• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවත් නොමග යවපු අනුර 50%ක් ගන්නවා කියපු බොරු මතවිමසුමේ හෙළුව හෙට අනිද්දාම එළියට! බොරුව ගෙතුවෙ කව්ද? සමීක්ෂණයට හිටියෙ කී දෙනාද? ගුවන්ගත කළේ කව්ද? තුෂාර ඉඳුනිල් ඔක්කොම හොයාගෙන! I Sri Lanka Latest News

February 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයට සියයට 50 ක ජනතා වරමක් තිබෙන බවට සඳහන් සමීක්ෂණ වාර්තාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරු තොරතුරු සොයාබලමින් සිටින බවත් එම සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් ළඟදීම හෙළි කිරිමට නියමිත බවත් එම සමීක්ෂණ වාර්තාවෙන් ඉන්දියාවත් නොමග යවා තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ පිළිබඳව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේද පැවැසීය.

‘‘ජනාධිපතිගේ රාජාසන කතාවේ අලුත් දෙයක් අපි දැක්කේ නෑ. ජනාධිපති ධූරයේ රැදි සිටිමිට නියමිත මාස කිහිපය ගැන ඔහු විශාල කතාවක් ප්‍රකාශ කළා. රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් අපි ජනාධිපතිගේ රාජාසන කතාවෙන් දැක්කේ නෑ. ජනාධිපතිවරයා සිය රාජාසන කතාව බුදු දහමින් පටන් ගෙන මහා භාරතයේ කවියකින් අවසන් කළ ලස්සන කතාවක් කළා. ඔහු එවැනි කතා කියන්න දක්ෂ පුද්ගලයෙක්. ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා ජනාධිපතිවරයා මෙගා හීන දකිමින් ඉන්නවා. නමුත් ජනතාව තම මාස කිහිපයකින් ඔහුගේ හුළං යවනවා. නිෂ්පාදනය වැඩි කර ගන්න ආකාරය , ආයෝජන වැඩි කර ගන්න ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා රාජාසන කතාවේදී පැවසුවේ නෑ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාවයක් තිබෙන බව ජනාධිපති කිව්වා. නමුත් ඒ විෂමතා ඉවත් කර ගන්න විසදුම් ඔහු කතා කළේ නෑ. බදු ආදායම් වැඩි කර ගත යුතු බවට වන අදහස් ඔහුගේ කතාව තුළ අන්තර්ගත වුණා.

අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගියා. ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන අයට මේක විශාල ජයග්‍රහනයක් කියලා හිතනවා. අනුර කුමාර දිසානායකට ඉන්දියාවෙන් ආරාධනා කළාට පස්සේ ඉන්දියන් ව්‍යාප්තවාදය , ඉන්දියන් බඩු වර්ජනය කරමු , ඇමෙරිකාව හරහා ඉන්දියාවෙන් එන ආක්‍රමණ , අදානිගේ ආයෝජන , සියල්ල අමතකයි. අනුර කුමාර කතා කළ ඉන්දියන් විරෝධය සම්පුර්ණයෙන් අමතක වෙලා. අනුර කුමාර ඉන්දියන් සංචාරය අවසන් කරලා ලංකාවට පැමිණි පසු අදානිගේ ආයෝජන , ව්‍යාපෘති වලට එරෙහිව කතාකරයිද කියලා අපි බලාගෙන ඉන්නවා. රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් තමන්ගේ දේශපාලන ආර්ථික කාරණා ඉටු කරගැනීමට ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස් ගෙන්වලා ඔවුන්ව සතුටු කරලා තුටු පඩුරු දිලා එව්වම ඔවුන් නිශ්ශබ්ද වෙනවා.

ජාතික ජන බලවේගයට සියයට 50 ක ජන මතයක් තිබෙන බවට සඳහන් වන සමික්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. එයින් ඉන්දියාවත් නොමග යවලා තිබෙනවා. ද හින්දු පුවත් පත වගේ පුවත් පතක මෙවැනි දෙයක් පළ කරන්න තරම් බොරුවක් ඔවුන් ගුවන් ගතකරලා තිබෙනවා. මේ සමික්ෂණයට භාජනය කරලා තිබෙන්නේ පුද්ගලයින් 522 යි. පුද්ගලයින් 522 කින් ඉදිරිපත් කළ සමික්ෂණයක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. විද්‍යාත්මක සමික්ෂණයක තිබිය යුතු ලක්ෂණ , තෝරා ගතයුතු නියැදි , යොදා ගන්න ප්‍රශ්න විද්‍යාත්මක විය යුතුයි. මේ පුදගලයින් 522 තෝරා ගත්තේ කොහොමද , මොන ප්‍රදේශවලින්ද. මෙහි විද්‍යාත්මක ක්‍රමය කුමක්ද ?සමික්ෂණයට භාජනය කරන්න තෝරාගත් පුද්ගලයින් 522 නියැදිය කුමක්ද? ඔවුන්ගේ වෘත්තින් , ග්‍රාමිය ද , නාගරික ද , වයස් කාණ්ඩය , ස්ත්‍රී පුරුෂ භාවය මේ 522 ට ඇතුළත් වෙලා තිබෙනවද කියන කාරණය සොයන්න ඕන. මේ සමික්ෂණය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු අවශ්‍ය තොරතුරු සොයාබලමින් සිටිනවා. මේ සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් විසින් හෙළි කරන්න නියමිතයි. මේවා බාල උත්සාහයන්.

