමි, වනසත්ව භූමි ආදිය තීරණය කළ යුතු බවත් එවැනි දෙයක් ස්ථාපිත කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ වී වගාවේ වැඩිම ඵලදායිතාවක් ඇති දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගාබිම් අක්කර 5000ක් ගුවන්තොටුපොළ වෙනුවෙන් ද අක්කර 45ක් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් සහ තවත් ගොඩබිම් වරායක් වෙනුවෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීම නිසා අලි මිනිස් ගැටුම සහ ජල හිගය ඇති වූ බවත් අවිදිමිත් රාජ්‍ය තීන්දු ප්‍රතිපත්ති නිසා රටේ අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ ගැටලුව මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ගොවි පරපුරක්

එසේම දැනුම, නව්‍යකරණය හා ඩිජිටල්කරණය යන ක්‍රමවේද 3 හරහා ගොවි ජනතාවගේ ඵලදායිත්වය හා නිෂ්පාදන ධාරිතාව ප්‍රගුණ කළ යුතු බවත් ලෝකයේ ඇති නව තාක්ෂණය අප රටේ ගොවි ජනතාවට නොමිලේ ලබා දෙන බවත් එවිට සීමාසහිත භූමිය තුළ අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් කළ හැකි බවත් ඒ සඳහා ලෝකයේ අනන්තවත් උදාහරණ ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ගොවියාත් පාරිභෝගිකායත් සුරකින නව මිල සූත්‍රයක් සහ ගොවි මිතුරු ඇප් එකක්

කැරට් කිලෝව 2000ක් වන විට නුවරඑළිය බණ්ඩාරවෙල ගොවියාට ලැබෙන්නේ රුපියල් 500ක් බවත් නාඩු වී කිලෝවකට රුපියල් 92ක් දුන්නත් වෙළෙඳපොළේ 220 බවත් සම්බා වී 106ක් වන විට සම්බා සහල් 260ක් බවත් මේ අසාධාරණය නැති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාටත් පාරිභෝගිකයාටත් සිදුවන අසාධාරණය නිවැරදි කරන නව මිල සූත්‍රයක් හදුන්වා දෙන බවත් ය. ගොවියා සහ වෙළෙදපොල සම්බන්ධ කර ගොවි මිතුරු ඇප් එකක් සකස් කර සුහුරු ගොවියකු නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සුහුරු ගොවියන් බිහි කරන නූතන කෘෂිකර්මාන්ත විප්ලවයකට යොමු වෙනවා

තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන හරහා යාවත්කාලින කරපු කෘෂි තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බවත් ඒ තුළින් ගොවි ජනතාවට වඩාත් සුදුසු භෝගය ආදිය සම්බන්ධ තීරණය කළ හැකි බවත් ඒ තුළින් කාලගුණ තොරතුරු මෙන්ම අනෙකුත් තොරතුරු ලබා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාගේ දූදරුවන් සුහුරු දරුවන් බවට පත් කර ගොවියන් සුහුරු ගොවියන් බවට පත් කිරීමේ නූතන කෘෂිකර්මාන්ත විප්ලවය දියත් කරන බවයි.

රනිල් රාජපක්ෂලා ගොවියා අමතක කළාට අපිට අමතක නැහැ

එමෙන් ම රජය පොහොර ඇතුලු අනෙකුත් කෘෂි යෙදවුම්වලට ගසා ඇති 18%ක වැට් බදු ඉවත් කරන බවත් සහල් ආනයනය සදහා තිබූ රුපියල් 65ක විදේශ වෙළෙද බද්ද අස්වැන්න නෙලන සමයේ එය රුපියල දක්වා රජය අඩුකර ඇති බවත් ඒ තුළින් වී ගොවියාගේ නිෂ්පාදනයට ස්ථාවර මිලක් නොමැති බවත් රනිල් රාජපක්ෂ රජය ලක්ෂ 18ක් ගොවි පවුල් අමතක කර කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වී මෝල් මාෆියාවට තිත

මෝල් හිමියන් කිහිප දෙනකු මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කර ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් විනාශ කරන බැවින් හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ශක්ති වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිය ලැබුවා සේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කර කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියකු බවට පත්ව ඇති වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට එකතු වී තරගකාරි වෙලෙදපොලක් නිර්මානය කර වී ගොවියා රැකගන්නා බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

බීජ සුරක්ෂිතතාවට ජාතික ප්‍රතිපත්තියක්

අප රටේ බීජ සුරක්ෂිතභාවය තහවුරු වන වැඩසටහනකට යොමු වී මේ සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු වී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන බවත් එය ජාතික ආරක්ෂාවට පවා වැදගත් වන බවත් ආනයන මත පදනම් වුවහොත් අනාරක්ෂිතභාවයක් ඇති වන නිසා බීජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පැහැදිලි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

එසේම රට තුල පැහැදිලි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා නියං අවස්ථාවල ජලය ගන්න විදුලි බල ඇමතිගේ අවසර ගත යුතු බවත් අප රටේ භූමියෙන් තුනෙන් එකක් භෝග වගා කරන බවත් ඒ සදහා ශ්‍රම බලකායෙන් සියයට 25ක් දායකත්වය ලබා දෙන බවත් වැව් අමුනු 30000ක් ඇතුලු අනර්ඝ වාරි පද්ධතියක් පැවතියත් කෘෂිකර්මාන්තයේ හරිහමන් දියුණුවක් නොමැති නිසා එය දියුනු කළ යුතු බවත් ඒ සදහා ජාතික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ස්ථාපිත කර එම ගොවිජනතාව සුරකින බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ගොවි විශ්‍රාම වැටුප නැවතත්

එහි දී වෘත්තීය ගොවියන් බිහි කර ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර වෘත්තීය සුහුරු ගොවියා බිහි කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් මේ ගැටලුවලට තිරසර විසදුම් ලබා දෙන බවත් ගොවියා සමගි ඇති කර ගන්නා සමාජ ගිවිසුම කෘෂිකර්මාන්ත ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ගොවි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කර ගොවියා රජුන් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගොවි සමුලු – නීතීඥ සමුලු – කාන්තා සමුලු තියන අතරතුරේ දරුවන් වෙනුවෙන් කරන සක්වල වැඩසටහනත් සජිත් අමතක කරලා නෑ! අද බියගම ශ්‍රී ප්‍රේමානන්ද මහා විදුහලටයි මිනුවන්ගොඩ වීගොඩ මහා විදුහලටයි ස්මාර්ට් පන්ති කාමර දෙකක් දෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බිල ගෙවාගන්න සල්ලි නැතිව ගෙදර ලයිට් කපලා! දරුවො දෙන්නට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් කරන්ට් එක ගන්න වයර් ඇද්ද තාත්තා කරන්ට් එක වැදිලා මැරිලා! ගෙදර අගහිඟකම් නිසා අම්මා රටරස්සාවට ගිහින් තියෙන්නේ ගිය සතියේ! දිවයින පත්තරේ අද වාර්තා කරලා තියෙන ගම්පොළ ඛේදවාචකය! I Sri Lanka Latest News

MORE NEWS

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Load More
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

පියකරු මුහුණකට කවුරුත් ප්‍රිය කරති. එවැනි අයකු දකින හැම විටෙකම කෙනකු අව්‍යාජයෙන් සිනාසෙයි. එවැන්නකු තමන් පියමංකර යනෙන විට ආපසු හැරී...

Read more
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.