• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනත ගෙනාවා! ත්‍රස්ත පනත ගේනවා! පුනරුත්ථාපන පනත ගේනවා! ආණ්ඩුවේ මේ හදන්නේ දිගටම මර්දනය ගෙනියන්න! 30 කොළඹට ඇවිත් මේ මර්දනකාරී ආණ්ඩුව ‌ගෙදර යවන්න ලෑස්ති වෙමු! අද රෑ පාර්ලිමේන්තු වාරඅවසාන කිරීම පසුපසත් කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

January 26, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සොයාබලා ඒ පිළිබඳ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මෙම කටයුතු විසඳීම කතානායකවරයා සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.

අධිකරණය ඉදිරිපත් කර ඇති කරුණු පිළිගන්නේ නැති පාර්ලිමේන්තුවක් නිර්මාණය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල සම්පුර්ණයෙන් විනාශ වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමේ වගකිම කතානායකවරයා සතු වන බවත් නමුත් කතානායකවරයාගේ පෙර හැසිරීම් දෙස බැලූ විට ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරාවිදැයි කියන ප්‍රශ්නය මතු වන බවත් රාජකරුණා මහතා හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු සිදුවන බව තානාපති කාර්යාල පවසන විට විදේශ රටවල සිටින ආයෝජකයන්ට ලංකාව පිළිබඳව තිබෙන විශ්වාසය නැති වී යන බවත් දේශීය ආයෝජකයන්ටත් මේ හරහා රට පිළිබඳ විශ්වාසයක් නැති වෙන බවත් මෙය ඉතාම බරපතල කාරණයක් බවත් හර්ෂණ රාජකරුණා මහතා කීය.

හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරතේ අදහස් දක්වමින් පැවසුවේ , තව සති කිහිපයකින් ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් වන බවත් ත්‍රස්ත විරෝධී පනතට පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් සහ ලංකාවේ සිවිල් සංවිධානවල විශාල විරෝධයක් තිබුණ බවත් ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක කරන්නේ රටේ ත්‍රස්තවාදය මර්දනය කරන්න නොව ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන රටේ පුරවැසියන් මර්දනය කරන්න බවත්ය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද පැවැසීය.

‘‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව බිහිවුණ දවසේ සිට රටේ ජනතාව මර්දනය කරන්න නොයෙකුත් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. විරෝධතාකරුවන් මර්දනය කරන්න ක්‍රියාත්මක කළ එක් වැඩසටහනක් තමයි විරෝධතා මර්දනය කිරිම සෘජුවම පොලිසිය යෙදවීම. දෙවැනි වැඩසටහන තමයි රටේ ජනතාව මර්දනය කරන්න පාර්ලිමේන්තුව හරහා නීති අණ පනත් ගෙන ඒම.

පසුගිය සතියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පනතට විරුද්ධව විපක්ෂය අධිකරණයට ගියා. ඒ වගේම ජාත්‍යන්තරය ඇතුළ වෙනත් සංවිධාන රැසක් එම පනතට එරෙහිව විරෝධය පළ කළා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන අමතක කරලා ඊට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවිරෝධි වැඩකටයුත්තක් පාර්ලිමේන්තුවේදී සිදුවුණා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවිමේදී විපක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. තුන්වෙනි වර කියවීමේදි ඡන්දය ප්‍රකාශ කිරිමට විරුද්ධතාවයක් තිබෙන බව කතානායකවරයා දැනුම්වත් කළත් කතානායකවරයා වෙනදා වගේම ඒ ගැන සොයාබලන්නේ නැතිව පනත සම්මත වෙලා අවසන් කියලා ප්‍රකාශ කළා.

