තීරණාත්මක ආණ්ඩු පක්ෂ රැස්වීම අද (08) සවස 6ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය පිළිබදවත්, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.










