• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකගෙන් තවත් අනතුරු ඇඟවීමක්! ජනාධිපතිගෙන් නම්බුනාම ගත්ත අය-වරදාන වරප්‍රසාද ගත්ත අය අතකොළුවක් කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මුවාවෙන් ජනාධිපතිවරණය නොතියන්න උත්සාහයක් ගන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive
Reading Time: 17 mins read
A A
ඔන්ලයින් පනතට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! ඇත්ත කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම ආණ්ඩුව යම් යම් තැන්වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව පැවසුවත් එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට ඡන්දය ලබා දීමෙන් පසුව බවත් වත්මන් ජනාධිපතිවරයා 134 දෙනාගෙන් බලයෙන් ජනාධිපති පුටුවට පත්වන විට ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසුවා නම් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් වී නමුත් ඔවුන්ට ඒ සදහා වුවමනාවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ට ජනාධිපතිවරණය අහෝසි කිරිමට අවශ්‍ය වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනී බවත් මොවුන් විසින් ගෞරව නාම ලබා දුන් අතකොලුවන් උපයෝගී කර ගෙන ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ සිටින සමගි ජන බලවේගය ආණ්ඩුවට අනතුරු අගවා සිටින්නේ වහාම නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් අනතුරුව එම වරම තුළින් ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමිනි.

ත්‍රස්තවාදය තුරන් කළත් සෞභාග්‍ය බිහි වුණේ නැහැ

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන රණවිරුවන් සියල්ලම ඇස් ඉස් මස් ලේ දන් දී තමන්ගේ දූදරුවන් හා පවුලේ සාමාජිකයන්ට පෙර රට මුල් තැනට ගෙන කටයුතු කිරිම නිසා 30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් සැබවින්ම මේ රටට නිදහසක් උදා කරන්නට ජීවිත, රුධිරය, දහඩිය මහන්සිය කැප කළත් අප හැමෝම අපේක්ෂා කළ සෞභාග්‍ය, ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් නිර්මාණය වූ සාමය හරහා බිහි නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට ආර්ථික යටත්විජිතභාවයකට පත් වෙලා

එය මහා අවාසනාවන්ත ජාතික ඛේදවාචකයක් බවත් මෙරට පහළ වූ හැම නායකයකුම යුද ජයග්‍රහණයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන්න නොහැකි වූ බවත් එය නොහැකියාවද අකාරයක්ෂමතාවද යන්න ජනතාව තීන්දු කළ යුතු බවත් කොටි ත්‍රස්තවාදය තුරන් කලාට අප රට ආර්ථික ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණ තුළ හොරකම දූෂණය වංචාව පගා ගැහිල්ල කොමිස් ගැහිල්ල තුළ ආර්ථික ත්‍රස්තවාදීන් අප රට ආර්ථික බංකොලොත්භාවයට සහ යටත්විජිතවාදයකට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රට බේරා ගැනීමේ ජනහිතකාමී මානුෂීය මෙහෙයුමකට සූදානම් වන්න

මෙවන් තත්ත්වයක් තුළ ආර්ථික ත්‍රස්තවාදීන් විනාශ කළ අප රට නැවත ගොඩ ගෙන ආර්ථික ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් රටට අහිමි කළ දේපල සම්පත රට වෙනුවෙන් නැවත වරක් ලබා ගැනීමේ මහා ජනහිතකාමී ජනතාවාදී මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන්න කාලය එළඹ ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරුවන්ගේ කැපකිරීම සල්ලි වියදම් කර ප්‍රතිරූප ගොඩනැගීමට භාවිත කළා

රණවිරුවන් කැපකිරිම් කලාට අගනුවර වායුසමීකරණවල සිටි නායකයෝ යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගෙන මුදල් වියදම් කර ප්‍රචාරණය හරහා ප්‍රතිරූප ගොඩනගන්න කටයුතු කළ බවත් රණවිරුවන් පෙරට ගෙන ජනාධිපති පුටුවට ගිය රණවිරුවා කියන ජනාධිපතිවරයා රණවිරුවන්ට එකදු සහනයක්වත් ලබා නොදුන් බවක් ඔවුන් අද ආබාධිත රණවිරුවන්ට හිමි සියලු සහන කප්පාදු කිරීමේ මහමොලකරුවන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සජබේ අපි රණවිරුවන් අමතක කරන්නේ නැහැ

හිටපු රජයන් සහ වත්මන් රජය රණවිරුවන් අමතක කළාට සමගි ජන බලවේගය කිසිදා රණවිරුවන් අමතක නොකරණ බවත් ඇ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල් අභිමානයෙන් රණවිරුවන්ට සළකන නමුත් අප රටේ ඇත්තේ රණවිරු සේවා අධිකාරිය පමණක් බවත් එම ආයතනය රණවිරුවන් වෙනුවෙන් බොහෝ උත්සාහ දරුවත් ඔවුන්ට හිමි ප්‍රතිපාදන නොමැති බවත් යුද්දෙ දිනන්න ප්‍රතිපාදන තිබුණත් ආබාධිත රණවිරුවන් එවැනි දෙයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුල රණවිරුවන් සවිබල ගැන්වීමට වන් රෑන්ක් වන් පේ කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යයන සිදු කරන බවත් එය රටේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

රජය රටේ රණවිරු කප්පාදුවක් කිරීමේ සූදානමක් ඇති බවත් ලක්ෂ 30ක වන්දියක් ලබා දී සිවිල් ආරක්ෂක නිලධාරීන් පවා කප්පාදු කිරිමට කටයුතු කරන බවත් ඔවුන්ගේ අනාගතය ගැන රජය නොසිතන බවත් ඔවුන් ඉලක්කම් ගැන පමණක් සිතා කටයුතු කරන බවත් රජයට මනුෂ්‍යකමක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ අකටයුතුකම් නිසා මේ වන විට රටේ දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවයි.

තුන්ඩුවෙන් රට වහපු අය අලුත් නාට්‍යයක් පටන් අරන්

එසේම මේ වන විට රටේ දැවැන්ත නාට්‍ය රැසක් ක්‍රියාත්මක බවත් අධිරාජ්‍යවාදී රටවල්, ව්‍යාප්තවාදයට විරුද්ධ වීම වැනි දේවල් මුලික කර ගෙන රටේ භීෂණයක් ඇති කර තුන්ඩුවෙන් ආයතන වැසුණු යුගයක් තිබුණු බවත් මරණයක් පවා දණහිසෙන් ඉහලට එසවීමට නොදුන් යුගයක් පැවති බවත් රාජ්‍ය නොවන සිවිල් ත්‍රස්තවාදී කණ්ඩායම් ඇදිරි නිතිය පනවා විද්වතුන් මහා සංඝරත්නය කලාකරුවන් මරා දැමූ මිනිමරු යුගයක් තිබූ බවත් එම යුගය අමතක නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු කෙනෙක්ව පළමු වරට අත්අඩංගුවට ගනී! කාර් එකේ කොටුවට ගිහින් ඩොලර් මාරුකරලා සල්ලි අතේ තියෙද්දි ඇල්ලුවලු! සල්ලි දීලා තියෙන්නේ දේශපාලඥයෙක්ලු! පොලිස් ඇමැති තමයි කියන්නේ! I Sri Lanka Latest News

Next Post

කටුනායකින් ප්ලේන් එකට නගිනකම්ම රහසක් විදිහට තියාගත්ත අනුරලාගේ ඉන්දීය ගමන! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.