ඒ වගේම මෙම පනතට අධිකරණය විසින් ලබාදුන් සංශෝධන පාර්ලිමේන්තුව තුළින් ඉටුවෙලා නෑ. මෙම පනත සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන වහාම ඇතුළත් කළ යුතුයි. එසේ නොකළහොත් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් සිදුවෙනවා. පාර්ලිමේන්තුවෙන් යම් අඩුපාඩුවක් ඔනොත් අපිට යන්න තිබෙන එකම තැන තමයි අධිකරණය. අධිකරණයෙන් ලබාදුන් නියෝග පාර්ලිමේන්තුවෙන් ඉටු වන්නේ නැතිනම් එය ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩ කටයුත්තක් බවට පත් වෙනවා.
ප්‍රජාතන්ත්‍රවිරෝධී මෙවැනි වැඩකටයුතු රටේ ආයෝජනයටත් බලපාන බව තානාපති කාර්යාල පවා නිවේදන නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආයෝජකයෝ ගේනවා. රටට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාගන්න ජාත්‍යන්තරයෙන් උදව් ලබාගන්නවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝකය වටේ ගිහින් කියනවා. ජනාධිපතිවරයා හැම මාසේම එක රටකට සංචාරය කරනවා. තව ඔහුට තියෙන්නේ මාස 8 ක් වගේ කාලයක්. ඒ මාස 8 තුළත් රටවල් 8 කට විරත ඔහු යයි. ඊට පස්සේ ගෙදර තමයි යන්න වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු සිදුවන බව තානාපති කාර්යාල පවසන කොට විදේශ රටවල සිටින ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ. දේශීය ආයෝජකයන්ටත් මේවැනි කටයුතු නිසා රට පිළිබඳ විශ්වාසයක් නැති වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු සිදුවෙනවානම් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නෑ. මෙය ඉතාම බරපතල කාරණයක්. ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු වලට පාර්ලිමේන්තුව තුළදිත් ඉන් පිටතදීත් , අධිකරණයේදී ඊට විරෝධය පළ කරනවා.

කතානායකවරයාගෙන් ඉල්ලිමක් කරනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට අත්සන් කරන්න කලින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා පක්ෂ නායකයන් කැඳවලා ,මේ ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වෙනස්කම් සිදුකරන්න කියලා. පනත අත්සන් කළොත් මෙය නීතියක් බවට පත් වෙනවා. එවැනි අවස්ථාවක අධිකරණයටවත් මැදිහත් වෙන්න බෑ. අධිකරණය කියන කරුණු පිලිගන්නේ නැති පාර්ලිමෙන්තුවක් නිර්මාණය වුනොත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල සම්පුර්ණයෙන් විනාශ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමේ වගකිම කතානායකවරයා සතු වෙනවා. නමුත් කතානායකවරයාගේ හැසිරිම දෙස බැලුවහම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරයි කියලා අපිට විශ්වාස නෑ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන ඉටුවෙලා ද නැද්ද කියලා සොයාබලලා ඒ පිළිබඳ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මේ කටයුතු විසඳන්න කතානායකවරයාට වගකීමක් තිබෙනවා.

රට තුළ තිබෙන ප්‍රජාතන්ත්‍රවිරෝධි පනත් සියල්ලට සංශෝධන ගෙන ඒමටත් රටට සුදුසු නැති පනත් අවලංගු කිරිමටත් සමගි ජන බලවේග රජයක් තුළ සිදුකරනවා.

ඒ වගේම තව සති කිහිපයකින් ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. ත්‍රස්ත විරෝධී පනත පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් සහ ලංකාවේ සිවිල් සංවිධානවල විශාල විරෝධයක් තිබුණා. ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක කරන්නේ රටේ ත්‍රස්තවාදය මර්දනය කරන්න නෙවෙයි ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන රටේ පුරවැසියන් මර්දනය කරන්න.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්න යන බවට තොරතුරු වාර්තා වෙනවා. 9 වැනි පාර්ලිමේන්තුවේ හතර වතාවක් පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් වුණාට පසුව පාර්ලිමේන්තුව යළි කැඳවන්න , ඒ සඳහා අවශ්‍ය ලිපිගොනු හදන්න , පාර්ලිමේන්තුවේ තිබෙන කෝප් , කෝපා කමිටු සියලු කමිටු අහෝසි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ප්‍රශ්න සියල්ල අහෝසි වෙනවා. ජනතාව වෙනුවෙන් ඉදිරිපත්කළ යෝජනා සියල්ල අහෝසි වෙනවා. නැවත කමිටු පත් කරන්න විශාල කාලයක් ගතවෙනවා.

මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කරන්නේ මර්දනය යොදාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු වල නියැලෙන්න. 2024 කියන්නේ රටේ සියලු ජනතාවගේ ඊළඟ වසර 5 තීන්දු කරන වර්ශය. ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනාම එකතුවෙන්න. මර්දනකාරි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න රටේ සියලුම ජනතාව ජනවාරි 30 වැනිදා කොළඹට එන්න. ඒ සඳහා සමගි ජනබලවේගය මේ සඳහා නායකත්වය ලබාදෙනවා.‘‘

SendShareShare
Previous Post

නිදහස් දිනට පෙර දින තවත් ලොකු ගිවිසුමක් ගහන්න ආණ්ඩුව තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

‘ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය සේවා සංවිධාන එකමුතුව’ විපක්ෂනායක සජිත් හමුවන්න එයි! සජිත් ආණ්ඩුවෙන් ලොකු ඉල්ලීමක් කරයි! රජයේ ගජමිතුරු ගිනි පොලී ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.