සමගි ජන බලවේගය දවසින් දවස ශක්තිමත්වෙමින් අලුත් කණ්ඩායම් විවිධ පක්ෂ එකතු කරගනිමින් පිරිසිදු ගමනක ගමන් කරනවා. සමගි ජන බලවේගය සමඟ ඉදිරියේදී විශාල පිරිසක් එකතුවීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයට දක්ෂයින් , විවිධ වෘත්තිකයින් , වැඩකළ හැකි අය එකතුවෙනවාට අපි එකඟ වෙනවා. අපි ඔවුන්ව පිළිගන්නවා. මේ එකතුවීම් මහා කුණාටු හැටියට දකින පිරිසකුත් ඉන්නවා. පක්ෂය වෙනුවෙන් කැප කිරිම් කළ බොහෝ අය සිටියදී සරත් ෆොන්සේකාට සමගි ජන බලවේගයේ ඉහළම තනතුරක් ලබාදුන්නා. ඔහු තමන්ගේ දේශපාලන පරිනතභාවය මීට වඩා ඉහළ මට්ටමකින් පෙන්වයි කියන දේ අපි බලාපොරොත්තු වෙනවා. ඔහු යුද හමුදාවේ ඉහළම තනතුරින් පිදුම් ලැබුවට දේශපාලනයේදී ඉතාම පහළ මට්ටමේ නිලධාරියෙකු ලෙස තමයි හැසිරෙන්නේ. සරත් ෆොන්සේකා යුද හමුදාවේ දක්වපු පරිනතභාවය දේශපාලනය තුළත් දක්වන්න. දූෂණ චෝදනා නැති පිරිස හැර පිරිසිදු දක්ෂතා ඇති පුද්ගලයින් මගි ජන බලවේගයට සම්බන්ධ වෙනවාට අපි කැමතියි. අපිට පක්ෂයේ තිබෙන ස්ථාන වුණත් ඒ පුද්ගලයින්ට දෙන්න අපි කැමතියි. පක්ෂයට පැමිණෙන පුද්ගලයින් තමන්ට අභියෝගයක් ‍වෙයි කියලා හිතෙනවානම් එය දේශපාලන පරිණතභාවය නෙවෙයි.

ආණ්ඩුව කිව්වා සජබවෙන් පිරිසක් එනවා එනවා කියලා. නමුත් ජනාධිපතිවරණය පෙනි පෙනි තිබියදි තවම සමගි ජන බලවේගයෙන් ගියපු පුද්ගයෙන් නෑ. සමගි ජන බලවේගයේ කිහිප දෙනෙක් දේශපාලනයේ පොදු වැඩවලට ජනාධිපති හමුවෙන්න ගියාට ඔවුන් සමගි ජන බලවේගය අතහැර ආණ්ඩුවට යන්නේ නෑ.

බාල බෙහෙත් ගෙන්වපු සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය පමණක් විතරක් නෙවෙයි කෙහෙළිය රඹුක්වැල්ලව විශ්වාස භංග යෝජනාවෙන් ආරක්ෂා කර ගන්න අත උස්සපු සියලු දෙනා මේ පාපයට වගකිව යුතුයි. කෙහෙළිය කළේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වීම , මුදල් වංචාව විතරක් නෙවෙයි. රටේ ඉන්න පුරවැසියන්ගේ ජිවිත සමඟ තමයි ඔහු සෙල්ලම් කළේ. කෙහෙළියට සාවාද්‍ය මනුෂ්‍ය ඝාතනය කියන චෝදනාව යටතේත් දඩුවම් ලැබෙන්න ඕන.‘‘

SendShareShare
Previous Post

කඳ බඩ තිබ්බට මීහරක් බලාගත්ත අයට කෝච්චිවල වඩේ විකුණනවා වගේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ හැසිරෙන්න දෙන්න එපා! කතානායකතුමාට මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරට පස්සේ ඉන්දියාවට ගිය නාමල්-ලිමිණි ජෝඩුව අලුතින් ඉදිකළ අයෝධ්‍යාවේ රාම කෝවිලේ විශේෂ පූජාවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.