රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබෙනවා. ඒ, වෛද්‍ය නිර්දේශ මතයි.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක පැවසුවා.
පසුගිය සිකුරාදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.











