• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජයගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මනා වත් වතුරෙන් වළ නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා…’(Sri Lanka Latest News)

අධ්‍යාපනය ලැබීම යනු ‘ඇස් පෑදීම’ යන වහරද අප සමාජයේ කොතෙකුත් භාවිත වෙයි. එහි අදහස අධ්‍යාපනය ලැබීමෙන් ලෝකය නිවැරදිව දැකීමේ අවස්ථාව හිමිවන බවය.

ජනවාරි 24 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර අධ්‍යාපන දිනය නිමිත්තෙන් අප සැරසෙන්නේ, ශ්‍රී ලංකාවේ දිළිඳුම දිස්ත්‍රික්කවලින් එකක් ලෙස සැලකෙන මොනරාගල ඉපිද, ‘වදන් කවි පොතේ’ සඳහන් වන පරිදි අල්ලට සිඟාවත් රස නැති කැවිලි කමින්, ඇල්මෙන් අකුරු ඉගෙනගෙන ලෝකය ජය ගත් සුවිශේෂ පුද්ගලයකු හඳුන්වා දීමටය.

ඔහු නමින් සුගත් රත්නායකය. ඔහු මොනරාගල, දඹගල්ල නමැති දුෂ්කර ගම්මානයේ ඉපිද, ගමේ පාසල වන දඹගල්ල පියරතන මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලබන තෙක් අධ්‍යාපනය ලැබූ ඔහු මේ වන විට චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි.

මේ සියලු දුර ඔහුට තරණය කිරීමට මග සැකසුණේ අධ්‍යාපනයේ මහිමය නිසාමය.

‘මගේ පාඩම් කාමරය වුණේ හේනේ සහ කුඹුරේ පැල’

හේන් සහ කුඹුරු ගොවිතැන්වල නිරත වූ මව සහ පියා සමග සහෝදර සහෝදරියන් 11 දෙනකුගෙන් සමන්විත පවුලක ඉපිද අධ්‍යාපන කටයුතුවල සාර්ථකව නිරත වීම සුගත්ට එතරම් පහසු කටයුත්තක් නොවීය.

‘මම හැදී වැඩුණේ ගමේ. මගේ පාසල මොනරාගල, දඹගල්ල පියරතන මහා විද්‍යාලය. සරසවි වරම් ලබන තෙක්ම ඉගෙන ගත්තේ මේ ගමේ ඉස්කෝලෙන්. අම්මයි තාත්තයි කුඹුරු හා හේන් ගොවිතැන් කළේ. ඒ නිසා මම බොහෝ විට පාඩම් කළේ හේනේ හරි කුඹුරේ හරි ඉඳලා. හේනේ කුඹුරේ පැල තමයි මගේ පාඩම් කාමරය වුණේ.

මම පාසල් ගිය කාලයේ අපේ ගමට විදුලිය තිබුණේ නැහැ. අපි පාඩම් කළේ මේස ලාම්පුවෙන් නැතිනම් කුප්පි ලාම්පුවෙන්. මගේ මතකයේ හැටියට 2010දී වගේ තමයි අපේ ගමට විදුලිය ලැබුණේ. වැහි දවස්වලට ඉස්කෝලෙ යන්න බැහැ. ඇළවල් උතුරලා. පාරවල් මඩවෙලා.

අපේ පවුලේ අම්මයි තාත්තයි එක්ක 13 දෙනෙක්. ඉතින් අම්මයි තාත්තයි උපයපු සියලු මුදල් වැය කළේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ දෙන්නා නිසා තමයි අද අපි මේ වගේ තැන්වල ඉන්නේ. නමුත් අපේ දියුණුව දකින්න අද ඒ දෙන්නාම ජීවතුන් අතර නැහැ’ සුගත් රත්නායක සිය කටුක අතීතය ආවර්ජණය කළේ එලෙසය.

සිය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා තමන්ට ඇති එකම මාර්ගය සාර්ථක අධ්‍යාපනයක් ලැබීම පමණක්ම බව සුගත් රත්නායක කුඩා කල සිටම වටහාගෙන සිටියේය.

