ඉකුත් ජනවාරි 22වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුමේ දී පුද්ගලයින් 05 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක්වන කටුදම්පේ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගත් මොහු මෙම සිද්ධියේ 11 වන සැකකරු වේ.
මියගිය අය අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ද විය. එසේම මියගිය අනෙක් සිව්දෙනා සමීර මධුසංඛ, හසිත චිංසුක, බුද්ධික රාජපක්ෂ සහ නලින් චම්පික යන අයයි. මෙම වෙඩි තැබීමට යොදාගත් ජිප් රථය පසුව ගාල්ල විද්‍යාලෝක පිරිවෙන අසල නවතා තිබියදී සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකි විය.
බෙලිඅත්ත පොලීසිය මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.










