රටට ආදායම් සොයා දෙන සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, මේ වන විට අදාළ ව්‍යාපාරික ක්ෂේත්‍රවල මිලියනයකට ආසන්න පිරිසකට රැකියා අහිමිවී ඇති බවක් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News)
සුළු පරිමාණ ව්‍යවසායකයන් ආර්ථික පීඩනයට ලක්වෙද්දී රජය වියදම් අඩුකිරීම සඳහා පැහැදිලි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ඇය සඳහන් කළාය.
අද රටේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජනතාවගේ ජීවත්වීමේ අයිතියද උල්ලංඝනය වන තත්ත්වයට පත්ව ඇති බව මෑතක සිට සිදුවන ක්‍රියාදාමයන්ගෙන් පෙන්නුම් කරන බවද ඇය පැවැසුවාය.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ රට කරවන අය සැප විඳිද්දී රට කරවන අය බලයට පත්කිරීමට වෙහෙස වූ පිරිස දුක්විඳින බවයි ඇය පෙන්වා දෙන්නේ.
රටක් නඩත්තු කරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඉදිරියට ගියහොත් පමණක් රටේ ආදායම ඉහළ නංවාගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.
ප්‍රේමලාල් විජේරත්න