‘ඇත්තටම මම මුලදීම වටහා ගත්තා අපි වගේ අයට ජීවිතය ජයගන්න තිබෙන එකම මාර්ගය හොඳින් ඉගෙන ගැනීම විතරයි කියලා. අනික මම දැක්කා අපේ අම්මයි තාත්තයි අපිට උගන්වන්න විඳපු දුක. ඉතින් ඒ නිසා ඔවුන්ගේ කැපවීමට මම සාධාරණයක් කළ යුතුයි, ඉදිරියේදී ඔවුන් රැකබලා ගත යුතුයි කියලා හැම වෙලාවකම හිතුවා. ඒ වගේම ඉස්කෝලේ මට උගන්වපු ගුරුවරුත් මම ගැන ඉහළ බලාපොරොත්තු තියාගෙන හිටියා හොඳින් විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට යයි කියලා. ඒ නිසා මම ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියන චේතනාවෙන් දැඩි කැපවීමකින් සහ මහන්සියෙන් ඉගෙන ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මට විශ්වවිද්‍යාල වරම් ලබන්න පුළුවන් වුණේ.’

කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසි සුගත්, ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත්තේය. එහෙත්, ඔහුගේ දැඩි කැමැත්ත වූයේ, මාධ්‍යවේදියකු බවට පත්වීමය. මාධ්‍යවේදියෙකු වීමේ අරමුණින්, ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදීම ‘දිනමිණ’ සහ ‘ලංකාදීප’ වැනි ජාතික පුවත්පත් කිහිපයක නිදහස් ලේඛකයෙකු ලෙස ද කටයුතු කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම ද නියෝජනය කළ ඔහු, උපාධිය ලැබීමට පෙර, ජනමාධ්‍ය, පරිගණක සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා කිහිපයක්ම සාර්ථකව නිම කළේ, උපාධිය ලබාගැනීමෙන් පසු රැකියාවක් සොයාගැනීම පහසු කරගැනීමටය.

‘මේ නිසා උපාධිය ලබාගත්තට පස්සේ මට රැකියාවක් හොයාගන්න අපහසු වුණේ නැහැ. රැකියා පෝලිම්වල ඉන්න වුණෙත් නැහැ. දේශපාලනඥයන් පසුපස ගියෙත් නැහැ. ඉතින් අද ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ටත් මෙය ආදර්ශයක් කියලා මම හිතනවා. අපි විශ්වවිද්‍යාලවලින් පිටවෙන කාලයේ ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් බහුතරයක් හිටියා. ඔවුන් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා මාරාන්තික උපවාස පවා පැවැත්වූවා.

ඉතින් අපි අවබෝධ කරගන්න ඕනෙ, අපට රැකියා නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ ඒකට අපි පිළිතුරු හොයන්න ඕන. මම හැදෑරුවේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක්. නමුත් මම ජනමාධ්‍ය පිළිබඳ හැදෑරීම් ද නොකඩවාම කරගෙන ගියා. ඇයි මම එහෙම ක්ෂේත්‍ර දෙකක හැදෑරීම් කළේ? රටේ පැවැති විරැකියා වාතාරණය තුළ මොන ක්ෂේත්‍රයකින් හරි ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හිතලා’ සුගත් රත්නායක පැවැසීය.

මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීම

‘ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් හැදෑරුවාට ඇත්තටම මගේ වැඩි කැමැත්ත තිබුණේ මාධ්‍යවේදියෙක් වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම තමයි මම උසස් පෙළ විභාගයෙන් පස්සෙත්, විශ්වවිද්‍යාල කාලය තුළත් එකතු කරගත්තේ. ඉතින් විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ අවසාන කාලයේ මම සිරස ප්‍රවෘත්ති අංශයට අයදුම්පතක් යොමු කළා. මාස කිහිපයකට පස්සේ මට සම්මුඛ සාකච්ඡාවට එන්න කිව්වා.

ඉතින් වට තුනක් සම්මුඛ සාකච්ඡා පවත්වලා මම ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට සිරස ප්‍රවෘත්ති අංශයට බඳවා ගත්තා. ඒ තමයි මගේ වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ආරම්භය. සිරස ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ආදී වශයෙන් විවිධ තනතුරු දරමින් අවුරුදු 13ක් පමණ සේවය කළා. සිරස ප්‍රවෘත්ති අංශය කියන්නේ වෙනම පාසලක්. එහිදී මා ලද අත්දැකීම් බොහෝයි.’

