බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් අද (07) දින පැවැති ‘විශේෂ සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ රැස්වීමකදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ තීරණ රැසක් ගැනීමට පියවර ගෙන තිබේ.
- සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීම.
- සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ලියාපදිංචි වී ඇති ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් අවම වශයෙන් එක් බෙහෙත් ශාලාවකටවත් ඇඳිරි නීති කාලය තුළ ස්වකීය සේවාවන් ජංගම වශයෙන් පවත්වාගෙන යාමට අවසර ලබා දීම.
- මේ දිනවල විශාල වශයෙන් පරිභෝජනයට ලක්වී ඇති බෙහෙත් ද්‍රව්‍ය වන කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
- අසාධ්‍ය රෝගීන් නිවෙස් වලට පැමිණ පරීක්ෂා කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන්ට රෝගීන් ගේ වාසස්ථාන වෙත ගමන් කිරීමට අවසර ලබාදීම.
- ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි වී දීර්ඝව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ගේ බෙහෙත් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ඒ ඒ රෝගීන් සිටින නිවාස වලට රැගෙන ගොස් භාර දීම










