දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගම් පවසති.Sri Lanka Latest News
සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා,
“මීට කලින් ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළා. එතනින් නතර නොවී ඊයේ නැවත වතාවක් ඩීසල් මිල රුපියල් 5කින් වැඩි කළා. මේ නිසා අනිවාර්යයෙන්ම බස් ගාස්තු වැඩි විය යුතුයි.”
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
“අපි අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරනවා. මේ වෙලාවේ අවම බස් ගාස්තුව රුපියල් 35ක් වත් වෙයි. බලෙන් හරි කරනවා.”
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති ඒ.එච්.රුවන් ප්‍රසාද් මහතා පැවසුවේ වැට් බලපෑම සහ ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති බවය.
මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසන්නේ ඉන්ධන මිල ඉහළ ගියද ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවය.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ඒ බව පැවසීය.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුද ඉහළ නැංවීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.