චීන ගුවන් විදුලියේ සිංහල උපදේශකයෙකු වීම

චීන ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකවරයකු ලෙස පත්වීම සිය වෘත්තීය ජීවිතයේ ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව සුගත් රත්නායක පවසයි. එම අවස්ථාව හිමිවූ ආකාරය ඔහු මෙසේ පැහැදිලි කළේය.

‘සිරස ප්‍රවෘත්ති අංශයේ සේවය කරන අතරතුර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයට උපදේශකවරයෙක් බඳවාගන්න කොළඹදී සම්මුඛ පරීක්ෂණ පවත්වන බව මගේ යහළුවෙක් මට කිව්වා. ඒ වෙන කොට රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන රැසක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී තිබුණා. මම තමයි මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණු අන්තිමයා. අවසානයේදී මාව තමයි ඒ සඳහා තෝරාගෙන තිබුණේ. ඇත්තටම මේක මගේ වෘත්තීය ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක් වගේම මාධ්‍යවේදියකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙසයි මා දකින්නේ. ඒ අනුව වසර 4ක් මම චීනයේ බෙයිජිං නුවර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකවරයකු ලෙස සේවය කළා.’

චීන සිසුන්ට සිංහල ඉගැන්වීමට අහම්බෙන් ලැබුණු අවස්ථාව

වසර 4ක් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සේවය කළ සුගත්, 2020 වසරේ ලෝකය වෙළාගත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේය. කොවිඩ් නීති අනුව ඔහුට චීනයේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු විය.

සුගත් රත්නායකට යුන්නාන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වීමට අවස්ථාව හිමි වූයේ, එකී අවසරය ලබාගැනීමේදී ඇති වූ ප්‍රමාදය හේතුවෙනි.

‘මේ අවසරය එන්න ටික කාලයක් ගතවුණා. ඒ අතර තමයි යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයට එන්න කියලා මට ආරාධනා කළේ. ඉතින් මම ඒ ආරාධනය පිළිගත්තා. ඒ අනුව අපි 2020 සැප්තැම්බර් මාසයේ ළමයි 20 දෙනකුගෙන් සිංහල අධ්‍යයන අංශය ආරම්භ කළා. මම තමයි එහි පළමු විදේශීය කථිකාචාර්යවරයා. මාත් සමග තවත් චීන කථිකාචාර්යවරියන් තුන් දෙනෙක් අප අධ්‍යයනාංශයේ වැඩ කරනවා. ඇත්තටම මෙය භාෂා අධ්‍යයන අංශයක් වුණාට අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය, ආර්ථිකය, දේශපාලනය, සාහිත්‍ය, කලාව මේ සියල්ලක්ම උගන්වනවා.

ඇත්තටම, මට යුන්නාන් විශ්වවිද්‍යාලයට එන්න කියලා මේ ආරාධනය ලැබුණේ මගේ අධ්‍යාපන පසුබිම සහ වෘත්තීය පළපුරුද්ද හේතුවෙන්. ශාස්ත්‍රවේදී උපාධියෙන් පස්සේ රැකියාව කරන අතරතුර තමයි මම ශාස්ත්‍රපති උපාධියත්, දර්ශනපති උපාධියත් දෙකම හැදෑරුවේ’ සුගත් රත්නායක පැවසීය.

අධ්‍යාපනය පළමු උපාධියෙන් නතර නොකළ යුතු බව සුගත් රත්නායකගේ අදහසයි.

‘අද බොහෝ දෙනෙක් රැකියාවට ගියාට පස්සේ පළමු උපාධියෙන්ම අධ්‍යාපනයට තිත තියනවා. ශාස්ත්‍රීය හෝ වෘත්තීයමය පැත්තෙන් ඉදිරියට යාමක් ගැන හිතන්නේ සීමිත පිරිසක්. ඉතින් ඒකට කාටවත් බණින්න බැහැ. ඒකටත් විවිධ හේතු තියෙනවා. නමුත් මම කියන්නේ කුමන බාධක පැමිණියත්, තරුණ පරම්පරාව රැකියා පළපුරුද්ද වගේම අධ්‍යාපන හා වෘත්තීය කටයුතුවලිනුත් ඉදිරියට යන්න මහන්සි වෙන්න ඕනෙ.’

චීනයේදී ලැබූ ජයග්‍රහණ

චීන ගුවන් විදුලියේ සේවය කරන සමයේ ඔහුට චීනයේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමටත්, විවිධ උත්සවවලට සහභාගි වීමටත් අවස්ථාව සැලසිනි. චීන සංස්කෘතිය හැදෑරීමට, විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඇසුරු කිරීමට ඔහුට ඉන් අවස්ථාව හිමි විය. යුන්නාන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ඇරඹීමෙන් පසු ඔහුට තවත් දොරටු රැසක් විවර විය. ඔහු එහිදී විදේශීය කථිකාචාර්යවරයකු ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් විය.

China Daily මාධ්‍ය ආයතනයේ සත්කාරකත්වයෙන් පැවති My Campus Story නමැති ජාත්‍යන්තර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීම ඒ අතර ප්‍රධානය. රටවල් 115කින් ජාත්‍යන්තර සිසුන් ඉදිරිපත් කළ රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ 1,474ක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සුගත් රත්නායක සමත් විය.

ඊට අමතරව, චීනයේ යුන්නාන් පළාත් රජයේ තොරතුරු කාර්යාලය සහ විදේශ රටවල් සමග මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා යුන්නාන් පළාත් ජනතා සංගමය සම අනුග්‍රහයෙන් පැවැත්වූ Love Yunnan iYunnan නමැති කෙටි වීඩියෝ සහ රචනා තරගයෙන් විශිෂ්ටතා සම්මානයක් (Excellent award) ද ඔහුට හිමි විය. ඒ, රටවල් 37ක විදේශිකයන් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ 80ක් සහ රචනා 59ක් අතරිනි.

එමෙන්ම, පසුගිය කාලය පුරා විවිධ මාතෘකා ඔස්සේ චීනයේ පැවති ජාත්‍යන්තර සමුළු රැසක් ආමන්ත්‍රණය කිරීමට ඔහුට අවස්ථාව හිමි විය. ඒ අතර ප්‍රධාන දේශන (Keynote Speech), සමුළු දේශන (Forum Speech) හා උප සමුළු දේශන (sub Forum Speech) ද විය.

යුන්නාන් විශ්වවිද්‍යාලයට සිංහල පුස්තකාලයක්

සුගත් රත්නායකගේ මැදිහත් වීමෙන් යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල පොත් 1000කින් යුත් ‘ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව පුස්තකාලය’ ආරම්භ කිරීමද කැපීපෙනෙන සිදුවීමකි.

‘මේ පුස්තකාලය ආරම්භ කිරීම මම ලැබූ වටිනාම ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය ආරම්භ කරලා අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් පරිත්‍යාගයක් ලෙස මේ පුස්තකාලය ආරම්භ කිරීමට මම වාසනාවන්ත වුණා. මේ හරහා ශ්‍රී ලාංකික අපේ පරිත්‍යාගශීලිභාවය හා මිත්‍රශීලිත්වය ලෝකයට පෙන්නුවා’ සුගත් රත්නායක පැවැසීය.

‘සියල්ල ලැබුණේ අධ්‍යාපනය නිසයි’

‘මට මේ සියල්ල කරන්න පුළුවන් වුණේ අධ්‍යාපනය නිසයි. විශේෂයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන නිදහස් අධ්‍යාපනය නිසා තමයි මට ඉගෙන ගන්න පුළුවන් වුණේ. නැත්නම් අපි වගේ දුප්පත් පවුලක 11 දෙනෙකුට උගන්වන්න දෙමාපියන්ට කොහොමටවත් හැකියාවක් තිබුණෙ නෑ’ සුගත් රත්නායක ප්‍රකාශ කළේය.

ඔහු සිය අත්දැකීම් සහ ජයග්‍රහණ ඔස්සේ තරුණ පරපුරට උපදෙසක් ද දුන්නේය.

‘මම තරුණ පරපුරට කියන්නේ ඔබ කැමති සෑම දෙයක්ම නිසියාකාරව ඉගෙන ගන්න. ඔබට සාර්ථක වෙන්න පුළුවන් අධ්‍යාපනය ලැබීමෙන් විතරයි. අධ්‍යාපනය නිසා ඔබ ලෝකය තුළ මහිමයට පත්වන බව මගේ ජීවිතයෙන් ඉගෙන ගන්න පුළුවන්.’

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

කවුද මේ රෝයල් බීච් සමන් I Sri Lanka Latest News

Next Post

ශ්‍රීධරන් උතුර ආයෙත් පෙරළයිද? මෙන්න ආපු හැටිය කරපු කතා ටික I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.